තිස් අවුරුදු යුද්ධය අවසන්වී තවත් වසර නවයක් ගෙවී ඇතත් ලාංකීය ජනසමාජය සංස්කෘතික ජීවිතක් යලි ලැබුන බවක් පෙනෙන්නට නොතිබුනේය 1983 ගිනිදැමු සිනමාහල් අලුතෙන් ඉදි නොකෙරුනේය ඉතිරිවු සිනමාහල් වලින් වැඩි කොටසක් වසා දැමුනේය ප්‍රදේශිය නගරවල නාට්‍ය පෙන්වීම පසුගිය සියවසේ අගභාගයේ තිබු තැනට යලිත් ලඟානුනේය අප දන්නා උදාහරනවලින් කීවොත් අම්බලන්ගොඩ බඳු ප්‍රාදේශීය නගරයක් එකදහස් නවසිය හැත්තෑවේ අවසානය වෙද්දී අනුර සමුද්‍රා හා රීගල් යන නම් වලින් සිනමාහල් තුනක් තිබුනේය අදවන විට අම්බලන්ගොඩ නගරයේ එකදු සිනමාහලක්වත් නැත ලංකාවේ මුල්ම සංචාරක නිකේතනය වූ හිකකඩුවේ පසුගිය සියවසේ හයවෙනි දශකය වෙද්දී විශාල කූඩරමකවු සිනමා ශාලවක් තිබුනේය එය හැතෑවේ දශකය වෙද්දි කපරාරු නොකෙරුනු ටකරන් සෙවිලිකල ගඩොල් ගොඩනැගිල්ලක් බවට පත්වුනේය අසුවේ දශකය වෙද්දී එයත් කඩා දැමුනේය මේ තත්වය ගාලු නගරයට ද පොදුය මේ නගරතුනේම නාට්‍යක් පෙන්වීමට හරිහමන් රඟහල නැත අප මේ තොරතුරු ලීවේ දන්නා තැනකින් පටන් ගැනීමටය .
ලාංකිකයන්ගේ සංස්කෘතික ජීවිතය බිඳ වැටුනේ දිග්ගැස්සුනු සිවිල් යුද්ධය නිසා යයි කලක් අපි විශ්වාඅස කෙරුවෙමු මෙයට අමතරව ජාතික ප්‍රවාහන පද්ධතිය ජේ ආර් ජයවර්ධන ගෘහ කර්මාන්තයක් කිරීමෙන් රාත්‍රි බස්සේවා නැතිනිසා ලාංකිකයාට රාත්‍රි ජීවිතයත් සංස්කෘතික ජීවිතයත් අහිමු වූ බව තවත් විටෙක කීවෙමු සිනමාව ලාභ නොලබන කර්මාන්තයක් බවට පත්වූයේ ලාභ ගැලරිය වසා දිළිඳු රසිකය සිනමාහලෙන් නෙරපූ නිසා බව අපි විටෙක කියා සිටියෙමු නමුත් මේ කිසිම උපකල්පනයක් තහවුරු කිරීමට තොරතුරු අපසතු නොවීය.
රට පුරාම දකින්නට තිබු පොල් අතු හා ඉලුක් සෙවිලි කල නිවාස භූමි දර්ශනයෙන් ඉවත්වී ඒ වෙනුවට ගඩොලෙන් බැඳි උළු සෙවිලිකකල නිවාස පැමිනියත් සෑම ප්‍රධාන නගරයකම විශාල වශයෙන් ගොඩනැගිලි ඉදිවූවත් කිසිම ධනවතෙක් සිනමාහල් හෝ නුත්‍යශාලා ඉදිකිරීමට මුදල ආයෝජනය කල වගක් පෙනෙන්නට නැත අපි අර්ධ මනුශ්‍යයන් හැටියට අහාර ලිංගික උවමනාවන් සපුරා ගැනීම හා යහපත් ඇඳුම් වලට සීමාවී සන්ස්කෘතික ජීවිතය යනු හැන්දැවට රෑපපෙට්ටියට යටවී නිදා ගැනීම තොරාගත්තේ ඇයි මේ සඳහා නිසි පිලිතුරු අපසතුව නැත නමුත් අපි රටක් හැටියට පංති වෙනස්කම් නොතකා සංස්කෘතික ජීවිතයක් යලි සොයමින් සිටින්නෙමුද?
මේ හැඟීම අපසිත්තුල ලියලන්නට පටන්ගත්තේ පසුගියදා එනම් 24වෙනි සෙනසුරාදා රත්නපුර නවනගරයේ පුස්තකාල ශ්‍රවනාගාරයෙන් උතුරා ගිය ගී රස විනිස ප්‍රසාංගිග රාත්‍රිය උනුසුම්ව විඳ ගැනීමත් සමඟය මහනුවරින් පැමිනි හේරත් විජයබන්ඩාර හා ඔහුගේ වාද්‍යවෘන්දය පැයතුනක් පුරා සීගිරි ගීයේ සිට ගුවන් විදුලි සරළ ගී යුගය දක්වාවු සිංහල ගීයේ විපරිනාමය හා ගී රචනයට යෙදු බස හා එහි ආඪ්‍යයත්වය නිදර්ශන ගායනා තුලින් රසගන්වද්දී රතනපුර පලාතේ විවිධ ප්‍රදේශවලින් විවිධ පංතීන් අයත් හා විවිධ වයස් කාන්ඩ වලින් පැමිනි ස්ත්‍රිපුරුෂ දෙපාර්ශ්වයම මහත් සොම්නසින් රසවින්දාහ .
අභාවිතයට යමින් සිටින බසක අපුරුව එයින්ම රචිත ගී වලින් හැර වෙන කවර ආකාරයකට පෙන්නුම් කරන්නද ගී රසවින්දනය ප්‍රාසාංගික කලාවක් හැටිය මෑතකදී සිංහල ජන සමාජය තුල ජනප්‍රිය කලාංගයක් වෙමින් පවතින්නේය ජයතිලක බන්ඩාර, රත්න ශ්‍රි විජේසිංහ හා ජොසප් පියතුමා පවත්වන මේ ගී රස වින්දන මෙරටේ පමනක් නොව විදෙස්ගත ලාංකිකයන් අතරේත් ජනප්‍රිය කලාංගයක් බවට පත්වී තිබෙන්නේය.
නුතන ලාංකික ගී සංස්කෘතිය තුල දිගු කලක් පැවතුනේ ගී ගැයීම හා ගී ඇසීම පම්ණකි ගැයීමෙන් හා ඇසීමෙන් ඔබ්බට ගිය ගී රස විනිස හෙවත් විනිශ්චය කිරීම්මේ පුරාණ සම්ප්‍රදාය යලිත් පටන් ගැනෙන්නේ පසුගිය සියවසේ අගභාගයේදීය නමුත් එය පුරාන සම්ප්‍රදායෙන් වෙනස් වූවක් හැටියට නැවත එන්නේ මන්ද කව්සිළුමිණ විනිස ගුත්තිල විනිස මෙන්ම පුරාණ සාහිත්ය තුල ඒ ඒ විෂයන් විනිශ්චය කිරීමට එසේත් නැතිනම් කතුවරයා හා ශ්‍රාවකයා අත්‍ර තු දුර පියවීමට අටුවා ටීකා ටිප්පනි හා ගැටප්ද ලියැවුනේය මේ නුතන ගී විස්චය කිරීම පටන් ගැනුනේම ප්‍රසිද්ධ සංවාද හා සම්මන්ත්‍රන හැටියටය පැරනි ගුවන් විදුලියේ වැඩසටහන් තුල ගීයක රස පෙරා ගැනීමට හැඳින්වීම් ඇතුලත් කෙරුනත් එහිදී රසෝත්පත්තිය මිස රස භංගය සංවාදයට නොගැනුනේය.
නමුත් පසුගිය දසකයේ අගභාගයේ රසික සංසද ස්වාධීනව ගොනුවෙමින් කෙරුනු ගී රස විනිශ්චයේ අගවිනිසුරුව සිටියේ පේරාදෙනි ගුරුකුලයේ ඉපදී පසුව මුලු ඇකඩමියාවටම අභියොග කල මහැදුරු සුචරිත ගම්ලත්ය පෙරපර දෙදිග සෞන්දර්ය වේදයන්හි ප්‍රාරප්‍රාප්තිකයෙක් වූ එතෙක් පැවති බමුනුවාදි කලා ගම්ලත් මාක්ස්වාදි කලා ප්‍රවේශයේ තියුනු මෙවලමින් ගීත විනිර්මාණය හෙවත් විසංයෝජනය කලේය මේ ප්‍රවේශයෙන් ඔහු එතෙක් පැවති බමුණුවාදි කලාකරුවන් හා කලා නිර්මාන වන්දනාව අවසන් කෙරෙව්වේය පසුකලෙක ඔහු ගී මිණිආර පැදිමිණිආර බඳු ගුවන්විදුලි වැඩසටහන් වලින් වඩාත් පලල් රසික සමාජකට මේ ප්‍රවේශයන් ගෙනගියේය .
ගී රසවින්දනය විශේශයෙන්ම සිංහල ජන කන්ඩායම තුලදී දක්නට ඇත්තේ නිර්ප්‍රභූ පංතිය තුලය ලාංකික ප්‍රභූ පංතිය තවමත් ලින්ගුවා ෆරැන්කාවේ වහලුන්ව ඉන්ගිරිසි ගී ම රසවිඳිමින් සිටිති අලුතෙන් දේවාර් සුර්යසේනලා හා සුර්යශන්කර් මොල්ලිගොඩලා සිංහල ගී ගයන්නට නැත්තේ මේ අවුල ඇවිලීයන නිසාය රටේ ප්‍රභූ පංතිය සංස්කෘතික හිවලුන් වෙද්දී නිර්ප්‍රභූන්ට සංස්කෘතියලබා ගැනීමට ස්වයංව සංවිධානය වීමට සිදුවෙයි රත්නපුරයට ගී රස විනිස කැන්දු කලා කේන්ද්‍රයදට ඇත්තේ මෙබඳු සමාජ පසුබිමකි.
බැලු බැමටම මේ ප්‍රසංගය තුල භාෂා ප්‍රේමීත්වයක් පෙනුනත් ගී ඉතිහාසය විස්තර කෙරෙද්දී නුතන සිංහල ගීය බහු ජාතික බහු ආගමික කටයුත්තක් බව නිරන්තරයෙන්ම තහවුරු කෙරුනේය නමුත් රටේ දිලින්දන් අතරේ පවතින ගර්හිත ජනප්‍රිය ගී සංස්කෘතිය ප්‍රසංගයේදී මුලුමනින්ම නොතකා හැරුනෙන් සිංහල ගී කලාව මැදින් බර්ලින් තාප්පයක් ඇති බව රසිකයන්ට හැඟී ගියේනම් එය පුදුමයක් නොවේ සිංහල ජනප්‍රිය ගීය තුල දුලබ රතුකැටවන් අගනා ගී අතලොස්සක් ඇතිබව ගී රස විනිසුරුට අමතක වීම අතිශයින්ම කනගාටුදායකය.
රසවිඳීම පොදු මානව හැඟිමක් නිසාදෝ රත්නපුර රසිකයාට මෙහිදී විඳීම හැර වෙන කිසිම බරක් පටවා තිබුනේනැත මේ වූකලී දුර්ලභම සිදුවීමකි සමන්‍යයෙන් සිදුවෙන්නේ මෙබඳු ප්‍රසංගයකදි ටිකට් කඩා වතුරත් ආහාරත් විකුනා සංස්කෘතිය නාමයෙන් බඩවඩා ගැනීම වූවත් එබඳු අසීලාචාරකම් සංවිධායකයෝ නොදැනම සිටියහ මෙබඳු ප්‍රසංගික අත්දැකීමක් රටේ සෙසු පලාත්වලට බෙදා හැරෙන්නේනම් විසුරුනු රසිකයන් යලි සංස්කෘතික ජීවිතයකට හුරුවීම අපුරුවට ඇරඹෙනු ඇත.
මේ මොහෝතේ මතුවෙන සංස්කෘතික හැසිරිම විනිශ්චය කිරීමට අපි පශ්චාත් විජිත අධ්‍යනයේ සබොල්ටන් ඉගැන්වීම් හෙවත් නිර්ප්‍රභූ ඉගැනිවීම් වල උපකාරය කැඳවා ගැනීමට කල්පනා කලෙමු පශ්චාත් විජිත නිදහසේ 70 වෙනි සැමරුම ඉන්ගිරිසි රජ පවුලේ කුමාරයෙකු ගෙන්වා සැමරු සමජක් විසංයෝජනය සඳහා වඩාත් ගැලපෙන්නේ පශ්චාත් විජිත අධ්‍යනයයි.
අපගේ මේ මතය දේශපාලනිකව පලිප්පු දැමුවොත් හමුවන්නේද මීට සමාන පිලිතුරකි ලංකාවේ පශ්චාත් යටත් විජිත රාජ්‍යයට පසුගිය 70 වසර තුලදී උතුරේදීත් දකුනේදීත් තෙවරක් සන්නද්ධ කැරලිවලින් අභියෝග කලේ නිර්ප්‍රභූ පන්තියෙ නායකත්වයෙන් නිර්ප්‍රභූන්මය ඉන්ගිරිසි යටත් විජිතය තුල මුල්ම නිදහස්සටන 1818 දී ඌව පලාතෙන් දියත් වන්නේ වැදි ජනයාගේ නායකත්වයෙනි 1848 මාතලේ කැරැල්ලේ නායකතවය අයිති වන්නේ ගොන්ගාලේගොඩ බංඩලාට හා පුරන් අප්පුටය අඩුම තරමින් මේ ඉන්ගිරිසි විජිතයේ සිංහල සංස්කෘතික කැරලිකරුවාවු අනගාරික ධර්මපාල පවාපැමිණියේ නිර්ප්‍රභූ පංතියෙනි මේ ඉතිහාසය පුරාම අපට මේරටේ ප්‍රභූන් හමුවන්නේ ගිවිසුම් අත්සන්කර උඩරට රාජධානිය ඉන්ගිරිසි රජ පවුලට භාරදෙන්නන් හැටියට හෝ ඔවුන් සමඟ හවුලේ රට පාලනයට කැමැති පිරිසක් හැටියටය .
මේ සංස්කෘතික නැඟිටීම නිර්ප්‍රභූ පංතියක නායකත්වයෙන් සිදුවෙන බව අප විශ්වාස කරන්නේ ඇයි හොරණ සිට මහනුවර ගමන් ගන්නා පුත්ගලික බසයක ජංගම පුස්තකාලයක් තිබේ මෙහි ගමන් ගන්නා මගීන්ට ගමනාරම්භයේ ලබා ගන්නා පොත් කියවා ගමනාවසානයේ ආපසු භාර දිය යුතුය මේ වෙනුවෙන් ගාස්තුවක් නැත ගාලු දුම් රිය පොලේ මගීන් සඳහා පුස්තකාලයකි දුම් රිය එනතෙක් රස්තියාදු වෙන මගීන්ට කියවීම සඳහාය කොට්ටාව මහල් ආරාවේ බේකරියේ වල ව්කල්ප සංස්කෘතික ප්‍රසංග පවත්වයි නාට්‍ය පෙන්වයි මුදල් ගැරීමට නොව සංස්කෘතික ජීවිතයක් බෙදාහදා ගැනීමටය .
රත්නපුරේ කලා කේද්‍රය ආරාධිත රසිකයාට රසමසවුළු වලින් සංග්‍රහ කර නිදහස් රසිකයාට ගීරස ව්නිශයට හවුල්කර ගනී එයින් නොනැවති රෑ මදියමේ ප්‍රසංගය ගැන කතිකාවක් දියත් කරයි එයිනුත් නොනැවතිරසිකයන් ආරක්ශිතව යැවීමට බස් රථද සුදානම් කරයි මේ සියල්ලම යට ඉන්නේ මේරටේ ධනවත් බලවත් ප්‍රභූ පංතිය නොවේ නිර්ප්‍රභූන්ය ඔවුන්ට මිලියන 20 30 බදු සහන සහිත ඩියුටි ෆ්‍රි වාහන විකුනා ගැනීමට නොලැබේ එසේත් නැතිනම් රාජ්‍ය බලය යොදා ලබා ගතහැකි වෙනත් වරප්‍රසාද නොලැබේ නමුත් ඔවුහු තමන්ට මෙන්ම අවට සමාජයට ද ස්ංස්කෘතික ජීවිතයක් සොයා ගෙන නැගී සිටිති අපගේ සිහියට නැඟෙන්නේ බිරිතානි කෞතුකාගාර පුස්තකාලයේ ඇති තුන් දහසක් පමන වන හියු නෙවිල්ගේ ලංකා පුස්කොලපොත් එකතුවයි මේ බොහොමයක අයිතිකරුවන් වන්නේ නයිදෙලා මැණිකෙලා බඳු නුවර යුගයේ නිර්ප්‍රභූන්ය බොහො පුස්කොලපොත් වල අවසානයේ මෙබඳු නියෝගයක් ලියවී ඇත්තේය මේ ටිකිරි නයිදෙට අයිති පුස් කොලයයි මෙය කියවූ කෙනෙක් මට පිං පැමිනවිය යුතුය මේ අහිංසක ඉල්ලිම අපද මේ නුතන පුරෝගාමී නිර්ප්‍රභූ ජනයා වෙනුවෙන් කල යුතු නොවේද…?
නන්දන වීරරත්න
බුකියෙන් උපුටාගන්නා ලද්දකි