අපරාධඋපුටාගැනීම්

අගමැති හමුවෙන්න බෑ, ජනාධිපති කොමිෂන් තවත් එපා! – කිලිනොච්චි ජනයා කියති

අතුරුදන් කළ තම දරුවන් මියගොස් ඇතැයි කී අගමැති හමුවන්නට අවශ්‍යතාවක් නැති බවත් ඒ වෙනුවෙන් ජනාධිපති පත්කරන කොමිෂන්වලට යන්නට තවදුරටත් සූදානම් නැතැයිද කිළිනොච්චියේ විරෝධතාවයක යෙදෙන මව්පියෝ පවසති.

අතුරුදන්වූ තම දරුවන් පිළිබද යුක්තිය ඉටු කරන මෙන් දින සියයක් තිස්සේ විරෝධතාවක නිරතව සිටින කිළිනොච්චිය අවට ගම්වල ජනයා පසුගිය 30 වැනිදා පෙලපාලියක ගොස් ප‍්‍රාදේශීය ලේකම්ට පෙත්සමක් ද භාර දුන්හ. පැය ගණනකට පසුව ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ උද්ඝෝෂකයන් වෙත පොරොන්දු වූයේ අගමැතිවරයා සමග සාකච්ඡාවක් ලබා දිය හැකි බවයි. ඒ අසා ඔවුහු කෝපය පළ කරමින් අතුරුදන්වූ තම දරුවන් එක්කෝ මිය ගිහින් නැති නම් විදේශගතව ඇතැයි කී අගමැති හමු වීම ප්‍රතික්ෂේප කළහ.

මෙම අවස්ථාවේ උතුරු පළාත් මහඇමති රෙජිනෝල්ඩ් කුරේගේ නියෝජිතයන් පැමිණ ජනාධිපතිවරයා හමුවී තම ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සලසන බවත් ඔහු විසින් මෙම ජනයාගේ ගැටලු පිළිබද කොමිසමක් පත්කරන්නට නියමිත බවත් දන්වා සිටින ලදී. එවිට ඔවුහු තවත් කොමිසමක් පත් කිරීමට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයා හමුව ප්‍රශ්නය සාකච්ඡා කිරීමට පමණක් කැමැත්ත පළ කළහ. දෙසතියක් ඇතුළත එම අවස්ථාව ලබා දෙන්නට දුරකථනයෙන් කතා කළ මහඇමතිවරයා පොරොන්දු විය.

මෙම විරෝධතාව දැක්වීමට කිලිනොච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පාගමනින් යමින් සිටි පිරිස ඉදිරියට පැමිනි එක්තරා පොලිස් නිලධාරියෙක් ඔවුන්ට එසේ පෙළපාළි යන්නට ඉඩ දිය නොහැකි බවත් තම අවවාදය පිළිනොගන්නේ නම් ජල ප්‍රහාර එල්ල කරන බවටත් තර්ජනය කර තිබිණි. එහෙත් විරෝධතා පෙළපාළිය එම තර්ජනය නොතකා ඉදිරියට ගමන් කරන ලදී.


උපුටාගත්තේ : LV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *