අපරාධ

ඩී.කේ.පී දසනායක අත්අඩංගුවට, තවත් මාධ්‍ය මෙහෙයුමක්……?

නාවික හමුදාවේ හිටපු මාධ්ය ප්‍රකාශක හා හිටපු මෙහෙයුම් අධ්යක්ෂ කපිතාන් ඩී.කේ.පී දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ 2008 වසරේදී සුදුවෑන් භාවිත කරමින් කොළඹදී තරුණයින් 11 දෙනෙකු පාහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවට අදාළවයි. අද නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දසනායක මහතා අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා සිටියේ ය.

එහිදී මහේස්ත්‍රාත්වරිය පැවසුවේ මෙවැනි චෝදනාවක සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග අවශ්ය නොවන බවයි.

නාවික හමුදාවේ පිරිසක් විසින් මෙම තරුණයින් පැහැරගෙන ගොස් කොළඹ චෛත්‍යපාරේ රදවා ගෙන පසුව ත්‍රීකුණාමලයේ නාවික හමුදා කඳවුරක භූගත ස්ථානයක රඳවා ගෙන සිටි බව නඩුවේ සාක්ෂිවලදී අනාවරණය විය. එවක නාවික හමුදාවේ බුද්ධි අංශය භාරව තිබුනේ කපිතාන් ඩී.කේ.පී දසනායක මහතාටයි.

මෙම අත්තඩංගුවට ගැනීමත් සමඟ වැලලීමට නියමිතව තිබූ අපරාධයක තොරතුරු එලියට එන්නට පටන්ගෙන තිබේ. එහෙත් මියගියවුන්ට සාධාරනය වේයැයි කීමට තාමත් කාලය නොවේ.

ලසන්ත, ප්‍රගීත් , තාජුජීන් වැනි කෙසේහෝ යුක්තිය ඉටුකර ඔවුන්ට වූවේ කිමැක්දැයි දැනගන්නට බලාසිටින සුවහසක් අපේ පරපුරේ මිනිසුන්ගේ ඇස්වලට වැලිගසන්නට මේ වනවිට යහපාලන ආණ්ඩුව සුපුරුදු පරිදි මාධ්‍ය මෙහෙයුමක නියැලෙන්නට කැසකවමින් සිටින්නේදැයි කීමටත් තාමත් කල් වැඩිය.

මරාදැමූවන්ගේ නාමයෙන් ඔවුන්ට සාධාරණය ඉටු කළ යුතුය. අපද දෑස් දල්වා බලාසිටිමු……..

සටහන : වසන්ත බංඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *