එස්.ටී.එෆ්. හඳුන්ගෙන් බිහිවුණ ගෝලයකු වන කොස්ගොඩ සුජී පාතාල මර්දනයට බියෙන් ටික කලකට පෙර ඩුබායිවලට පැනගොස් එහි සිට අපරාධ මෙහෙයවන්නකු වෙයි. දකුණේ අපරාධ රැල්ල පසුපස සිටින පාතාලයේ ප්‍රබලයන් දෙදෙනාගෙන් අයෙකු වන්නේ ද කොස්ගොඩ සුජී ය. මිනීමැරුම් හා කප්පම් ගැනීම්වලට සම්බන්ධ ප්‍රභල පාතාල නායකයකු වන මෙම කොස්ගොඩ සුජී නැමැත්තාගේ කුළුපග ගෝලයකු වන පදුමා නැමැත්තා ඇතුලූ සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය අද (15) ඇල්පිටිය නියාගම තල්ගස්වල දී මොවූන් අත්අඩංගුවට ගත්බව වාර්තා වෙයි.
පදුමා ඇතුළු සිව්දෙනා සතුව රිවෝල් වර්ගයේ ගිනිඅවයක්, උණ්ඩ 5 ක්, අත් බෝම්බයක් , ටී 56 ගිනිඅවි වලට යොදන උණ්ඩ 5 ක්, ෂොට්ගන් අවියක් හා උණ්ඩයක්, තිබී ඇත. පාතාල සමාජිකයින් පිරිසක් නියාගම ප්රදේශයේ නිවසක සැඟව සිටින බවට විශේෂ කාර්ය බලකාය වෙත ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
දකුණේ පාතාලයේ තවත් අයෙකු වන ප්‍රියන්ත අවසන් ගමන් යවා කරන්දෙණිය සුද්දා පසුගිය කාලයේ අවි ආයුධ දහයක්, පහළොවක් පාවිච්චි කරමින් සිදු කළ ඝාතන රැල්ලත් සමඟ කොස්ගොඩ සුජීටත් පාලනය නොවන තත්ත්වයකට පැමිණ ඇත. බොහෝ විට මෙම අත්තඩංගුවට ගැනීම පිටුපස කරන්දෙණිය සුද්දාගේ සෙවනැල්ලක් තිබිය හැකි බවයි ලංකාවේ පාතලය ගැන බොහෝ තොරතුරු දත් මාධ්‍ය සගයකු අප සමඟ කියා සිටියේ.
සටහන: වසන්ත බංඩාර