පසුගිය දෙසැම්බර් 31 වනදා රාත්‍රීයේ පමණක් තම පොලිස් බලප්‍රදේශයේ පහරදීම් විස්සකටත් වඩා සංඛ්‍යාවක් සිදු කර ඇතිබව ගන්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා සඳහන් කරයි. ගන්දර ප්‍රදේශයේ දෙසැම්බර් 31 වනදා රාත්‍රියේ කොස්ගොඩ ලොක්කා විසින් කළ පහරදීමගැන විමසීමට අප ඔහු හා දුරකතනයෙන් සම්බන්ද වූ අවස්තාවෙදීයි ඔහු මේ බව සඳහන් කර සිටියේ.
කොස්ගොඩ ලොක්කා නමින් හඳුන්වන්නකු තමා නොදන්නා බවත් එදින සිදුවූ පහරදීම වලට සම්බන්ඳ පුද්ගලයන් මෙ වට විටත් අත්තඩංගුවට ගෙන ඇති බවයි පොලිස් පරීක්ෂක වරයා සඳහන් කර සිටියේ. මෙසේ එදින සිදු කළ එක් පහරදීමකට සෘජුවම සම්බන්ධ කොස්ගොඩ ලොක්කා සහ ඔහුගේ සහචරයින් පිරිස විසින් සිදු කරන මෙවැනි පහරදීම් හා වෙනත් අපරාධ ගන්දර ප්‍රදේශයේ දිනෙන් දින ඉහලට යන බවයි වාර්තා වන්නේ. එහෙත් ගන්දර ප්‍රදේශයම දන්නා, එම ප්‍රදේශයම බියවද්දාගෙන සිටින මෙම පාතාල චන්ඩියා අදාල ප්‍රදේශයේ පොලිස් පරීක්ෂකවරයා නොදන්නේ යැයි කීම විහිළු සහගතය. එහෙත් අපි ඔහුගේ එම නොදන්නා කමට යමක් නොකියන අතර එසේ කීමට බලකරන , නොදන්නේ යැයි කියමින් එයින් මඟහැර යෑමේ තියරිය මුළු පොලිස් පද්ධතියේම ඔවුනොවුන් සුරැකීමේ ක්රියාවේ දිගුවක් මිස නොදන්නාකමක් නොවනා බවයි අපගේ වැටහීම.
ගන්දර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල බංඩාරයන් නොහඳුනන එහෙත් මුළු ගන්දර ප්‍රදේශයම දැන් රටම හඳුනන කොගොඩ සුද්දාගේ පහරකෑමකට මෙසේ ලක්වී ඇත්තේ ගන්දර කන්දගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින 39 හැවිරිදි පුද්ගලයෙක්.
ඥාතියෙකුගේ අවමංගල්‍යයකට සහභාගී වී සිටියදී තම ඥාති සොහොයුරෙකු සොරබොර ලොක්කා නමින් හඳුන්වන පුද්ගලයෙකු සමග ඇතිකර ගත් ආරවුලක් සමතයකට පත් කිරීමට යාමේදී ඔහු සහ එම නිවසේ හිමියන් තමන්ට පහරදුන් බවයි පහරකෑමට ලක්වු පුද්ගලයා ප්‍රකාශකර ඇත්තේ.
එම සිදුවීමෙන් පසු තම නිවසට පැමිණ මොහොතකින් සොරබොර ලොක්කා සහ ඔහුගේ පුත්‍රයා විසින් තමන්ට සහ බිරිඳට පහරදුන් බවයි මෙම පුද්ගලයා සඳහන් කරන්නේ.
එහිදී හිස් කබලට සිදුවු බරපතල තුවාල හේතුවෙන් මාතර මහ රෝහලේදී ත් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලේදීත් සැත්කම් කිහිපයක් ම කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
කෙසේ නමුත් පොලීසිය නොදන්නා මෙවන් මැරයන් තවමත් දකුණ හොල්ලමින් සිටී. නීතිය සුරකින පොලිස් ඇමතිවරයාද මෙම පළාතේම නියෝජිතයෙක් වීම තවත් හාස්‍යජනකය. තවත් දින කිහිපයකින් පොලිස් ඇමතිගේ පාතාල සම්බන්දතා ගැන ලියන්නට අපි බලාපොරොත්තුවෙන් සිටිමු.
අප දන්නා තරමින් ආණ්ඩු මාරුවෙද්දී මාරුවන පාතාලය ද යහපාලනයෙදී ඉතාමත් ධරුණුවට ක්‍රියාත්මක වෙමින් තිබේ. දිනෙන් දින පාතාලය දේශපාලන හයියත් සමඟින් කරමින් සිටින යහපාලනය ගැන තොරතුරු ඉදිරියෙදී ලියන්නට බලාපොරොත්තු වෙමු.
සටහන: වසන්ත බංඩාර
මේ කොස්ගොඩ ලොක්කාගේ හපන් කමකි. වීඩියෝ උපුටාගැනීම හිරු රූපවාහිණියෙන්.