අමෙරිකාවේ චිකාගෝ නුවර පසුගිය දින කිහිපය තුළ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 101ක් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පිරිස අතර වයස අවුරුදු 13ක පිරිමි දරුවකු ද වන බව විදෙස් මාධ්‍ය පවසයි.
චිකාගෝ හි දකුණු හා බටහිර ප්‍රදේශවල අදාළ ප්රචණ්ඩ ක්‍රියා උත්සන්න වී තිබූ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරක්ෂක අංශ නිළධාරීන් පිරිසක් ද අදාළ ප්‍රදේශය වෙත යොමු කර තිබේ.
සෑම වසරකම පාහේ චිකාගෝ නුවරින් මෙවැනි සිදුවීම් වාර්තා වන අතර මේ වන විට ගිනි අවි භාවිතය සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.