ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර්ට රැකවරණයදීම සහ පළායාමට ආධාර අනුබල දීමට සැකපිට රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම සහ ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් වැඩබලන මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටි අතර, කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ලබන 25 වැනි දා තෙක් සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
2015 මැයි 13 වැනි දා ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කරනු ලැබීය. සිද්ධියේ ප්‍රධාන සැකකාර ස්විස් කමාර් හැර කයිට්ස් පොලිසිය විසින් සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගත් අතර, ඊට දින කිහිපයකට පසු ස්විස්කුමාර් ගම්වාසීන් විසින් අල්ලා ගස් බැඳ පොලිසියට බාර දී ඇතත්, පොලිසිය විසින් මොහුව මුදා හැර තිබේ.
සැකකාර ස්විස් කුමාර් මුදාහැරීමත් සමග උරණ වූ ප්‍රදේශවාසීහු අධිකරණයට පවා ගල් ගසමින් ප්රකෝපකාරී ලෙස හැසිරුණු අතර එම සිද්ධියට සැකපිට 200ක් පමණ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබූහ.
අත්අඩංගුවට පත් වන විට ලලිත් ජයසිංහ මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මෙන්ම ඌව පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද කටයුතු කරමින් සිටියේය. ඒ මහතා ලබන සති අන්තයේ නිවාඩු ඉල්ලා තිබුණු බව ද පොලිස් ආරංචි කියයි. විද්‍යා ඝාතන නඩුව යලි ලබන 18 වැනි දා බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, අන්නාලිංගම් ප්‍රේමෂංකර් සහ මානික්කවාසගර් ඉලංචේලියන් මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.
උපුටාගත්තේ අයිතිය බෙබ් අඩවියෙන්