අපරාධඋපුටාගැනීම්

හමුදාව තොරතුරු නොදීමෙන් එක්නැළිගොඩ පරීක්ෂණ නැවතේ

යුද හමුදාව තොරතුරු ලබා නොදීම නිසා බලහත්කාරයෙන් අතුරුදන් කරන ලද මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පිළිබඳ රහස් පොලිස් පරීක්ෂණ දැනට තිබෙන තැනින් ඉදිරියට ගමන් නොකරනු ඇතැයි රාවයට වාර්තා වේ.

ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක යුද හමුදාපති ලෙස වැඩ භාරගැනීමෙන් පසු අදාළ පරීක්ෂණ කණ්ඩායම දිගින් දිගටම යුද හමුදාවෙන් ඉල්ලා සිටි එතෙක් යුද හමුදාව සිරකරගෙන සිටි තොරතුරු ලැබෙනු ඇතැයි විශ්වාසය පළවූ නමුත් වර්තමාන යුද හමුදාපතිවරයාද හිටපු යුද හමුදාපතිවරුන්ගේම මග යමින් රණවිරුවන් ආරක්ෂා කිරීමේ පිළිවෙතකට මාරුවී ඇතැයි දැනගන්නට ඇති අතර එනිසා අදාළ තොරතුරු නොලැබෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.

මේ වනවිට ගිරිතලේ සන්නද්ධ බුද්ධි කඳවුරේ සිට අදාළ දිනයේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ අක්කරෙයිපත්තු ප‍්‍රදේශයට රැුගෙන ගොස් ඇති බව දුරකතන දත්ත මගින් තහවුරු කරගෙන තිබෙන අතර එම තොරතුරු තවදුරටත් තහවුරු කර ගැනීමට යුද හමුදාව නොදෙන මෙම තොරතුරු අවශ්‍ය බව දැනගන්නට ඇත.
රහස් පොලිස් පරීක්ෂණ කණ්ඩායම කරුණු 11ක් යටතේ යුද හමුදාවට අදාළ තොරතුරු ලබාදෙන්නයැ’යි අධිකරණ නියෝගයක් ලබා ගන්නේ 2015/09/28 වැනි දින වන අතර එදා සිට යුද හමුදාව අධිකරණයද නොමග යවමින් මෙම තොරතුරු ලබානොදෙමින් සිටියි.

වර්තමාන යුද හමුදාපතිවරයා යටතේදීද දෙවාරයකට වැඩි වාර ගණනකදී මෙම තොරතුරු ලබාදෙන බවට අධිකරණය ඉදිරියේ පොරොන්දු වී ඇත. එහෙත් තවමත් ලබා දුන් තොරතුරක් නොමැති අතර ඉල්ලූ තොරතුරුවලට පරිබාහිරව වෙනත් තොරතුරු ලබාදෙමින් පොලිස් පරීක්ෂණ කණ්ඩායම නොමග යවා ඇති බවද දැනගන්නට ඇත.

කේ. සංජීව

උපුටාගැනීම: රවයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *