සාමාන්‍ය

දින දින වැඩිවන වකුගඩු රෝගය

මින් වසර පහළොවකට විස්සකට පමණ පෙරදී අප අසාවත් නොතිබුණ වකුගඩු රෝගය මේ වනවිට සමස්ථ මහවැලි කළාපයන් වසාගෙන ඉතාම සීග්‍රයෙන් පැතිරෙන බව නොරහසකි. දැන් එය රටේ මධ්‍යම කඳුකරය දෙසට ක්‍රමයෙන් ව්‍යාප්තවන පුවතක් අද මාතලෙන් වාර්තා විය. ඒ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති සංවර්ධන කමිටුව හමුවේදීය.

මාතලේ දිස්ත්‍රික්කය තුළින් වකුගඩු රෝගීන් 1989 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය වසන්ගත රෝග වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එහිදි පැවසීය.

විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළින් රෝගීන් 1196ක්, ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්යාසය තුළින් රෝගීන් 187ක්, දඹුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය තුළින් රෝගීන් 156ක්, ගලේවෙල ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාසය තුළින් රෝගීන් 130ක් හා නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළින් රෝගීන් 117ක් ලෙස වකුගඩු රෝගීන් වාර්තා වී තිබේ.

විල්ගමුව හා දඹුල්ල රෝහල් තුළ වකුගඩු රෝගීන් පරීක්ෂාව රෝගීන් වෙත ප්‍රතිකාර කිරීම සඳහා වෙනම ඒකක පිහිටවා අඛණ්ඩව රෝගීන් පරීක්ෂාව හා ප්‍රතිකාර ලබා දීම සිදු කරන බව වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

සටහන: සේන හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *