උපුටාගැනීම්සාමාන්‍ය

උමා ඔයේ බලපෑමෙන් බණ්ඩාරවෙල නිවාස 50ක් අධි අවදානම්

උමා ඔය ව්යාපෘතියේ බලපෑම හේතුවෙන් බණ්ඩාරවෙල, දික්අරාව ප්රදේශය ආශ්රිතව නිවාස 50ක් දැඩි අවදානම් තත්ත්වයට පත්ව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානය සඳහන් කළේ, පසුගිය දින කිහිපයේ තම කණ්ඩායම් දික්ආරාව, අළුත්ගම ආදී ප්‍රදේශවල සිදු කළ පරික්ෂණවලින් මෙය ආනාවරණය වූ බව ය.

ඒ අනුව අදාළ නිවාසවලින් පදිංචිකරුවන්ට ඉවත් වන්නැයි දැනුම් දී තිබේ.

මේ අතර එම ප්‍රදේශ ආශ්‍රිතව නිවාස 300ක පමණ ඉරි තෑලීම් සිදුව ඇති බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ය.

එම නිවාස සම්බන්ධයෙන් ද වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක ය.

උපුටා ගැනීම සිරසෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *