(තුන්වසරක ඇවෑමෙන් තාමත් සාධාරණය ලැබී නැත.)
මගේ මහත්තයාට පොලිසිය වෙඩි තිබ්බා මහත්තයෝ. දැන් එයාට අමාරුයි. ඒ මදිවට එයාව හිරේටත් දැම්මා. වෙඩි තිබ්බ පොලිස් නිලධාරියා ගෙදර නිදැල්ලේ ඉන්නවා. මේක අසාධාරණ නැද්ද? ඇයි අපිට මෙහෙම කරන්නේ.’
ඇය හ`ඩා වැටෙන්නීය. ඇයගේ කතාව අසා අපි ගෝණකැලේ වතුයායට ගියෙමු. පස්සර බදුල්ල මාර්ගයේ මඳ දුරකින් හැරී ගෝණකැලේ වතුයායට යා යුතුය. සීතල දේශගුණයේ හැප්පී දලූ නෙළා ජිවිකාව ගෙනියන මෙහි බොහෝ මිනිස්සු දමිළයෝ වෙති.
වෙඩි තැබීම
‘මගේ නම රාසලිංගම් සිවරංජනී රජිනිකාන්ත්. මගේ මහත්තයාගේ නම තමයි ගෝවින්දසාමි රජිනිකාන්ත්. අපිට පුංචි දරුවෙක් ඉන්නවා. අපි 2010 ඉඳලා කොළඹ ලෆීර් මාවතේ තමයි ජීවත් වෙන්නේ. මහත්තයා කොළඹ ඇ`ගලූම් ආයතනයක වැඩකරනවා. මහත්තයාගේ මහගෙදර තියෙන්නේ පස්සර ගෝණකැලේ පහළ කොටසේ. අපි කොළඹ හිටියාට වත්තේ කෝවිලේ වාර්ෂිකව තියෙන උත්සවය බලන්න අනිවාර්යයෙන්ම යනවා. 2014.08.08 රාති‍්‍රයේ අපි කෝවිල් උත්සවය බලන්න කොළඹින් පිටත් වුණා. 2014.08.09 තමයි අපි පරවාකාවඩි බලන්න ගියේ. අපේ පවුලේ මරණයක් ළ`ගදි වුණ නිසා අපිට කෝවිල් යන්න හොඳ නෑ. අපි අපේ දරුවාත් එක්ක පාර අයිනට වෙලා පෙරහැර බැලූවා. ටික වෙලාවකින් කන්ද පහළ ඉඳලා තුන්දෙනක් අපි ඉන්න තැනට ආවා. එයාලා හොඳටම බීලා හිටියේ. එක්කෙනෙක් මගේ ඇ`ගට හේත්තුවෙලා මාව තල්ලූ කළා. මේක දැක්ක මගේ මහත්තයා ඇයි මල්ලි මගේ නෝනා තල්ලූ කරන්නේ කියලා දෙමළෙන් ඇහැව්වා. මගේ තාත්තයා මෙහෙම ඇහැව්වාම එතන හිටිය එක්කෙනෙක් උඹ කවුද යකෝ අපෙන් එහෙම අහන්න අපි කවුද කියලා උඹලා දන්නවාද කියලා කුණුහරුපයෙන් හොඳටම බැන්නා.’
රාසලිංගම් සිවරංජනී කියන ලෙස ගැටුම ඇරඹෙන්නේ මෙතැනින්ය. බීමත් පුද්ගලයන් තිදෙනා පොලිස් නිලධාරීන් බව ඒ වන විට ඔවුන් නොදන්නා අතර ඒ අතරින් එක් අයෙකු තම සැමියාගේ බෙල්ලට මුගුරක් තබා තර්ජනය කළ බවද ඇය පවසන්නීය. මෙම කතාව දිග්ගැස්සී මෙලෙස ඉදිරියට ඇදෙන අතර එක් පුද්ගලයකු (සිවිල් පිට සිටි පොලිස් නිලධාරියකු) පිස්තෝලයක් ගෙන එය ගෝවින්දසාමි රජිනිකාන්තගේ පපුවට එල්ල කළේය.
‘අපිට මොකුත් හිතා ගන්න වෙලාවක් නැහැ. ඒ මනුෂ්‍යයා හොඳටම බීලා වැනි වැනි හිටියේ. පපුවට ඉලක්ක කරලාම වෙඩි තිබ්බා. ඒත් උරහිසට තමයි වැදුණේ. එයාට කලන්තේ ආවා. අපි එයාව වත්තම් කරගෙන පස්සර ඉස්පිරිතාලයට අරගෙන ආවා. මිනිස්සු හොඳටම කලබල වුණා.’
බීමත් පොලිස් නිලධාරියාගේ වෙඩි ප්‍රහාරයත් සමග නොසන්සුන් වෙන කෝවිල් බිමේ මිනිසුන් පොලිස් නිලධාරීන් තිදෙනාට ගල්මුල්වලින් පහරදෙන අතර එහිදී තුවාල ලද ඔවුහු පස්සර රෝහලට ඇතුළු කරන ලදහ.
සමෘද්ධි පාටිය
පරවාකාවඩි උත්සවය තියෙන දිනයේදීම ගෝණකැලේ වතුයායේ පහළ කොටසේ ජීවත්වන සමෘද්ධි නියාමක සුරේෂ් සරවනමුත්තු මහතාගේ නිවසේ දහවල පාටියක් පැවැත්වෙන අතර එම අවස්ථාවට අදාළ පොලිස් නිලධාරීහු තිදෙනාද සිවිල් ඇඳුමින් සැරසී පැමිණියෝය. පාටියේදී පදමට බී වෙරි වෙන ඉහත නිලධාරීන් තිදෙනා සහ පිරිවරගේ ගමනාන්තය වන්නේ කෝවිල් බිමය. වෙඩි තැබීම සිදුවන්නේ එම අවස්ථාවේදීය. දැනගන්නට තිබෙන ලෙස එදින මෙම නිලධාරීන් තිදෙනා ගෝණකැලේ වතුයායට පැමිණ තිබෙන්නේ රාජකාරී කිරීම සඳහා නොවේ. රාජකාරී සඳහා පැමිණෙන්නේ නම් අදාළ පොලිස් ස්ථානයේ ඒ බව වාර්තා වී තිබිය යුතුය.
‘මම කාංචනා දිල්රුක්ෂි. මේ වෙඩි වැදුණු කෙනා මගේ මහත්තයාගේ අයියා. මමත් මේ වෙලාවේ එතන හිටියා. මමයි මගේ මහත්තයායි තමයි අයියාව පස්සර රෝහලට ගෙනාවේ. එතනින් එයාව බදුල්ල ඉස්පිරිතාලයට මාරු කළා. අයියා පස්සර රෝහලේ ඉන්නකොට එතන පොලිස් නිලධාරිනුත් ගෙනල්ලා හිටියා. ඒ වෙලාවේ අයියා ඩොක්ටර්ට කිව්වා අන්න අරයා තමයි මට වෙඩි තිබ්බේ කියලා. එයා පොලිස් නිලධාරියෙක් පෙන්නුවා. එයා පේ‍්‍රමරත්න කියලා පොලිස් කොස්තාපල් කෙනෙක්. එයා තමයි පස්සර පොලිසියේ ගෝණකැලේ භාරව ඉන්නේ. අපි ඉන්නේ කුරුණෑගල. අපි මේ සිද්ධියෙන් පස්සේ ගමට ගියා. පස්සර පොලිසිය ගමට ඇවිල්ලා අපිව හොයලා තියෙනවා. මෙයාලා ගමට කියලා තියෙන්නේ අපි කෝවිලේ රත්‍රං මාලයක් හොරකම් කරන්න හැදුවා කියලා. දැන් අපිට ගමේ ඉන්නත් බැහැ. පොලිසිය අපේ මහත්තයාගේ පවුලේ අයට හරියට හිරිහැර කරනවා.’
මෙම වෙඩි තැබීමට පසුව ඇතිවන ගැටුමෙන් පසුව පස්සර පොලිසිය ගෝණකැලේ වතුයාය පීරන අතර බොහෝ දෙනකු පොලිසියට පහර දුන්නායැයි යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නේය. සමහරුන්ට තර්ජන ගර්ජන කරන්නේය. මේ හේතුව නිසා වත්තේ තරුණ ප්‍රජාව බොහෝ දෙනෙක් මේ වනවිට සැ`ග වී ජීවත් වෙති. ඔවුන් කියන ලෙස ඔවුන්ට බදුල්ල නගරයට හෝ පස්සර නගරයට යා නොහැකි තත්ත්වයක් උදාවී ඇත. මේ වනවිට ගෝණකැලේ වතුයායේ පුද්ගලයන් එකොළොස්දෙනකු පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර එයින් 9 දෙනකු පමණ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. වෙඩිවැදුණ ගෝවින්දසාමි රජිනිකාන්ත් ද දැන් පසුවන්නේ බන්ධනාගාර රෝහලේය. එහෙත් තවමත් වෙඩි තැබීමට හවුල්වූ අදාළ පොලිස් නිලධාරීන්ට ගත් විනයානුකූල පියවරක් හෝ නීතිමය පියවරක් නැත. අපි මේ පිළිබඳව පස්සර පොලිසීයේ ස්ථානාධිපති ටී.එම් රත්නායක මහතාගෙන් කරුණු විමසුවෙමු.
‘ගෝණකැලේ වතුයායේ කෝවිල් උත්සවය තිබුණා. නිලධාරීන් තුන්දෙනෙක් රාජකාරි කළා. මෙයාලා වැඩ කළේ නිල ඇඳුමින් තමයි. කෝවිලේ කට්ටි දෙකක් අතරේ ගැටුමක් තිබිලා තියෙනවා. මේ ගැටුම ටිකක් සැරට ගියාම දෙපාර්ශ්වය ගල් ගහගෙන. ගැටුම වළක්වන්න තමයි අපේ නිලධාරියා අහසට වෙඩි තියලා තියෙන්නේ. ඒ වෙඩි වැදුණ කෙනා ඉඳලා තියෙන්නේ බැම්මක් උඩ. මේ වෙඩිල්ල පොඞ්ඩක් ඈන්ගල් වෙලා මෙයාගේ යාන්තම් වැදිලා තියෙනවා. එයාලා කියුවාට මේක බරපතළ නැහැ. මේ අය පොලිසියට ගල් ගහපු නිසා අපි එකොළොහක් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා. 9 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. මේක සුළු සිද්ධියක්.’ පොලිස් ස්ථානාධිපති කියන සුළු සිද්ධියේදී ගෝවින්දසාමිට යාන්තම් වෙඩි වැදී ඇත. ඔහුගේ බිරිඳ කියන්නේ ඔහුට සැත්කමක් කළ බවය. ඔහුගේ එක අතක් සමග කකුලක් අප්‍රාණික බවය. මේ සියලූම දේට වගකිව යුතු පොලිස් නිලධාරීන්ට විරුද්ධව තවමත් නීතිය කි‍්‍රයාත්මක වී නැත. එහෙත් වෙඩිවැදුණු පුද්ගලයා සිර අඩස්සියට පත්කර ඇත. ඒ පොලිසියට පහර දුන්නා යන චෝදනාව මතය. අවම බලය භාවිත කර උරහිස පසාරු වෙන ලෙස උඩට වෙඩි තැබූ පොලිස් නිලධාරියාට විරුද්ධව පරීක්ෂණයක් නැත. අවම තරමින් මේ කියන දිනයේදී අදාළ පොලිස් නිලධාරීන් බීමත්ව සිටියා දැයි කියා හෝ පොලිසිය සොයා බලන තැනකට ගොස් නැත.
කේ. සංජීව
උපුටාගැනීම රාවයෙන්