උපුටාගැනීම්විශේෂාංග

ලක්ෂ 25හේ සමලිංගික කතාවේ ඇත්ත නැත්ත

මට දින කිහිපයට පෙර “රටේම සම ලිංගිකයෝ ලක්ෂ 25ක් ඉන්නවා” යන උප හිසින් යුතුව ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල ඔස්සේ විවිධ අය විවිධ ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ. මේ ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාවය පිළිබදව බකමූණෝ කණ්ඩාමයම ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී වෛද්‍යවරයා පැවසුවේ 2014 වසරේ සෞඛ්‍යය අමාත්‍යංශය විසින් කළ සිතියම් ගත කිරීමකට අනුව අනුව සෞඛ්‍යය සේවා ලබා දීම සදහා රජයට ලගා විය හැකි පිරිමින් සමග ලිංගිකව හැසිරෙන් පිරිමින් 7500ක් සිටින බව ඇස්තමේන්තු ගත කර ඇති බවයි. තවත් එවැනි සිතියම් ගත කිරීමක් මේ වන විට සිදුකෙරමින් පවත්න බවත් එහි ප්‍රතිඵල 2018 වසරේදී නිකුත් වන බවත් වෛද්‍ය ලියනගේ මහතා පැවසීය.

එම සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ ජීවත් වන සමස්ථ සම ලිංගික පුද්ගලයන් ගණන නොව සෞඛ්‍යය සේවා ලබා දීම සදහා ලගා විය හැකි පුද්ගලයන් ගණන බව අවධාරණයෙන් කියා සිටි අතර ලක්ෂ 25ක් සම ලිංගික පුද්ගලයන් සිටින බව ලිපියේ සදහන් වන්නේ කිංසි දර්ශකය අනුව ගණනය කර විය හැකි බව ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.

කිංසි දර්ශකය අනුව සෑම ජනගහනයකින් 4%ක් සම ලිංගික විය හැකි බව අනුමාන කර ඇත. ලක්ෂ 25ක් සම ලිංගික පුද්ගලයන් ඇති බව මේ ලිපියේ සදහන් වෛද්‍ය වරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සමස්ථ ගහනගහනය මිලියන 20ක් නම් ඉන් පිරිමි ජනහහනය මිලියන 10ක් ලෙස ගෙන එහි 4% ගණනය කර බව පෙනී යයි. එය සනාථ කිරීමට දත්ත රජය සතුව නැති බව වෛද්‍ය ලියනගේ මහතා කියා සිටියේය.

කෙසේ වුවත් මෙම ලිපිය ශ්‍රී ලංකාවේ පුවත් පත් එච්අයිවී සහ ඒ ආශ්‍රිත කරුණු වාර්තා කිරීම පිළිබද දක්වන නොදැනුවත්භාවයට තවත් එක් උදාහරණයක් පමණි. මෙවැනි ලිපි ලෝක ඒඩ්ස් දිනය ආශිතව මතුවී නැවත නොපෙනී යයි. සම ලිංගිකත්වය, ලිංගික වෘත්තිය සහ ඒඩ්ස් යනු පුවත් පත් විකුණා ගැනීමට පහසු කරවන කදිම සංයෝගයකි. කෙසේ වුවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපෘතිය නියෝජනය කරමින් දේශන පවත්වන වෛද්‍යවරුන්ද මීට වඩා වගකීමෙන් යුතුව තොරතුරු ලබාදිය යුතු බව අපගේ හැගීමයි.

සම ලිංගික ප්‍රජාව මෙන්ම ලිංගික වෘත්තිය පිළිබදවද එච්අයිවී රාමුවෙන් බැහැරව කතා කළ යුතු බව අප විශ්වාස කරන අතර එම සාකච්ඡාවේ කේන්ද්‍රය විය යුතුතේ මානව අයිතිවාසිකම් මිස වෙන කිසිවත් නොවේ.

පබා දේශප්‍රිය

උපුටාගැනීම : බකමූණෝ.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *