යුද්ධය තිබූ කාලයේ මා දන්නා බොහෝ හමුදා නිළධාරීන් සිටියේ ඉතාමත් සතුටිනි. සාමාන්‍ය සෙබළුන් පෙරමුණට දා යුද්ධය මෙහෙයවූ නිළධාරීන් හට බොහෝ පහසුකම් හිමිවිය. සාමාන්‍ය සෙබළුන්ට පවා ඔවුන්ගේ වේතනයට අමතරව දුෂ්කර දීමනා, සිගරට් සලාකය ආදී එකි මෙකී බොහෝ දේ ලැබිණි. එහෙත් දැන් යුද්ධය හමාරය. එදා තරම් දැන් මුදලක් අතට ලැබෙන්නේ නැති තරම් ය.
හමුදාවේ වැටුප මදවූ බොහේ දෙනකු තමන් සතු ගිණි අවියත් කෙසේ හෝ තවත් ගිනි අවි හා උණ්ඩ කිහිපයක් සොරාගෙන හමුදාවෙන් පැන යාම දැන් සාමාන්‍ය කරණය වී ඇත. එම ආයුධ කුලියට පාතාල කණ්ඩායම් වලට ලබාදීම හෝ තමන් විසින්ම කුලියට මිනිසුන් මරාදැමීම මෙම රණවිරු ලේබල් සහිත මිනීමරුවන්ගේ ඒකායන ජීවනෝපායයි. කෙසේ හෝ කීයක් හෝ ගතමනාවක් සොයාගැනීමට හමුදාවෙන් පැණගියවුන් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉඳහිට පොලීසියට අසුවන අයත් නැතුවාම නොවේ.
අදත් එවැන්නක් අපට වාර්තා විය.
ඒ ගිනි අවි තුනක් හා උණ්ඩ 34ක් සමග හිටපු හමුදා සෙබළකු හෝමාගම, පිටිපනදී අත්අඩංගුවට ගත් පුවතයි. වසර 10ක සේවා කාලයකින් පසු නීත්යනුකූලව හමුදාවෙන් ඉවත්ව ඇති එම සෙබළාගේ පිටිපන නිවසේ සඟවා තිබියදී අදාළ ගිනි අවි හා උණ්ඩ සොයාගෙන ඇත. අපරාධ සඳහා අදාළ ගිනි අවි කුලියට ගත්තාදැයි එසේත් නොමැතිනම් මෙම අවිවලින් යම් අපරාධ කර ඇත් දැයි සොයා ගැනීම පොලීසියේ රාජකාරියයි. මෙවන් රාජකාරි සියගනනක් තවමත් පොලිස් පොත් වල සිටින වේයන් රාජකාරි කරමින් සිටී. පොලීසියට මෙය තවත් වැටලීමක් පමණි.
ත්‍රස්තවාදය තුරන්වීම තුළ ඇතිවූ නිහැඬියාව බිඳිමින් දකුණේ පාතාලය යළිත් චිකාගෝ පන්නයට මිනීමරන සංස්කෘතියක් අරඹා තිබේ. ඒ පාතාලයේ සිහසුන අත්පත්කර ගැනීම වෙනුවෙන් ය. මෙම ආයුධද එවන් අපරාද සඳහා යොදාගන්නා බවනම් නිසැකය.
සටහන: වසන්ත බංඩාර