වැලිකඩ ඝාතනයේ වගකිවයුත්තන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් එම ඝාතනය ඇසින්දුටු සාක්ෂි කරු සුදේශ් නන්දිමාල් මහතා නඩු අංක (130/17) අභියාචනාධිකරණයේ 2017 වර්ශයේ පවරා තිබූ නඩුව අද දින නිශ්ප්රභා කරන ලදි. වැලිකඩ ඝාතනයට වසර 05 ක් ගතවී ඇතත් මේ වන තෙක් කිසිදු සැක කරුවෙකු අත් අඩංගුවට ගෙන නොමැති පසුබිමක අභියාචනාධිකරණය නිශ්ක්රීය අයුරින් කටයුතු කිරීම මගින් දෙන පනිවිඩය පසුගිය රජයෙන් කල අපරාධ වලට නීතිය ක්රියාත්මක වීමට තරම් අදිකරණය ස්වාදීන නොවන බවයි.
මෛත්රී පාල සිරිසේන නැවත වරක් රාජ්ය බලය අත්පත් කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමග හවුලේ හීන දකින විට අපරාධ කරුවන්ට පක්ෂව නීතියද ක්රියාත්මක වී ඇත. වැලිකඩ ඝාතකයන් සරන ගිය රටේ විදායකය බලය රැක ගැනීමට මීට වඩා බොහෝ දේ ඉදිරියේදී ක්රියාත්මක කරනු ඇත. මැතිවරන ප්රතිපලය සමග වෙස් මාරු කර ඇති කටුස්සන් ගොඩට අදිකරණය පොලීසිය නියත වශයෙන්ම වැටී ඇති බව අද දින අදිකරණය විසින්ම ජනතාවට පැහැදිලි සංඥාවක් නිකුත් කොට ඇත.වැලිකඩ රැදවියන් 27 ඝාතනය වූ වාසේම අදිකරනයෙන් යුක්තියේ මලගමද සනිටුවහන් කර ඇති මොහොතක මෙතෙක් වැලිකඩ අපරාධයට එරෙහිව කටයුතු කල සියලු සාක්ෂි කරුවන් සහ ක්රියාකාරිකයන්ගේ ජීවිත අනාරක්ශිත භාවයට ලක්වී ඇත.
උපුටාගත්තේ අකුණ අඩවියෙන්