”උඹ මෙහෙ පතලට එන්න ඉස්සෙල්ල කොහෙද? හිටියෙ…”
”කොළඹ ‘රසීමා’ කියලා හෝටලේක වැඩ කෙරුවා… කුරුඳුවත්තෙ….. උපාලි මහත්තයගේ ගේ ළඟ…”
පතිරණට තම පාසල් කාලය මතක් විය. කොළඹ රාජකීය විදුහලේ එවකට පොල් ගස් හතක් ද තැඹිලි ගස් දෙකක් ද විය. නේවාසික සිසු පතිරණ රාත‍්‍රී කාලයේ දී ඉන්දික ගුණතිලක හා උදය විදාන පතිරණ වැනි යාළුවන් සමඟ මේ සියලූ ගස්වලට නැග පොල් හා කුරුම්බා කඩයි. කුරුම්බා බී පොල් ටික රාත‍්‍රියේම රසීමා හෝටලයට විකුණයි. එම මුදලින් කොල්ලන් සියල්ල හොස්ටල් එකෙන් පැනගොස් චිත‍්‍රපට නරඹයි. ඉන්දික ගුණතිලක අද ප‍්‍රසිද්ධ සමාගමක ජ්‍යේෂ්ඨ කළමනාකරුවෙකි. උදය විදාන පතිරණ පශු වෛද්‍යවරයෙකි. තමා බි‍්‍රගේඩියර්වරයෙකි… පතිරණ නැවත පතල්පොළට ගියේය. ”හත්ඉලව්වේ… රාජා මල්ලි මේ කොල්ල මෙහෙ හිටපුවාවේ.. ඒක අවුල් එකෙක් නෙවේ… අපේ ව්‍යාපාරෙ වැඩවලටත් ගන්න පුළුවන්. අපි දැන් වැඬේ කතා කරමු.. විජේ අයියා පැවසුවෙන් කට්ටියම හරි බරි ගැසී ‘සිරා
පිරිස සන්සුන් වූහ. අමුතු පාළුවක් සමඟ දැඩි නිහඬතාවක් ඇති වුණි. කොහෙන්දෝ පියඹා ආ කවුඩු පනික්කියෙක් කීචි කීචි ගානවාත් සමඟම රාජා කතාව පටන් ගත්තේය.
”අපේ… විජේ සහෝදරය නං දන්නව… ආගිරිස් කොස්තා සහෝදරය… ඊයේ ගොරකවුලේ ආවා…. දැන් ටිකකට ඉස්සෙල්ල ශිල්පිය සහෝදරයත් ආවා… හග්.. තේ ටිකක්වත් දෙන්න බැරි වුණා… මං මෙහේ ආවා… අපිට වැඩ තියෙන්නෙ හෙට තමා… පස්වැනි පන්තියේ සහෝදරවරු දොළොස් දෙනෙක් අද ? එනවා… ප්‍රොජෙක්ට් එකේ යුනියන්‘සහෝදරය ටිපර් එකක කට්ටිය අරගෙන එයි…
සරත් මලය ටිකක් කුස්සියට ගෙහුං අර රාජා මලයට චුට්ටක් උදව් කරපංකො… ජයසේකර කියයි… ”සරත් මලයට වැඩක් කියන්නත් ලෝබයි වගේ… යකෝ.. ඌ උදේ ඉඳන්ම නැහිල නැහිලා ඉන්නෙ…” ජයසේකර කියයි.
” ඕක මොකක්ද කොල්ලෙකුට… උඹ ගිහිල්ල රාජට සපෝට් එකක් දීපං මලය…” මොහොට්ටි ද ඊට එකඟ වෙයි.”හොඳ එකා…” ඔත්තුකරු වහා නැගී සිටි වාඩිය වෙතට පිය නැගුවේය. එය තමාට කෙතරම් වැදගත් සාකච්ඡුාවක් වුව ද ලූතිනන් පතිරණ එතැන බලෙන් රැඳෙන්නට වෑයම් කළේ නැත. අනුනට කිසිදු සැකයක් නොදැනෙන ලෙස හැසිරීම ඔත්තුකරුගේ දක්ෂතාවයි. ජයසේකර හරියට අන්දාගතහොත් කතා වුණ සියල්ල දැනගත හැකිය.
පතිරණ වාඩියේ පොල් ගාන ගමන් කල්පනා කරයි. ආගිරිස් – කොස්තාගේ නම ඇසුණ විට පතිරණට ඉහේ මලක් පිපුණා මෙන් වූයේය. ජවිපෙ යම් ඉහළ මට්ටමක සාමාජිකයකු වන ආගිරිස් කොස්තා අත්අඩංගුවට ගැනීමට ”ප්ලැටූන් ආගිරිස්” නමින් වෙනම යුද හමුදා චන්ඩයක් ස්ථාපිත කර ඇත්තේය. තමා ” ටාගට් වන්” හෙවත් විජේවීර පිළිබඳ කටයුතු කරනවාක් මෙන්ම ආගිරිස් පිළිබඳව කටයුතු කරන වෙනමම පිරිසක් සිටිති. ආගිරිස් හොඳ ඉලක්කයකි. නමුත් ලූතිනන් පතිරණගේ ඉලක්කය වන්නේ ජවිපෙ නායකයායි. තම ප‍්‍රධානීන් වන බි‍්‍රගේඩියර් විමලරත්න හා කර්නල් බලගොඩ තමාගේ ශූරත්වය ගැන පැහැදී සිටිති. තමා ගැන ඔවුන් තබන විශ්වාසය කඩ කළ යුතු නැත. පතිරණ පොල් ගායි. ගසක කරුවකට හිරමණ තලයක් බස්සවා තනා ඇති පතල් පොළේ හිරමණයට වරක දී හෝ දෙකක දී පතීගේ මහපට ඇඟිල්ලේ කනුමහ කැඞී තුවාල විය. පතීට තම මිය ගිය පියා සිහි විය. පතිරණ පොල් ගා කිරි මිරිකා කරවල හොද්ද අතගාන විට විජේ අයියා… දෙකට නැවීගෙන වාඩි ය තුළට ඇතුළු වූවේය. ”හත්ඉලව්වෙ… සරත් මල්ලි උඹට උයන්නත් පුළුවන්ද?” විජේ අයියා අසයි… පතිරණ බයාදු ලෙස සිනාසෙයි.
පැය භාගයක පමණ වූ සාකච්ඡාව නිම වී ඇති සැටියකි. පිරිස් නැවත උස්හඬින් කතා කරයි.
”ජයසේකර සහෝදරය එහෙනං ? එනව නෙ… වේලාහනින්ම වරෙන්.. දන් නැද්ද ? අපේ ආරක්ෂාවත් තියෙනවනෙ. මම උන්ට කියල තියන්නං” රාජා මහ හඬින් ජයසේකර අමතමින්ම නික්ම යයි. එකෙනෙහිම කොහේදෝ.. සිට ට‍්‍රැක්ටරයේ රියැදුරු ද මතු විය.
”හත්ඉලව්වේ කොහෙද බං හිටියෙ?” විජේ අයියා අසයි. කොල්ලා බිම බලාගෙනම ට‍්‍රැක්ටරයට නැගුණි. ඉන්පසු මඞ්ගාඞ් එක මත සවි කළ පෙට්ටියට අත දමා යතුරක් ගෙන එන්ජිම පණ ගැන්වීමට උත්සාහ කළේය. ”කහ්.. කහ්.. කහ්.. ක්රාස්” එන්ජිම මහ හඬක් නැගුව ද පණ ගැන්වුණේ නැත. නැවත නැවත මෙම කි‍්‍රයාවලියම සිදු කරයි.
”…මලේ ඕකේ දැන් බැටරියත් බහියි… මොකේද අවුල.. බැටරියේද?..” කඬේ මල්ලි කටහඬ අවදි කරයි. කොල්ලා ට‍්‍රැක්ටරයෙන් බැස්සේය.. ආයුධ පෙට්ටියේ තිබූ අඩියක පමණ යකඩ දණ්ඩක් ගෙන ස්ටාටර් මෝටරයට ඇන්නේය….
”හත්ඉලව්වේ මල්ලියේ… ඕකත් කැඩිල යයි….” විජේ අයියා කෑගසයි.
උගුර පෑ¥ මොහොට්ටි ” යං අපි පයිං යං… ඕක හෙට ඇවිල්ල හදාගන්න බැරිවයැයි” කියමින් මඳක් ඉස්සරහට ගමන් කරයි. ”ඔහේ හිටපං මොහොට්ටි මලය.. තව ටිකක් බලමු… තල්ලූවක් දාමු…”
පිරිස ඉදිරියට එති. පතිරණ වාඩියේ සිට ඊට විරුද්ධ දෙසින් පැමිණේ…
”විජේ මහත්තයා, පොඞ්ඩක් ඉන්න… මට දොළහෙ යතුර දෙන්න.. මල් නියනකුත් එක්ක..” පතී ඉල්ලීමක් කරයි.
”හත්ඉලව්වේ සරත් මලය උඹට ට‍්‍රැක්ටර් හදන්නත් පුළුවන්ද?” ඔව් විජේ මහත්තය… මම ගැරේජ් එකකත් වැඩ කරල තියෙනවා…”
”පොහ්! ඕකට දොළහෙ යතුර දීල බලපංකෝ…” මොහොට්ටි කියයි….
ගල්ගම්මුල්ල, කඬේවත්ත යනු කුලියාපිටිය හා දඹදෙණිය අතර විසූ යම් ප‍්‍රමාණයක දේපොළකට උරුමකම් කී පවුලකි. පතිරණගේ පියාටත් මැයි ෆර්සූන් ට‍්‍රැක්ටර් දෙකක්ම තිබිණි. ගැමියන් විසින් 135 ලෙස හඳුන්වන මෙම යන්ත‍්‍ර කෑලිවලට ගලවා සවි කිරීමේ හැකියාව පතිරණට තිබිණි. පතිරණ ට‍්‍රැක්ටරයේ ලෙඬේ නිට්ටාවටම දත්තේය.
විජේ අයියා විසින් ට‍්‍රැක්ටරයේ මඞ්ගාඞ් පෙට්ටියෙන් බඩවැලක් බදු වූ කළු පාට කවරයක් එළියට ගති. මඳක් මල බැඳුණ යතුරු කීපයක් එම බඩවැල බඳු පැසෙහි විය. කඬේ මල්ලි මැදිහත්ව දොළහේ යතුර සොයා පතිරණට දුන්නේය. ඉස්කුරුප්පු නියනක් නොවූයෙන් ජයසේකර සරාස් හඬින් තම පසුපස වූ ලී ඇටවුමක තබා තිබූ ඉණේ ගසන උල්පිහියක් ඇද්දේය.
ඉන්පසු මනමේ නාටකය මතකයට නගමින් ජයසේකර උල්පිහිය පතිරණ අතට දුන්නේය.
”හහ් සරත් මල්ලි.. මේකත් තියාගෙන තමා මම මාමණ්ඩිගෙ පිහිපාර කෑවේ… මේක ගනින් මල්ලි… ඔය නට් ටික මේකෙ තුඩින් කරකවපං.”
පතිරණ විගස ගොස්, ට‍්‍රැක්ටරයේ ඉන්ජක්ටරයට ඞීසල් යන බට ලයින් එක ගලවා, කටින් පුස් යන නදින් පිම්බේය. ඞීසල් ෆිල්ටරයට යන ලයින් එක ද බ‍්‍රැකට්වලින් බුරුල් කළ පතී, එය ද සුද්ධ කර සවි කළේය. ඉන්පසු පොම්පය බුරුල් කර චක චක හඬ නැගෙන පරිදි තදින් ගැසුවේය. ෆිල්ටර් බඳුනට ඞීසල් පිරිණි. පිරිස බලා සිටියහ. පතිරණට මතව පියදාස අත්තා සිහි වූයේ ඞීසල් පොම්පය ගහන අතරතුර දී ය.
පියදාස අත්තා යනු පතිරණගේ කිරි අම්මාගේ හෙවත් මවගේ සහෝදරයාය. දඹදෙණියේ මතව ගමේ ජනප‍්‍රිය චරිතයකි. මෙකල මෙන් විදුලි ආලෝකය නොවූ එකල ගමේ ඕනෑම මළ ගෙදරක, මඟුල් ගෙදරක හෝ වෙනත් ඕනෑම අවස්ථාවක දී ද කමත් වැඩ අතර ද ” පැට්‍රො මැච්” නමින් ගැමියා හඳුන්වන ලයිට් එකට හුළං ගැසුවේ පියදාස අත්තාය. වෙනත් කිසිවකු එය කරනවාට හේ කැමැත්තක් දැක්වූයේ නැත. එළිවනතුරු නිදිමරමින් හේ ලයිට් එකට හුළං ගැසුවේ විවිධ උජාරුකම් කියමින්ය.
”ළමයො.. මේකෙ නිපල් එකේ පොඩි ඇදයක් තියෙනවා..’ මෙවුන් මේකෙ මීටරේ කඩල, අතේ ගානට තමයි ඉතින් හුළං ගහන්න වෙන්නෙ”
”ඔය පැට්‍රො මැච් හුළං ඇරල පත්තු කරන්න හොඳ නෑ.” ”හා…. හා.. හොල්ලන්නෙ නැතිව ඕක අරං පලයං” ”මැන්ටලේ කැඩෙයි…” ”බලපං ඔය මැට්.. කට්ට දිහා” පතිරණ පියදාස අත්තාගේ වචන මාලාව මතක් කරයි. ට‍්‍රැක්ටරය අලූත්වැඩියාව අවසන්ය. පතිරණ බයා¥ ලෙස කතා කරයි ”ට‍්‍රැක්ටරේ අයිය…. දැන් ගහල බලන්න”
ට‍්‍රැක්ටරය පණ ගැන්විණි. පිරිස ඊට නැග්ගේය… රාජා, පතිරණ හා ජයසේකර පමණක් වාඩියේ තනි විය. පිසූ ආහාර වළං හොඳින් වසා තබා ජයසේකරත්, රාජාත්, පතිරණත්, කොට්ටර ආර නම් දිය පහරකට පැන හොඳින් නෑහ. පතිරණගේ ගත හිත දෙකම කුල්මත් විය. ආගිරිස් කොස්තා නම් ජවිපෙ නායකයා පණපිටින් දෑසින් දැක ගැනීමට හේ පෙරුම් පිරුවේය.
හොඳින් නාගත් පිරිස නැවත වාඩියට පැමිණෙන විට හොඳටම බිම් කරුවල වැටී තිබුණා පතිරණට මතකය.
බි‍්‍රගේඩියර් පතිරණ තම සුවපහසු සයනයේ තබා තිබූ අතිරේක කොට්ටයක් ගෙන පපුවට හිරකරගත්තේ අනිච්චානුගත කි‍්‍රයාවක ප‍්‍රතිඵලයක් ලෙසයි.
”ඔත්තුකරුවා සැමවිටම ‘සතුරෝ’ සමඟ නොව ‘සතුරෙක්’ සමඟ කි‍්‍රයා කළ යුතුය.” මෙය වැදගත් සිද්ධාන්තයකි. පතිරණ එය අකුරට පිළිපැද්දේය. ඔහු ජවිපෙ මැදට පනිනවාට වඩා ජයසේකර මඟින් සිදු වන සියල්ල දැන ගැනීමට කැමැති විය. තමා පෙරත්ත කළහොත් අද? ජවිපෙ රාජාගේ බලකොටුවට තමා ද රැගෙන ජයසේකර ගමන් කරනු ඇත. එහෙත් වඩා යෝග්‍යම දෙය වන්නේ හෙට උදේට ජයසේකරගෙන් එහි විස්තර අසා දැන ගැනීමයි. ඔවුනට තමා අවශ්‍ය වූවොත් පමණි, පතිරණ ගොරකවුල ජවිපෙ කඳවුරට යා යුත්තේ.
කන් කඩාගෙන යන හූ හඬක් බඳු නාදය පතිරණ මීට පෙර අසා ඇත. ඒ උලමාගේ නාදයයි. උලමා යනු පුංචි කුරුල්ලෙකි. පුත්තලමේ ජෝතිපාල බාප්පා වරක් පතිරණට උලමකු පෙන්වීය. කුරුල්ලා පොඩි වුව ද නාදය භයංකරය. පතිරණ ද උලමකු වන්නට සිතීය. ලූතිනන්වරයකු යනු හමුදාවේ ඉතා කනිෂ්ඨ නිලයකි. පතිරණ යුද හමුදා ලූතිනන්වරයෙකි. ඔත්තුකරුවෙකි. ”කොහොමද? ලූතිනන් පතිරණ විජේවීර… ජේ.වී.පී.නායකයා ගත්තොත්?”… පතිරණට සිතේ.
ජයසේකර, උලමා ගැන ද බෝදිලියා නම් කටුසු අවතාරයක් ගැන ද තවත් බොහෝ කැලෑ ජීවිතයේ හොල්මන් අවතාර ගැන ද කීවේ බත් කන ගමන්ය. එක කරෝල කට්ටකට එකක් බැගින් ජයසේකර කතා කීවේ, කතාව කියා නිම වන තුරුම කරවල කට්ට සූප්පු කරමිනි. පතිරණ බියපත් වූ බවක් පෙන්වීය. පිඟාන හෝදන්න එළියට පවා ගියේ ජයසේකර සමඟිනි.
”ජයසේකර අයියෙ…”
”ඔව් සරත් මල්ලි…”
”අයිය ? කොහෙද යනව කීව නේද?”
”අහ්… සරත් මලය.. මං රාජගෙ ගෙදර යනවා… එහෙට ව්‍යාපාරේ සහෝදරවරු වගයක් එනවා….. හෙට උදේට උයා පිහල තියල මං උදේම එනවා… හෙට පතල් වැඩ නැති හින්ද උඹටයි මටයි දෙන්නටම ගිහින් දවල්ට උයන්න උදව් වෙන්න පුළුවන්…”
ජයසේකර මොකක්දෝ ගසක කට්ටකින් තම දත් හාරයි…. ඉන්පසු කාරා කෙළ ගසා.. ”මලේ උඹ රාජා එක්ක බුදිය ගනිං….”යයි පවසා.. පතිරණ දෙස බලයි…
”අයිය දැන්ම යන්නද?”
”ඔව් එතැන ගාඞ් එකේ සහෝදරයො ඉන්නවා.. හෙල්ලූණු ගමන් ”වෙදා” කියන්න ඕන.. එතකොට උන් ”හොඳා” කියල කීවොත් හරි… අද ? වෙදා.. හොඳා තමා මුරපදේ….” පතිරණ අසරණ ලෙස ජයසේකර දෙස බැලීය… ”උඹ බයවෙන්න එපා සරත්… මං මේ ළඟමයි ඉන්නෙ… ඔය රාජා ඉන්නෙ…. ඉතින් බුදියපං…”
පළමු පතල් රාති‍්‍රයේ පතිරණ ? මැදියමේ අවදි වුණේ කොහෙදෝ සිට පැමිණි බලූ නැට්ටකු පතිරණට තුරුලූ වීමට ගත් උත්සාහයෙනි. ඌ පොල් අතු ආවරණය තුළින් රිංගා ආවා විය යුතුය. පතිරණට කරවල කපද්දී කරවල කැබැල්ල පිහිය මත තබා ඊට පහර දුන් පොලූ කැබැල්ල මතක් වී ක්ෂණික නැගී සිට බලූ නැට්ටාගේ පිට කොන්ද දෙසට පහරක් එල්ල කළේය… බල්ලා මරහඬ නගමින්ම පසුපසට විසි විය. රාජා ද බිය වී නැගිට්ටේ, දර පොල්ලක් ගෙන ”නායි… නායි…” (බල්ලා…) කියමින් කෑගැසුවේය. බලූ නට්ටා බේරී පලා ගියේය.
දෙවන වර පතී අවදි වූයේ උදේ හයට පමණ ජයසේකරගේ බැල්ලී හෙවත් ‘කෙල්ලගේ’ සම්ප‍්‍රාප්තියෙනි. ඊට මිනිත්තු දහයකට පමණ පසු ජයසේකර සම්ප‍්‍රාප්ත විය. ඔහු තිදෙනාටම එදින පතල්පළෙහිි කිසිදු කටයුත්තක් වූයේ නැත. කිසිවකු එන්නට නියමිත වූයේ ද නැත. හොඳින් සප්පායම් වූ තිදෙනා ඔහේ දිගෑදී සිටියහ. හෝටන්තැන්න දෙසින් හමන සුළඟ පතීගේ මුළු ශරීරයම කුල්මත් කළේය. ඔත්තුකරුවාගේ අරමුණ ඔහුගේ හිස වටා භ‍්‍රමණය වන්නට වූයේ… ටාගට් වන්.. ආගිරිස්… ශිල්පිය…. ගොරකවුල… ඔහුට බි‍්‍රගේඩියර්වරයාටත්, කර්නල් බලගොඩටත් කියන්න හුඟක් දේ ඇත්තේය… අවස්ථාව ආ විට දුරකථන ඇමතුමක් දිය යුතුය… තමා නිවැරැදි ස්ථානයක සිටින බව ඔත්තුකරුට පැහැදිලිය..
”ජයසේකර අයියේ..” ”කියපං…මලය…”
”අයියේ උදේනි අප්පො කියල මෙහෙ සභාපති කෙනෙක් ඉන්නවද?…”
”ඔව් බං… උඹ දන්නෙ කොහොමද?”
”අපේ පරණ පතලෙ… පොඩිමත්තයගෙ යාළුවෙක්ලූ…”
”හෙං… සරතො… උදේනි අප්පො අජරාමර වැඩකාරයා….
”හොඳ ගුස්පි… නියම කරාටේ කාරයා.. හෙහ්… හෙහ්… ගෑනුන්ටත් ඒ වගෙයි… කොල්ලො… උදේනි අප්පොට පළාතෙම ගෑනු බයයි… අප්පො උන් එක්ක… සෙල්ලං කරන්නෙ…හග් හග්… සෙල්…ලං. කරන්නෙ…”
”අයියෙ…උදේනි අප්පුගෙ ගෙදර මේ ළඟද?… අයියේ…”
”හැක්… යකෝ අප්පු නෙවෙයි… සරතෝ.. අප්පො….අප්පො…. මෙහෙ වලව්වල ඈයන්ට කියන්නෙ අප්පො කියල… ඔය උඹල කුරුණෑගල පැත්තෙ ‘හාමු’ කියන්නෙ.. මෙහෙ ‘අප්පො’” නූතන ‘සරත්’ හෙවත් පතීට තම අත්තා හෙවත් කඬේවත්තේ ‘බාල හාමු මහත්තයා’ සිහි වේ. ඒ පැත්තම බය කරන් හිටි බාල හාමුගේ මුනුබුරා අද පතල් ගෝලයෙකි. කරවල සමඟ බත් කා පැදුරු කඩමල්ලක නිදාගනී. පැදුරෙන් වැඩි වශයෙන්ම නික්මෙන්නේ ගංජා සුරුට්ටුවක ගඳ ද බීඩියක ගඳදැයි නිශ්චිතවම කීම උගහටය.
”සරත් මලය… අප්පො… වැලිගපල සභාවේ… සභාපතිතුමා…”
අයියේ… අප්පොගෙ ගෙදර මේ ළඟද?
”ඔව්… බං පාරෙන් තමා දුර… ඔන්න ඔය අපි ඉන්න ගල් රුප්පාවෙන් බැහැ ගත්තම ගමක් තියනව දියවින්න කියලා.. එතැනින් වමට ගියාම ප්‍රොජෙක්ට් එකේ පාර තියනවා වැලිගපොළට… බස්… එකේ යන්න පුළුවන්. බලන්ගොඩ බස් වැඩ කරනවා.. නැත්නං… ඉතින් මෙතැන ඉඳල විජේ මුදලාලිගෙ ගෙදර ගාවින් බස් අරං කිරිමැටිතැන්න හන්දියෙන් බැහැල ඇඹිලිපිටිය හරි කල්තොට හරි බස් එහෙක යන්න ඕන…
වැලිගපොළට…” ජයසේකර උදේනි අප්පොගෙ ගෙදරට පාර කියයි. ”රාජා මලය උඹ දවල්ට උයන්න තනන්නෙපා… මමයි සරත් මලයයි ගොරකවුල ගෙහුං උන්ට උයන්න උදව් වෙලා උඹටත් බත් එකක් අරං එන්නං…”
පතිරණගේ ඉහේ මලක් පිපුණා බඳුය….
– කාශ්‍යප වීරක්කොඩි
උපුටාගත්තේ සත්හඬෙන්