ජීවිතය යනු අරගලයකි. මෙම සමාජය තුළ ජීවත් වන අපි ජීවත් වන්නට විවිධාකාරයෙන් අරගල කරන්නෙමු. එකිනෙකා පරයමින් විටකදී එකෙක් නසමින් හෝ මේ යන තරඟකාරී ගමන තුළ එම ජීවන අරගලයන් ජයගැනීමට අපි වෙර දරන්නෙමු. මම මේ වසර තුළදී ලියන පළමුවන ලිපිය මෙය වන අතර මෙහිදී මා කියන්නට උත්සහ දරන්නේ අප සමාජය තුළ තමන්ගේ අනන්‍යතාව සමඟ අනෙකුත් සමාජයේ මිනිසුන් මෙන් නිදහසේ ජීවත් වීමට අරගල කරන්නාවූ කොටසක් පිළිබඳවයි.
සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් නොහොත් ට්‍රාන්ස්ජෙන්ඩර් නමින් හඳුන්වන එහෙමත් නැත්නම් සමාජය විසින් නොයෙකුත් අපහාසාත්මක අන්වර්ත නාමයන්ගෙන් හඳුන්වන පුද්ගල කොට්ඨාශයක් අපත් සමඟ ජීවත් වන බව අප කවුරුත් දන්නා කියන කාරණයකි. පෙරහැරවල් වල නටන්න, මගුල් ගෙවල් වල උයන්න, උත්සව හෝ විශේෂ අවස්ථාවකදී රූපයන් හැඩ ගන්නවාගන්න, එහෙමත් නැත්නම් මල් කළඹක් සකස්කරගන්න ඇදුමක් නිර්මාණය කරගන්න හෝ මස්සවාගන්න එහෙමත් නැත්නම් ලිංගික ආශ්වාදයක් ලබාගන්න සමාජය විසින් ඔවුන් යොදාගන්නවා මිසක් කිසිම දිනක සමාජය විසින් ඔවුන් හට නිසි ගෞරවයක් හෝ නිදහසේ ජීවත් වීමට අවකාශයක් ලබාදුන්නේ නම් නොමැත. විවිධ අපහාසත්මක නාමයන් වලින් ඔවුන් ඇමතුවා මිස ඔවුන් මේ සමාජයේම ගෞරවයෙන් ජීවත් විය යුතු කොටසක් ලෙස සැලකුවේ නැත. ඔවුන් තමන් විසින්ම තමන්ට පෙර පිනකට ලබුනු පිරිමි ආත්මය විනාශකොට ගෙන ස්ත්‍රීත්වය ආරෝපණය කොටගෙන ජීවත් වන සමාජය කොට්ඨාශයක් ලෙස හංවඩු ගසනු ලැබීම පුරුද්දක් කොටගෙන ඇත. ධර්මද්වීපය ලෙස අප විසින් නම් කරගෙන ඇති අප දේශය තුළින් මිනිසත්කම ගිලිහීයන බවට තව සාධක පෙන්වීම අනවශ්‍ය බව මට සිතෙයි.
බාහිර ශරීරයට සමාන්තර මානසික ශරීරය නොපිහිටීම සංක්‍රාන්ති සමාජභාවීත්වයට මූලික සාධකය බවට පෙන්වා දෙන්නේ ලෝක මනෝ විශේෂඥවරුන්ගේ සංගමයි. ඔවුන් තව දුරටත් පැහැදිලි කරන අන්දමට මෙය මානසික රෝගයක් නොවන බවත් මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත් පෙන්වා දෙනවා. එහෙත් අදටත් තම සමාජ ගෞරවය රැකගැනීම උදෙසා සමහර වෛද්‍යවරුන් මෙය මානසික රෝගයක් බව පෙන්වා දෙමින් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ පවුල් නොමඟ යවමින් මුදල් ගැරහීම සිදු කරනු ලබනවා. තම පෞද්ගලික වාසි තකා මුදල් ඉපයීම අභිලාශය මුදුන්පත් කරගැනීමට ඇතැම් වෛද්‍යවරුන් විසින් තම වෘත්තීය ආචාර්ය ධර්ම බාල්දුකිරීම හා ජීවිත විනාශ කිරීම කෙතරම් අමානුෂීය වේද? එපමණක් නොව මෙහි ඛේදනීයම තත්ත්වය වන්නේ මෙවැනි දරුවන් පවුලට හා නෑදෑයින්ට ලැජ්ජාවක් ලෙස සලකමින් ඔවුන් පවුල් තුළින් නෙරපීම හෝ කොන් කිරීම මඟින් හෝ බලපෑම් කිරීම මඟින් ඔවුනට නිවසෙන් පල නොකියා පලා බෙදීම ය.
පාසල තුළින් මෙවැනි දරුවන් කොන් වීම, හිංසනයන්ට ලක්වීම පමණක් නොව ගුරුවරුන්ගෙන් විවිධ වාචික හිංසනයන්ට ලක්වීම දරුවන් නිසි වයසට කලින් පාසල් අධ්‍යාපනයෙන් ඈත්කරවීම ඔවුන් අධ්‍යාපනයෙන් අඩු මට්ටමකින් යුතු පුද්ගලයන් බවට පත්කරනු ලබන අතර රැකියාවක නියැලීමට ඇති අවකාශයද අහිමි කරනු ලබයි. අප සැවොම දන්නා ලෙස ශ්‍රී ලංකාව තුළ හැකියාවට වඩා බාහිර ස්වරූපයටද නැති නම් බලපුළුවන්කාර පසුබිමක් හා එවැනි පුද්ගලයන්ගේ සහයෝගය ඇති නම් ඕනෑම රැකියාවක් ලබාගත හැකි අතර සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් හට නිදහසේ කළ හැකි සහ ඔවුන් සීමා කොට ඇති රැකියාවන් කිහිපයක් පිළිබඳව මා මෙම ලිපිය ඉහතදී සඳහන් කලෙමි. එම රැකියාවන්ගෙන් ඔබ්බට ඔවුන් හට රැකියාවක් පිළිබඳව සිතිය හැකිද? කළ හැකිද? පිළිතුර ප්‍රශ්නාර්ථයක් වන අතර ඔවුන්ට එම අයිතියද අහිමි කොට ඇත්තේ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව නොසලකිමිනි. ඔවුන්ද රටෙහි ආර්ථිකයට සංවර්ධනයට දායක විය හැකි කොටසක් බව අමතක කොට දමමිනි. එවැනි වාතාවරණයක් තුළ වක්‍රාකාරයෙන් සමාජය විසින්ම බොහෝ සංක්‍රාන්ති සමාජභාවී කාන්තාව ලිංගික වෘත්තියේ යෙදෙන කොටසක් බවට පත්කරමින් ඔවුන් අනාචාරයේ හැසිරෙන කොටසක් ලෙස හංවඩු ගසනු ලබයි. සමාජ රෝග පතුරුවන කොටසක් ලෙස ලේබල් ගසනු ලබයි.
සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් පාරේ තොටේදී දුටුවහොත් ඉතා කුඩා දරුවන්ට පවා දෙමවුපියන් විසින් පෙන්වමින් විහිලුවට අපහාසයට ලක්කරන්නේ කුඩා දරුවන් තුළද අමානුෂීය ගති වපුරවමිනි. එවැනි සමාජ මානසිකත්වයක් තුළ සංහිදියාව යනු හුදෙක් සැබෑ නොවන හීනයකි. අප කෙතරම් ආගම ධර්මය ඇදහුවත් පලක් නැත. මන්ද අප ඇතුලාන්ත කුණු හා දූෂිත මානසිකත්වයෙන් හා ආකල්පයන්ගෙන් පිරී පවතින බැවිනි. ශ්‍රී ලංකාවේ බොහෝ සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන් හා පුරුෂයන් මානසික පීඩනයෙන් පෙළෙනු ලබයි. එයට හේතුව වන්නේ සමාජය තුළ නිදහසේ ජීවත් වීමට හා ඔවුන්ගේ මනසට ගැලපෙන් ලෙස තම ගත සකසා ගැනීමේ මහා අරගලයේ නියැලීමට ඔවුනට සිදුව ඇති බැවැන් හා ඒ සදහා ඔවුන් හට මූල්‍යමය හා සමාජමය බාධක පවතින බැවිනි.
හෝර්මෝන ප්‍රතිකාර හා සංක්‍රාන්ති ලිංගික සැත්කම් විශාල මුදලක් වැයවෙයි. නිවෙස් වලින් නෙරපා හරිනු ලබා කුලී කාමර හෝ ගෙවල් වල ජීවත් වන මොවුන් හට තම මානසික නිදහස හා සමාජයේ නිදහසේ ජීවත් වීමට ලිංගික සංක්‍රාන්තිය හරහා යාම සඳහා මෙවැනි අමතර වියදමක් දැරීම ඉමහත් පීඩනයකි. සමාජ කොන්වීම නිසා ඔවුන් බොහෝ අවස්ථාවන් වලදී තම ආදර සම්බන්ධතාවලදී ද ඉමහත් ලෙස පීඩාවට පත්වනු ලබයි. මන්ද ඔවුන් සමඟ ආදර සම්බන්ධතා පවත්වනු ලබන පිරිස් ඒවා සමාජය බිය නිසා හොර රහසේ පවත්වන බැවින් හෝ විවාහක පුද්ගලයන් විකල්පයක් ලෙස ඔවුන් භාවිත කිරීම නිසා ඔවුන් සමාජයෙන් විශාල හුදකලාවීමක් දක්නට ලැබෙයි. මෙම තත්ත්වය මත සංක්‍රාන්ති සමාජන්භාවී කාන්තාවන් හා පුරුෂයන් තම ජීවිත හැරයාමට උත්සහ දරන්නේ මේ පීඩන තත්ත්වයන් දරාගැනීමට නොහැකිව හා සමාජය ඔවුන් ජීවත් වන පීඩනය තේරුම් නොගෙන ඔවුන් තවත් හිංසාවට හා පීඩනයට ලක් කිරීම නිසාය.
සේවා සපයන ස්ථානයන් වල හා සමාජයේ එදිනෙදා ජීවිතය තුළ ඔවුන් සමාජයෙන් කොන්වීම නිසා ඔවුන්ගෙන් අප රටට ලබාගත හැකි සේවාවන් ගිලිහී යනු ඇත. එපමණක් නොව එය රටෙහි ආර්ථික නගා සිටුවීමට ප්‍රජාවකින් ලබා ගත හැකි දායකත්වය ගිලිහීයෑමකි. එය අපරටට සමාජයක් වශයෙන් අප කරගන්නා සුවිශාල පාඩුවක් වන අතර මානුශීයත්වයෙන් ගත්කල එය අප අතුලාන්තයන්හි විශාල කඩා වැටීමකි.
රටක් වශයෙන් අපි මීට වැඩ සමාජයෙහි ජීවත් වන පුද්ගලයන් දෙස අනුකම්පාවෙන් නොව මානුෂීය වශයෙන් බැලිය යුතු බවත් පුද්ගලයන්ගේ ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය අතිශය පෞද්ගලික කාරණයක් බවත් පුද්ගලිකත්වයට අපි ගරු කළ යුතු බවත් අපි දැනගත යුතු වන අතර පුද්ගලයන්ගේ මානුෂීය වටිනාකම් ඇත්තේ ඔවුන්ගේ කකුක් දෙක අතර ඇති ලිංගික අවයවය මත නොව ඔවුන්ගේ පෞරුෂත්වය හා ඔවුන්ගේ ගතිගුණ හා හැකියාවන් මත බවත් අපි සිහිතබා ගත යුතු බවත් මතක් කරදීමට කැමැත්තෙමි.
භූමි හරේන්ද්‍රන්
(බකමූණෝ .lk)