මෑත කාලීන ආසියානු දේශපාලන්යේ නව රතුපිටුවක් පෙරලීමට නේපාල් කොමියුනිස්ට් පක්ෂය ප්රමුඛ වාමාංශික සන්ධානය සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිගු කාලීන රාජාණ්ඩු ක්රමයක දැඩි පීඩනයට ලක්ව සිටි නේපාල වැසියන්, මාවෝ වාදීන්ගේ දේශපාලනයට වශීවූවාක් මෙන් සමස්ථ පාර්ලිමේන්තු ආසන සංක්යාවෙන් බහුතරයක් ලබාගැනීමට පසුගියදා සමත් විය.
මාවෝවාදීන් ඇතුළු වාමාංශික සන්ධානය එරට පාර්ලිමේන්තුවේ ආසන 165 කින් 116 ක් ම ලබාගනිමින් සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකරගෙන ඇත. මේ අනුව එම පක්ෂයට නායකත්වය ලබා දුන් කත්ගා ප්‍රසාද් ඔලි එරට අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමේ වැඩි ඉඩක් ඇත. ඉන්දියාවට පක්ෂපාතීත්වයක් දක්වන පාලක කොංග්රස් පක්ෂය මැතිවරණයේදී පරාජයට පත්වීම ඉන්දීය නේපාල සබදතාවලට යම් බලපෑමක් ඇති කරන බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ඉන්දීය විරෝධී හෝ චීන විරෝධී රජයක් පිහිටුවීමේ අදහසක් නොමැති බවයි වාමාංශික සන්ධානයේ ජේෂ්ඨයින් ප්‍රකාශ කර ඇත්තේ.
ඉන්දියාව ඇතුළු සමස්ථ ආසියානු කළාපය පුරාම විහිදී ඇති වාමාංශික දේශපාලන පක්ෂ සඳහා උත්තේජනයක් ලබාදීමට තරම් සමත්වූ මෙම මැතිවරණය ආසියාවේ රතු නැඟිටීම ලෙස ඇතැම් දේශපාලන විචරකයන් සඳහන් කරයි.
සටහන: ඩෙස්කා කුඩාවිල