උපුටාගැනීම්

“උබ අහල තියෙනවනේ ට්‍රෝජන් අශ්වයා ගැන?

මොකුත් වැඩිය නොකියා මේ දවස්වල ලාංකීය සමාජය වෙනස්කරන්න පුළුවන් යැයි අප විශ්වාස කරන ජාතියේ හොඳ ටෙලියක දෙබසක් බුරුතු පුටින් කොපි කරල ඔබට ගෙනෙන්නෙ වෙන මොකුත් නැතිව මේ ටික කරන්න පුළුවන්නම් අපි ගොඩ සහෝදරයා…….

“උබ අහල තියෙනවනේ ට්‍රෝජන් අශ්වයා ගැන?

කිසිදු කිසිදින බිද හෙලනු බැරි
අහස සූරන පවුරු පදනම්
තියෙද්දෙන් තව තියෙද්දෙන්.
උන්ගේම පෙරහරින්,
උන්ගේම හරසරින්
උන්ගේම තල්ලුවෙන්
උන්ගේම මල් පලස් මතින්,
උන්ගේම නුවර මැදටම ආ
අපේ එකෙක්.
ආ බැව් නොපෙනෙන අපේ එකෙක්.

කිසිදු කිසිදින බිද හෙලනු බැරි,
අහස සූරනපවුරු පදනම්
ඇතුලතින් පුපුරවන
නුවර මැදටම ආ අපේ එකෙක්.

අපි දැනටමත් ඉන්නේ මේ නුවර මැද සහෝදරයා. අපි වගේ තව එවුන් ඉන්නවා.  දැන් තියෙන්නේ සැලසුම් සහගතව ඇතුලතින් පදනම පුපුරවන එක.

මේ ධනේශ්වරය පුපුරවන කාර්තුව.

අපිත් අලුතෙන් පටන්ගමු සහෝදරයා.

ආණ්ඩුවල බලාපොරොත්තුව අරගල කරුවන් ආයුධ අතට ගන්න එක. එතකොට උන්ට නීත්‍යනුකුල මර්දනය ලේසි. අපි මේ පාර ඒකට අහුනොවී ඉමු.

අපි තරුණයන්ට ලියමු.  ලියල කියමු මේ පාර ප්‍රචණ්ඩත්වයේ ගල් කැටයක්වත් අතටගන්නේ නැතුව පරිවර්තනය කරන විදිහ.

අපි එතෙන්ට ලියමු.

උන් වෙන රවුමකින් ඇවිත් අලුතෙන් පටන් ගන්නකොට අපිත් වෙන රවුමකින් ඇවිත් අලුතෙන්ම පටන්ගමු සහෝදරයා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *