අපරාධසාමාන්‍ය

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙඩි තැබීමක්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (13) රැගෙන ආ රැඳවියකු පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියකු වෙඩි තබා ඇත.

වෙඩි ප්‍රහාරය බිමට එල්ලවී ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හෝ හානි සිදුවී නැත.

යුක්රේන ජාතික අඹු සැමි යුවළක එසේ අද අධිකරණයට රැගෙන විත් ඇති අතර ඔවුන් දෙදෙනාම කොටහේන ප්‍රදේශයේදී දරුවකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වී මරණ දණ්ඩනය නියම කරනු ලැබ සිටිති.

එම යුවළගෙන් සැමියා එසේ පැන යාමට උත්සාහ දරද්දී ඔහු මෙල්ල කිරීමට එසේ වෙඩි තබා ඇතැයිද පසුව සැකකරු අල්ලාගෙන යළි බන්ධනාගාරයට රැගෙන ගොස් ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *