තමාට එරෙහිව එල්ල කරන යුධ අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් තමන් අවසන් මානූෂීය මෙහෙයුමේ දී යුධ අපරාධ සදහා අනුබල දුන් බවට එල්ල වන චෝදන සත්‍යය නොවන බවත් හිටපු යුධ හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතා පවසයි.
එමෙන්ම එකල පැවති යුද්ධයට අන දුන්නේ වත්මන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බැවින් එම සියළුම චෝදනාවලට වගකිව යුත්තා සරත් ෆොන්සේකා මහතා යැයිද ජගත් ජයසූරිය මහතා අවධාරණය කරයි.
බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව රටවල් කිහිපයක මානව හිමිකම් සංවිධාන එක්ව මෙම චෝදනා එල්ල කර තිබේ.
රෝහල්වලට පහරදීම, සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම, පැහැරගෙන යාම සහ වද බන්ධනයට ලක් කිරීම සදහා ජෙනරාල් ජගත් ජයසූරිය මහතා විසින් නියෝග කර ඇති බවට එම මානව හිමිකම් සංවිධානය චෝදනා එල්ල කර ඇති බවට වාර්තා වේ.
කෙසේ නමුත් එම චෝදනා ගොනු කිරීමට දින කිහිපයකට පෙර ජගත් ජයසූරිය මහතාගේ රාජතාන්ත්‍රික සේවය හමාර කොට නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබිණි.
LT