තමන් ඇතුළු 40 දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ලබා දුන් නියෝගය මත තංගල්ල බන්ධනාගාරයේ රැඳවීමෙන් පසු සියලුදෙනාටම අවශ්‍ය කරන සරොම් ලබාදෙනු ලැබූවේ මීනීරුම් ඇතුළු චෝදනා ගණනාවකට වරෙන්තු කරුවෙකුව සිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජූලම්පිටියේ අමරේ නමින් ප්‍රසිද්ධ ජී.ජී අමරසිරි නැමැත්තා විසින් බව වාර්තා වේ.
නාමල් රාජපක්ෂ මහතා විසින් ප්‍රසිද්ධ පුවත්පතකටද මේ බව ප්‍රකාශකර ඇති බව වාර්තා වේ.
ජූලම්පිටියේ අමරේ නැමති දකුණේ පාතාල සාමාජිකයාගේ මැර ක්‍රියා සම්බන්ධයෙන් ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ 2012 වසරේ ජුනි 15වනදා කටුවන, හැඩිවත්ත ප්‍රදේශයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුවට වෙඩි ප්‍රහාරයක් එල්ල කර දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමය.
ඔහු රාජපක්ෂ පවුලට සමීපව සිටි අයෙකු වන අතර එකල රාජපක්ෂවරුන්ගේ අනුහසින් දකුණේ භීෂනය මැවූ ප්‍රධානියෙකි. මහින්ද රාජපක්ෂ පාලනය විසින් සිය දේශපාලන ප්‍රතිවාදීන්ට දේශපාලන කිරීමේ ඉඩ අහුරනු ලැබූවේ මෙවැනි මැරයන් යොදාගන බව එම සිදුවීමෙන් පසු රට තුළ මනාව ඔප්පු විය.
මෙම ජූලම්පිටියේ අමරේ නැමැත්තා 2002 වසරේදී සොර මැරකම් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී තංගල්ල බන්ධනාගාරයේ බලය බන්ධනාගාර නිලධාරීන්ගෙන් සිය ග්රහනයට ගෙන කලහකාරී ලෙස හැසිරෙමින් සිටියදී ඔහු සවන් දෙනු ලැබුවේද මහින්ද රාජපක්ෂගේ හඬට පමිණි.
එකළ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකව සිටි මහින්ද රාපක්ෂ මහතා “අමරේ, මමයි ඇවිත් ඉන්නේ. බය නැතිව එළියට එන්න.” යැයි පවසා අමරේ ඇතුළු පිරිස ආණ්ඩුව සමග සාකච්ඡාවකට කැඳවාගෙන තිබිණි.
එදා විපක්ෂනායකව සිටි මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නියෝජනය කරමින් එම සාකච්ඡාවට අභ්‍යන්තර ආරක්ෂක ඇමති ජෝන් අමරතුංග මහතා සමග පෙරමුණ ගෙන තිබුනි.
මහින්ද රාජපක්ෂ මහතා පුත් නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු ඔහු වෙනුවෙන් සරොම් ලබාදීමට ඉදිරිපත් වූයේද රාජපක්ෂලා විසින් පෝෂණය කරමින් ආරක්ෂා කරමින් හැඩි දැඩි කළ ජූලම්පිටියේ අමරේම පමණි.
LT