පානදුර වෙරළ තීරයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.
පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් සිදුවු පහරදීමකින් අදාළ පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇති අතර පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ පානදුර, සාගර මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි අයෙකි.
පුද්ගලයින් තිදෙනෙකු මෙම ඝාතනයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලීසිය විමර්ශන සිදුකරයි.