ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තව ත් 80කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
මේ අතර එම ප්‍රදේශයට දෙවන වරටත් ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සහය ව්‍යර්ථ කළ බව ස්පාඤ්ඤ පොලීසිය නිවේදනය කළේ ය.
ස්පාඤ්ඤ මධ්‍ය උපුටා දක්වමන් බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේ, පොලිස් වෙඩි පහරින් ත්රස්තවාදීන් 4 දෙනෙකු ද මිය ගොස් ඇති බව ය. මහමග සිටි පිරිස් යට කරමින් වෑන් රියක් ධාවනය කරවීමට සැලැස්වූයේ ඊයේ පස්වරුවේ ය. බාසිලෝනාහි රම්බ්ලස් නම් වූ සංචාරක ප්‍රදේශයකදී මෙම සිදුවීම වාර්තා විය.
මෙය ත්‍රස්ත ප්‍රහාරයක් සේ සලකා පරීක්ෂණ ක්‍රියාත්මක බව ස්පාඤ්ඤ පොලීසිය නිවේදනය කළේ ය. එරට අග්‍රාමාත්‍ය මරිආනෝ රජොව් ප්‍රකාශ කළේ මෙය ජිහාඩ් ප්‍රහාරයක් බව ය. මේ අතර අරාබි ප්රවෘත්ති ඒජන්සියක් මගින් කෙටි නිවේදනයක් නිකුත් කළ අයි.එස්. ත්රස්තවාදීන් පවසන්නේ, ප්‍රහාරයේ වගකීම තමන් භාර ගන්නා බව ය.
ජනතාවට මහ මගට නොඑන ලෙස පොලීසිය උපදෙස් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ප්‍රහාරයෙන් අනතුරුව බාසිලෝනා නුවර හා අවට දැඩි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක අතර ප්‍රහාරය සඳහා පුපුරණ ද්‍රව්‍ය සකස් කළ බවට සැක කළ හැකි නිවසක් පොලීසිය විසින් වටලා තිබේ.