අත්තිඩිය ප්රදේශයේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා තිබේ.
පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ය.
සැකකරුවන් පිළිබඳ තොරතුරු කිහිපයක් අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
ඊයේ දහවල් හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු අත්තිඩිය ප්රදේශයේ පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි තබා රුපියල් ලක්ෂ 34 කට අධික මුදලක් කොල්ලකා පලාගොස් තිබුණි.
සැකකරුවන් කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මිය ගියේය.
මියගොස් ඇත්තේ 56 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.