මේ මොහොතේ උතුරේ දෙමළ ජනයා පිළිබඳව ඇත්ත උවමනාවක් වේ නම් , දේශපාලන විසඳුමක් කරා මගක් සොයා ගැනීමට අවශ්‍යතාවයක් වේ නම් කිසි සෙත් මේ මොහොතේ යතාර්ථයක් කර ගත නොහැකි අපේ රාජ්‍ය ය තමිල් ඊළාම් අපේ නායකයා ප්රභාකරන් යැයි උද්ඝෝෂණය සේවය කරන්නේ කාටදැයි කුමන අන්තවාදයකට දැයි තේරුම් ගැනීම හමුදා නිලධාරියාගේ රංගනයත් සමඟ එකිනෙකට බද්ධ වුවකි.
හමුදා නිලධාරියාගේ පැමිණීමත් ඔහුගේ රංගනයත් එය වීඩියෝ කිරීමත් බෙල්ල කපන දර්ශනය ලොවට පෙන්වීමත් උද්ඝෝෂණයේ ම තවත් එක් කොටසක් බව සිංහල ලේ යැයි මහා නාද පවත්වන ප්‍රොෆයිල් පික්චර් මාරු කර ගන්නා මල පොතේ දේශපාලනයක් නොදන්නා තොත්ත බබ්බුන් නොදනී .
ඒ සමඟම ලේබර් බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ මන්ත්‍රී වරියන්ගේ ඉල්ලීම මීට සම්බන්ධ කල හැක.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක්ව සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියා නෙරපා හරින ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු විසින් එරට විදේශ ලේකම්වරයා වෙත ලිපියක් යවනු ලැබ තිබේ.
“ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවයේ නිරත බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ රාජ්‍යතාන්ත්‍රික බලපත් ඉවත් කරමින් ඔහු නෙරපා හරින ලෙස ජොආන් රයන් (Joan Ryan ) සහ ෂෝආන් මැක්ඩොනග් (Siobhain McDonagh) යන මන්ත්‍රීවරියන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති” බව එම නිවේදනයේ දැක්වෙයි.
පෙබරවාරි හතරවෙනිදා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයක යෙදෙන අතරේදී අදාළ නිලධාරියා ‘යමෙකුගේ ගෙල සිඳින බව කියා පෑමේ සංඥාවක්’ කිරීම එහි සිටි දෙමළ පුද්ගලයන් බිය ගැන්වීමක් බව ද ලේබර් පක්ෂ මන්ත්‍රීවරියන් විසින් යොමු කරන ලද ලිපියෙහි සඳහන් වේ.
පාර්ලිමේන්තු මන්ත්රීනී ජොආන් රයන් (Joan Ryan ) දෙමළ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ උප සභාපතිනියක වන අතර ෂෝආන් මැක්ඩොනග් (Siobhain McDonagh) එහි ජ්‍යෙෂ්ඨ උපසභාපතිනිය වන්නීය.
ඒ සමඟම සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන මෙන් එහි සිටින මහ කොමසාරිස්වරියට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිවේදනය නිකුත් කලේය..
දෙමළාගේ ලේ රස සොයන අන්තවාදීන්ට මෙය රස බෝජුනකි. සිංහල ලේ නලියන අපි ඔබ සමගයි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු.. කියන වුන් නොදන්නේ එල් ටී ටී ඊ උද්ඝෝෂණය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ රංගනයද ද එකම අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නක් බවයි.
ජාත්‍යන්තර ගේම් දේශපාලනය නොදන්නා තොත්ත බබ්බුන් මේ අන්තාවාදයට පාර කපන මගෙහි කරවටක් එල්ලී සිර වී ඇත. එල් ටී ටී ඊ තමිල් ඊළාම් උද්ගෝෂණය සේම බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ රඟපෑමත් දෙකම එකට සිදුවන්නකි.
දැන් ජනාධිපතිගේ උපදෙස් මත ඔහු නැවත සේවයේ පිහිටුවා ඇත.
අපේ රාජ්‍ය ය තමිල් ඊළාම්, අපේ නායකයා ප්රභාකරන් කියන උදවිය සේම බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ බෙල්ල කපන දර්ශණයද එකම දේශපාලන අරමුණක් නියෝජනය කරන්නකි.
උතුරේ දෙමළ ජනයාට අවම නිදහසක් හිමි කර ගැනීම වෙනුවෙන් වාමාංශය උත්සහා කරන දේශපාලන අරගලයට එරෙහි නැවත අන්තවාදය නිර්මාණය කිරීමේ , යුද්ධය ඉල්ලා සිටීමේ දේශපාලන ගේම් එකක් ම පමණි.
ඉහත උද්ගෝෂණය පිළිබඳව ටෙරල් සහෝදරයා ඔහුගේ ෆේස් බුක් ගිණුමේ මතුකර තිබු සටහනක් මෙයට අපි එක් කරන්නෙමු.
…………………………………………………………………………………………………………………………………………………..
LTTE එක යුරොපය තුළ නැවත එලිපිට ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන. මේ ක්‍රියාවන් නැවත වටයකින් සිංහල අන්තවාදය ( දෙශපාලන බලය බෙදීමක් කොහෙත්ම අවශ්‍ය නැහැ කියන කට්ටිය ) ශක්තිමත් කර එක අරමුණකට ගෙන ඒමට උපකාරි වෙනවා. පිඩිතයාගේ විමුක්තිය වෙනුවෙන් සටන් කරන සිංහල කන්ඩායම් පීඩිතයාගේ සටන්කාමී කන්ඩායම්වලින් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තියෙනවා.
1) ඔබලාගේ සටන්,උද්ඝෝසන,ප්රචාරක කටයුතුවලින් සිද්දවෙන්නේ පීඩකයා අතර ඇති බෙදීම් සමණය කර එක තැනකට ගෙන එන එකනම්, අවසානයේ මේවා සෙවය කරන්නේ කාටද?
2)පීඩකයාට එරෙහිව උද්ඝෝසන කරන ඔබලා තුළම ඇති පීඩක මතවාද, පැවතුම් වලට විරුද්දව අරගලයක් නොකරන්නේ ඇයි? ( දෙමල සමාජය තුළ අති කුළවාදය කොයි තරම් බරපතලද කියලා දැන ගත්තේ සුවිස්ටර්ලන්තයට ආපුවාමයි )
3) ඔබාලාගේ යොජිත අවසාන විසදුම ‘ඊලම’නම්
එය ලබාගන්නේ කෙසේ ද? ජනමත විචාරණයක් වැනි ප්රජාත්න්ත්රවාදී ක්‍රමයකින් එය ලබාගැනීමට ඇති ඉඩ ඇත්තේම නැති තරම්. එසේනම් නැවත යොජානා කරන්නේ යුද්දය ද? යුද්දයනම්(?) යොජනාව, අවුරුදු 30ක් තිස්සේ කළ යුද්දය අව්සානයෙ මිනිස් ඉතිහාසයේ දැවැන්ත ඛේදවාචකයක් හැටියට විතරක් අවසන් වුනේ ඇයි? එය හුදූ රාජ්‍යයේ කෲරත්වයම ද? එලිනන්ගේ බිරිද අතුරුදාන්වුවන් සෙවිමේ කොමිසම හමුවේ මුලින්ම සාක්ෂි දෙන්න ඇවිත් කිවාසේ ‘ජාත්‍යන්තරය අපිව රැවැට්ටුව’ නිසාද? තමිළිනී තමන්ගේ ‘තියුනු අසිපතක සෙවණ යට’ පොතෙන් කියන කතාව පට්ටපල් බොරුවක් ද?
පීඩිත ජාතියේ ස්වයං නිර්ණය සඳහා වූ අයිතිය මූලධාරමිකව පිළිගන්නා ජාතිකවාදී වාමාන්ශිකයන් නොවන වාමාන්ශිකයන්ට ඉතිහාසයෙන් ඉගෙන ගන්න තියෙන බරපතලම පාඩමක් තමයි; පීඩිතයාගේ අරඟලය ගමන්ගන්නා මාර්ගය සම්බන්දව විවෙචනයකින් තොරව සහාය පළකිරීම අවසානයේ සෙවය කරන්නේ ඔහුන්ගේ ද, අනෙකුත් සියලූම පීඩිත අරඟලවලට ද විනාසය කැදවීමට පමණක් බවයි.
උපුටාගත්තේ විවර ඊ නිවුස්
වෙනත් YouTube නාලිකා දෙකක වීඩියෝ පහතින්