ජනාධිපතිවරයා ප්රමුඛ කරගත් කඳවුරට පැහැදිළි දැක්මක් තිබේද යන්න තවමත් ඔප්පු කොට නැත. එම කඳවුර, රාජපක්ෂවරුන්ට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටත් බියය. මේ නිසා මේ ද්විත්ව බියට මෙම කඳවුර දක්වන විවිධ ප්‍රතිචාර ඔස්සේ තමන්ගේ වල තමන් විසින්ම කපාගැනීමකට තල්ලූවී ඇත.
විශේෂ ලියුම්කරුවෙකු විසිනි
ජේ ආර් ජයවර්ධන එදා කියා සිටියේ තමන්ට රකින්නට පරපුරක් නැති බවයි. මෙය රනිල් විෂයෙහිලාද සත්‍යයකි. එහෙත් මෛත්‍රිපාල සිරිසේන නම් තමන්ට රකින්නට පරපුරක් ඇති බව ඇස්පනා පිට ම ප්‍රදර්ශණය කර ඇත. මෙම සන්දර්භයේ සිටි ලංකාවේ ජනාධිපති ක්‍රමය විග්රහ කිරීම මෙම ලිපියේ අරමුණයි.
ඇමෙරිකාවේ හා ප්‍රංශයේ පවතින ජනාධිපති ක්රමයන් හැරුණූ විට තුන්වල ලෝකයේ සෑම රටකම පාහේ පවතින ජනාධිපති පාලන ක්රමයන් ඒකාධිපති බවක් උසුලයි. එසේම මෙම ක්‍රම දෙක පිළිබඳ කරනු ලබන විග්රහයකදී විශේෂයෙන්ම සඳහන් කර හැක්කේ ජනාධිපති ක්‍රමයකදී එක් පුද්ගලයෙක් වටා අසීමිත බලයක් ඒකරාශී වන බවයි. ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවට වග කියන්නේ නැත. පාර්ලිමේන්තු ක්‍රමයකදී අගමැතිවරයාට ඒක පාර්ශ්වීය තීරණ ගැනීමට නොහැකි වන අතර තීරණ ගැනීමේදී සාමුහික බවක් දැකිය හැක. අනෙක් අතට පාර්ලිමේන්තුවට ඉතා ඉක්මණින් අගමැතිවරයෙක් ඉවත් කර හැකි අතර ජනාධිපතිවරයෙක් ඉවත් කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. එහෙත් ජනාධිපතිවරයෙකුට තනිව තීරණ ගැනීම පමණක් නොව රටේ බොහෝ ආයතන තමන්ට නතු කරගැනීම තමන් විසින් කරනු ලබන පත් කිරීම් ඔස්සේ සිදු කළ හැකියි. අනෙක ජනාධිපතිවරයාගේ තීරණ සම්බන්ධයෙන් ඔහුගේ දැනුම, ආකල්ප හා පෞද්ගලික අභිමතාර්ථයන් බලපාන බව පෙනේ. මේ නිසා ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තු ක්‍රමයක් හා සාපේක්ෂව ප්රජාතාන්ත්රවාදී බවක් ගන්නේ නැත. විශේෂයෙන්ම ජනාධිපතිවරයෙක් හට පාර්ලිමේන්තුවෙන් නොවිමසා කටයුතු කිරීමේ බලයක් ඇත. ජනාධිපති ක්‍රමයක් තුළ රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති බව ප්‍රකාශ කරයි. එහෙත් මෙම ස්ථාවරත්වය සෘණාත්මක එකක් බවට පත්වන අවස්ථා ඇත. උදාහරණයක් වශයෙන් ගත් කළ ලංකාවේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ජනාධිපති ක්‍රමයක් යටතේ ස්ථාවර බවක් තිබීම යහපත් ලක්ෂණයක් බවට බොහෝ දෙනෙක් තර්ක කළත්, යුද්ධය සමග මිලිටරි පාලනයකට රට තල්ලූ වූ අතර ව්‍යාවස්ථානුකූල පාලනයකට වූ ඉඩකඩ යටපත් විය. එසේම ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර බලය බෙදාගැනීමක් නැති අතර මෙම ක්‍රමය යටතේ අගමැතිවරයා නිකම්ම නිකම් පඹයෙක් බවට පත්වේ. පාර්ලිම්න්තුවේ තටු කැපේ. මේ නිසා ජනාධිපති ක්‍රමයක් තුළ ඒකාධිපති පාලනයක් ඇති වීම තුළින් ලිබරල් ප්රජාතන්ත්රවාදී වටිනාකම් ගිලිහෙන අතර ප්රජාතන්ත්රවාදී ආයතන පිරිහීමකට ලක්වේ. මේ බවට රුසියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, සිරියාව, තුර්කිය, බොලිවියාව, වෙනිසියුලාව, පකිස්ථානය, ඉරාණය, ඉරාකය වැනි රටවල් උදාහරණ ලෙස දැක්විය හැක.
ජේ.ආර්ගේ දේශපාලනය ගැන ඒ.ජේ. විල්සන්
ජනාධිපති ක්‍රමය සම්බන්බන්ධයෙන් පොදු මත දෙකක් හඳුනා ගත හැකියි. එකක් ජනාධිපති ක්‍රමය මඟින් සංවර්ධනය සාර්ථක කරගත හැකිය යන මතයයි. මෙය ප්‍රතිවිරුද්ධ අදහසක් වන්නේ මේ ක්‍රමය තුළදී ප්රජාතන්ත්රවාදය පිරීහීමකට ලක්වන හෙයිණි.
ලංකාවට ජනාධිපති ක්‍රමය සුදුසු බවට අදහසක් ජේ ආර් ජයවර්ධන විසින් ඉදිරිපත් කළේ 1966 දෙසැම්බර් 14 වන දින කළ කථාවකදීය. ඔහුට අනුව විධායක ජනාධිපතිවරයා ජනතාවගේ සෘජු පත් කිරීමක් වන අතර පාර්ලිමේන්තුව මත යැපීමක් නොවීම නිසා බියක් සැකක් නැතිව නිවැරදි එහෙත් ජනප්‍රිය නොවන තීරණ ගැනීමට හැකියාව තිබේ.
ලංකාවේ ජනාධිපති ක්‍රමය ගැන තවත් අදහසක් වන්නේ මෙය ඉහළ මධ්‍යම පාන්තිකයන් විසින් තමන්ගේ බලය තහවුරු කර ගැනීම උදෙසා ස්ථාවර, මධ්‍යගත හා ඒකාධිපති පාලන ක්‍රමයක් තුළින් සෘණාත්මක ආර්ථික තත්ත්වයන් ආපස්සට හැරවීම හා ජනප්රියවාදයට මුල් තැන දෙන පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට තිත තැබීමක් ලෙසයි.
ජනාධිපති ක්‍රමයට පක්ෂව අදහස් දක්වමින් ජේ ආර් ජයවර්ධනගේ උපදේශකයෙක් වූ ඒ ජේ විල්සන් ප්‍රකාශ කර ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයක් තුළින් රටේ ස්ථාවර පාලන ක්‍රමයක් ඇති කිරීම හා සුලූජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමක් සිදුවන බවයි. මෙහිදී ස්ථාවරත්වයක් තුළ ආර්ථික සමුර්ධිය ලඟා කර ගත හැකි බවක් දැක්වේ. එය යම්තාක් දුරට සත්‍යයක් වේ. එහෙත් සුලූ ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම යන තේමාව යටතේ ලංකාවේ සිදුවූයේ ජනාධිපතිවරයෙක් පත් කිරීම පිණිස සැමගේ ඡන්දයට සමාන වටිනාකමක් ලැබීම, සුලූජාතික පක්ෂ බිහිවීම, 1978 ව්‍යාවස්ථාවට අනුව සාමනුපාතික ඡන්ද ක්‍රමය යටතේ සුලූ ජාතීන්ට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලබාගැනීම හා ආණ්ඩු තැනීමට සුලූ ජාතික පක්ෂවලට දායක වීම හා පළාත්සභා හරහා ආසාර්ථක බලය බෙදා හැරීමක් සිදුවිය. ඒ ජේ විල්සන් විසින් ප්‍රකාශිත අරමුණු ජෙ ආර්ගේ පාලන යුගයේ තරමක් දුරට සාක්ෂාත් වුවත් පසුකාලීන එක් පුද්ලයෙකුගේ පිම්බීම වෙනුවෙන් මෙම ක්‍රමය යොදා ගැනීම තුළ පවුල් වාදය, කල්ලිවාදය, මුදල් අවභාවිතය, බලය අනිසි ලෙස පාවිච්චි කිරීම, මර්ධනය, සුලූ ජාතීන්ගේ අයිතීන් උදුරා ගැනීම, ප්රජාතන්ත්රවාදය පසු බැසීම හා ජනතාවගේ අයිතීන් හා නිදහස සීමාවීම සිදුවිය. මේ නිසා මෙම ක්‍රමය ආපස්සට හැරවීමක් බොහෝ දෙනෙක් අපෙක්ෂා කළහ.
මෛත්‍රීගේ ආගමනය
මෙම පසුබිම යටතේ මෛත්‍රිපාල සිරිසේනගේ ආගමනය ගැන කථා කළ යුතුවේ. මුළින්ම සඳහන් කළ හැක්කේ පොදුවේ මනුෂ්‍යයන් තුළ බලයට ඇති කෑදරකම ප්‍රදර්ශණය කරමින් මොහුද ලංකාවේ පෙර ජනාධිපතිවරුන් අනුගමනය කරමින් ජනාධිපති ක්රමයේ ප්රජාතන්ත්ර විරෝධි කොටස් තමන්ගේ අවශ්‍යතාව මත භාවිතා කර බවක් විශද වන බවයි. ජේ ආර් ගේ ව්‍යවාස්ථාවට අනුව බලන කළ සැබැවින්ම ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට සියයට සීයක් කැමැත්ත ප්‍රකාශ කළ හැක්කේ යහපත් ගති ගුණ ඇති පරාර්ථකාමී මනුෂ්‍යයෙකුට පමණි. එය ජනාධිපති මෛත්‍රී හමුවේ ඇති මූලික අභියෝගය වේ.
මෙම ලියුම්කරුට අනුව මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා වීම එක්තරා අකාරයක කුමන්ත්‍රණයක් කූඨෝප්රාප්තියට පත්වීමකි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බලමුලූ තර කළ විවිධ ජනප්‍රිය නායකයින් හා සිවිල් සංවිධානවල බොහෝ දෙනෙක් හට මහින්ද රාජපක්ෂ සමග කර ගත යුතු ගනුදෙනු රාශියක් විය. මේ බොහෝ දෙනක් මහින්දගෙන් පෞද්ගලික බැටකෑ අයයි. එහෙත් මහින්ද රාජපක්ෂ ඉවත් කර රනිල් පත් කිරීමෙන් මෙම ගනුදෙනු පියවා ගන්නට බැරිය. ඒ රනිල් තවත් ජේ ආර් කෙනෙක්වීමට ඇති ඉඩකඩ වැඩි වීම නිසා හා ඒ තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතුගාදැමීමක් සිදුවීමට ඇති ඉඩකඩයි. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වූයේ කෙසේ හෝ පාර්ලිමේන්තු බලය ලබාගෙන ක්‍රමිකව විධායක බලය නතු කර ගැනීමයි. එසේම රනිල් ලැබූ පරාජයන් හමුවේ ඔහුට ජයක් ලැබීමට ඇති ඉඩ කඩ අවම බව පක්ෂයේ මතය විය. එහෙත් පිටින් පැමිණි දුර්වල චරිතයකට සහාය දෙනවාට වඩා එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙකු ජනාධිපතිවීමෙන් පක්ෂයේ රනිල් ලකුණ පිරිහෙන බව රනිල් දනී. ඒ නිසා ඔහු පක්ෂයෙන් කෙනෙක් ඉදිරිපත් කිරීමට වෑයම් කෙළේ නැත.
මෛත්‍රිපාල සිරිසේනට සමහර රාජපක්ෂවරුන්ගේ ආශීර්වාදය තිබෙන්නට ඇති බව අද ඔහු ගෝඨාභය ආරක්ෂා කිරීම තුළ දැකිය හැකිය. මේ තුළින් ඔහු තමන් පැරදුණද ආපසු රාජපක්ෂලාගේ බලකොටුවට ඇතුල්වීමට පස්සා දොරක් ඇරවාගෙන තිබිණි. මේ බව අද ඔහු විසින් කරන කියන දෑ තුළින් මනාව තහවුරුවේ. අනික තමන්ගේ පක්ෂයේම සිටි දුර්වලයෙක් හා තරග කිරීමට මහින්ද රාජපක්ෂද කැමති වන්නට ඇත. එහෙත් මෙම නාඩගම දෙස සමාන්‍ය ජනතාව බලා ඇත්තේ වෙනස් ආකාරයකටයි. ඔවුන්ට අවශ්‍ය වූයේ සැබෑ වෙනසක් සමග රට පෙළන ලද විධායක ජනාධිපති යක්ෂයා පන්නා දැමීමයි. යහපාලනයක් තුළ සැබෑ දේශපාලන සංහිදියාවක් අපේක්ෂා කළද එවන් තත්ත්වයකට ඉඩක් නැති බව අද වැටහේ.
ජනාධිපතිවරයා ප්රමුඛ කරගත් කඳවුරට පැහැදිළි දැක්මක් තිබේද යන්න තවමත් ඔප්පු කොට නැත. එම කඳවුර, රාජපක්ෂවරුන්ට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටත් බියය. මේ නිසා මේ ද්විත්ව බියට මෙම කඳවුර දක්වන විවිධ ප්‍රතිචාර ඔස්සේ තමන්ගේ වල තමන් විසින්ම කපාගැනීමකට තල්ලූවී ඇත. රාජපක්ෂවරුන්ට කොන්ද නැවීම හා ඔවුන්ගේ වංචා දූෂණ යටපත් කිරීම තුළින් මෙම කඳවුරට ජනතා ශාපයෙන් ගැලවීමක් නැත.
අනාගතයේදී එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ජනාධිපතිවරයා ආරක්ෂා කරන්නේ නැත. ඒ නිසා ඔහුට නැවත වරක් ජනාධිපතිවීමට ඇති සිහිනය සැබෑ කර ගැනීම තවත් එක් සිහිනයක් පමණක් විය හැකිය. එහෙයින් තවත් එක් වසරක් හෝ වැඩියෙන් මෙම තනතුරේ වැජබෙන්නට ඔහුට අවශ්‍යව ඇත. ඔහු නොසිතන කරුණක් වන්නේ රාජපක්ෂවරුන්ගේ තුරුලේ සිට මෛත්‍රී සේවනට පැන්න හොරු රංචුව කල් යල් බලා දේශපාලන ගරිල්ලා ප්‍රහාරයක් මගින් මෛත්‍රී දේශපාලනයෙන් ඉවත් කරලීම නියත තත්ත්වයක් වීමය. මෙම ජනාධිපති නඩාගම නිසා සැබෑවටම විඳවන්නේ ජනතාවයි. අනතුරට වැටෙන්නේ රටේ අනාගතයයි. ඔවුන් ශාප කරන්නේ ජේ ආර්ටයි.
උපුටාගැනීම: SLG