සාමාන්‍ය

ඩි.කේ.පි දසනායක ඇතුළු 6 දෙනා යළි බන්ධනාගාරයට

හිටපු නාවික හමුදා මාධ්ය ප්‍රකාශක ඩි.කේ.පි දසනායක  ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු ලබන 10 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔවුන් අද කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

පුද්ගලයන් 11 දෙනකු වසර 2008 අගෝස්තු 08 වැනි දා සිට වසර 2008 සැප්තැම්බර් මස 17 වැනි දා දක්වා අතුරුදන් වී ඇති අතර, කොටහේන වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකළපුව ඇතුළු ස්ථාන කිහිපයක දී ඉකුත් කාලය තුළ කස්තුරිආරච්චිගේ ජොන් රීට්, රජිව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරිආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් යන අය පැහැරගෙන ගොස් මරා දමා ඇතැයි ඩි.කේ.පි දසනායක  ඇතුළු සැකකරුවන් 6 දෙනාට ඇති චෝදනාවයි. නඩුවේ 7 වන සැකකරු වන ඩි.කේ.පි දිසානායක  නේවාසික ප්‍රතිකාර ලබන බැවින් අද අධිකරණය හමුවට ඉදිරිපත් වී නොමැත.

එම නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්රාත්වරිය පැමිණිල්ල මෙහෙයවන විමර්ශන නිලධාරීන්ට නියෝග කළේ, එම අපරාධයට සම්බන්ධ සියලුම සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. මෙහි විමර්ශන කඩිනම් කරන ලෙස ද මහේස්ත්රාත්වරිය නියෝග කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *