අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත වූවකි. ඒ සඳහා බලපෑවේ දියුණු බෞද්ධ සංස්කෘතියේ බලපෑමයි. එසේ වුවද දැන් ලංකාවේ එවන් දියුණු බෞද්ධ සංස්කෘතික ලක්ෂන පන්සලින් පවා ප්‍රායෝගීකව ඉටු වන්නේ නැත. එසේම 77දි සියල්ල විවෘත වූ ආර්තික රටාවක් හඳුන්වාදීම තුල එවන් දියුණු සංස්කෘතියක් ඉතිරිවේ යැයි සිතීම පවා අපහසුය. එවන් පසුබිමක ඇති වු සදාචාරාත්මක පිරිහීම තුළ අද වන විට ළමුන්ගේ යහපැවැත්ම දෙමාපියන්ටද සමාජයටද බරපතල ගැටළුවක් බවට පත් වී ඇත. මෙවන් වූ සමාජ තත්වයක් මත ළමා අපයෝජන, සියවස් ගණනාවක් පුරා රහසේ ව්‍යාප්ත වෙමින් පැවති උවදුරක් වුවද එය බරපතල සමාජ පිළිලයක් බව හදුනාගෙන ඊට එරෙහි වීමට තරම් අවධානයක් යොමු වූයේ මෑත දශක කිහිපයක සිටය.
ළමයින් වැඩිහිටියන්ගේ රැකවරණය තුළ ජීවත්වන කොටසකි. ඔවුන් ළමුන් ලෙස නිර්වචනය කරනු ලබන එක් සාධකයක් වනුයේ ද වැඩිහිටියන්ගේ ආධාර සහ උපකාර මත ජීවත්වීමයි. වර්තමානයේ ළමයින්ගෙන් විශාල කොටසකට ඔවුන්ගේ ළමා කාලය නිසි පරිදි ගතකිරීමට අවශ්‍යකරන පහසුකම් ලැබී නැත. පහවසර ශිෂත්වය ද ළමයින්ගේ ළමා කාලය උදුරාගෙන ඇත. ළමයින්ට එරෙහිව අපයෝජන තත්ත්වයන් වත්මන් සමාජය තුළ සන්සන්දනාත්මකව ඉහළ අගයක් ගනු ලබන අතර විශේෂයෙන්ම ළමා අපයෝජනය සුවිශේෂී ගැටළුවක් ලෙස නූතනයේ පිළිගැනෙයි.
මේ අප කියන්නට උත්සාහ කරන්නේ අනාදිමත් කාලයක සිට දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත වූ ශ්‍රී ලංකාව මෙම වසරේ ගෙවී ගිය මාස 11 ක කාලය තුළ ළමා අපයෝජන හා ළමුන්කෙරෙහි වන අපරාධ කොතරම් සිදුකර ඇත්දැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන නිල තොරතුරු ඉදිරිපත් කරන්නටයි. එහෙත් වාර්තා නොවුණු දෑ කවුරුන් නම් දන්නේද?
මෙම වසරේ ගෙවී ගිය මාස 11 ක කාලය තුළ ළමා අපයෝජන හා ළමුන්කෙරෙහි වන අපරාධ පිළිබඳ පැමිණිලි 8548 ක් ලැබී ඇත. මෙම පැමිණිලි අතරින් වැඩි කොටසක් ලැබි ඇත්තේ දරුවන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන්ය, එවැනි පැමිණිලි 2037ක් ලැබි ඇති බව අධිකාරිය පවසයි.
අනිවාර්ය අධ්‍යාපනය ලබා නොදිම සම්බන්ධ පැමිණිලි 1298 ක් ද වාර්තා වි ඇතැයි පවසන ළමා ආරක්ෂක අධිකාරිය ළමුන් නොසලකා හැරීම පිලිබඳව පැමිණිලි 358 ක් වාර්තා වී ඇතැයි ද කියයි.
ලිංගික අතවර කිරීම් පිළිබඳ පැමිණිලි 481 ක් හා බරපතල ලිංගික අපයෝජන පිළිබඳ පැමිණිලි 284 ක් ද ස්ත්‍රී දුෂන පිළිබඳ පැමිණිලි 322 ක් ද මෙම පැමිණිලි අතර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ප්‍රකාශ කළේය. මේ අනුව ලිංගික අතවර, බරපතල ලිංගික අපයෝජන හෝ ස්ත්‍රී දූෂන ලංකාවේ කොහේ හෝ තැනක අඩුම තරමින් එක් දිනකට තුනක් හෝ හතක් මේ බෞද්ධ යැයි කියා ගන්නා රටේ සිදුවේ.
වැඩිපුරම පැමිණිලි එනම් පැමිණිලි 1232ක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 925 ක් වාර්තා වු අතර කුරුණෑගලින් පැමිණිලි 647 ක් ලැබී ඇති බව ඇය සඳහන් කළාය.
සටහන: වසන්ත බංඩාර