දුටුගැමුණු මහරජු ද්වන්ධ සටනකින් පසු එළාර මරාදැමූ ස්ථානය විශේෂ තැනක් බවට පත්කළේය. එතැනින් ගමන් කරන, අශ්වයින් පිට යන හෙවායන් පවා අසුපිටින් බැස පයින් ගමන් කළයුතු බවට රාජාඥාවක් නිකුත් කරමින් කියාසිටියේ මියගිය එළාරට ගරු කළයුතු බවයි. ඒ එදා දුටුගැමුණුගේ සතුරාට වුවත් ගරු කිරීමේ පැරණි සිංහල සම්ප්‍රධායයි.
එහෙත් මෑත කාලයේ දුටුගැමුණුට නැකම් ඇතැයි පුරසාරම් දෙඩවූ රාජපක්ෂලාගෙන් එවන් මානුෂීය ලක්ෂන කිසිඳු දවසක පෙන්නුම්කළේ නැත. යුද්ධයේ අවසන් කාලයේ මරාදැමුණු සොහොනක් නැති දස දහසක් මිනිසුන්ගේ ඥාතීන් තම මියගියවුන් සිහිකර පහනක් දල්වද්දී පවා ඊනියා බුද්ධි අංශ නිළධාරීන්ගේ අඩන්තේට්ටම් වලට ලක්වුණු සිදුවීම් අපි දුටුවෙමු.
එහෙත් අප ඔබට මේ කියන්නට උතසාක කරන්නේ වත්මන් සිංහල ජාතිවාදී දේශපාලඥයින්ගෙන් නොලැබුණු එහෙත් කවදා හෝ, කාගෙන් හෝ ලැබිය යුතු වටිනාකමක් කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතාගෙන් මිය ගිය මිනිසුන්ට ලැබුණු වටිනාකමක් ගැන කියන්නටයි.
ඒ ඔහුගේ විමධ්‍යගත අරමුදලෙන් රුපියල් ලක්ෂ 40 ක් යොදා මහවිරු සොහොන ප්‍රතිසංස්කරණය ඇරඹූ අතර එහි තිබූ එල්.ටි.ටි.ඊ සාමාජිකයින්ගේ සොහොන් කොත් 97 යළි සැකසීමට කටයුතු යොදා තිබිණ. යුද්ධයේදී මියගිය එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිහිදන්කර ඇති කිලිනොච්චිය , කනකපුරම්හි මහ විරු සොහොන ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම් කිරීමට කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශිය සභාව විසින් තීරණයකොට තිබේ.
කරච්චි ප්‍රාදේශිය සභාව හා කිලිනොච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අවසරය මත මෙම මහ විරු සොහොන ප්‍රතිසංස්කරණය ආරම්භ කරනු ලැබූ අතර එහි තාප්පය පමණක් ඉදිකොට උද්භිද උද්‍යානය ලෙස නම්කොට තිබේ.
මන්ත්‍රීවරයකුට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිතා කොට එල්.ටි.ටි.ඊ සංවිධානයේ සොහොන් බිමක් පිළිසකර කිරීම පිළිබඳ උරණ වූ සිංහල අගමැතිවරයා කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරන් අරුමෙයිනායගම් මහතාගෙන් වාර්තාවක් කැඳවා ප්‍රශ්න කර ඇත.
ජාත්යනන්තරයට එක් එක් බයිලාවන් කියමින් රවටන අගමැති වික්‍රමසිංහයන්ගේ සැබෑ නිරුවත දැන් එළියට එමින් තිබේ. සිංහලහ බෞද්ධ ඡන්ද නැතිවේදෝයි කියන බියට මියගියවුන්ගේ සොහොනක් ඉදිකළේ මන්දැයි ප්‍රශ්න කරමින් සිටී. එදා සිංහල දුටුගැමුණුට තිබූ කොන්ද අගමැති රනිල්ට නොතිබීම ගැන අපට ඇත්තේ කනගාටුවකි.
සටහන: ඩෙස්කා කුඩාවිල