මාතර සිට අම්පාර දක්වා ගමන් ගත් පෞද්ගලික අංශයට අයත් බස් රථයක් තුළ එම බසයේ ගමන් ගත් මඟියකුට එම බස් රථයේම ගමන්ගත් තවත් පුද්ගලයකු තැබූ වෙඩිපහරකින් එම මඟියා බස් රථය තුළ දීම මරාදැමීමේ පුවතක් හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයෙන් වාර්ථාවෙයි. පසුගිය 26 වන සඳුදා සවස මිරිජ්ජවිල මන්සන්දියේදී සිදුකළ මෙම වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව – ඇතිමලේ වැව, ගඟේයාය අංක 103/02 හි තාවකාලිකව පදිංචිව සිටි තිස් හතර හැවිරිදි විවාහක පුද්ගලයෙකි. මරාදැමුණු මෙම පුද්ගලයා මීට පෙර අංක 223/ඒ, අදුපැලන, රන්න ලිපිනයේ පදිංචිව සිට ඇති බවයි වාර්ථාවන්නේ.
තංගල්ල රන්න අඳුපැලෑන ප්‍රදේශයේ 2011 වසරේදී සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ඳව තංගල්ල මහාධිකරණයේ පැවැත්වෙන නඬු විභාගයකට පෙනී සිට ආපසු ඇතිමලේ තම නිවස බලා අම්පාර බස් රථයෙන් සිය බිරිඳ සමඟ ගමන් කරමින් සිටියදී හම්බන්තොට මිරිජ්ජවිල මන්සන්දියේදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවට මූලික පොලිස් පරීක්ෂනවලින් අණාවරනය වී ඇත. මියගිය පුද්ගලයා මෙම නඩුවේ තුන්වන විත්තිකරු වන බවත් මීටපෙර මෙම නඬුවේ පළමුවැනි විත්තිකරු වූ ඔහුගේ බාප්පාද ඝාතනයට ලක්ව ඇති බවටද පොලිස් පරීක්ෂනවලින් හෙලිවී තිබේ.
බස් රථයේ රියැදුරු වන සුරාජ් මහතා අප සමඟ කියා සිටියේ “මෙම බස් රථය මිරිජ්ජවිල ප්‍රදේශයට ළංවන විට පිටුපසින් මහා ශබ්දයක් ඇසුණා. මම හිතුවේ බස් බෝම්බයක් කියා. ඒ සමඟ කෑ ගහන හඬක් ඇසුණා. මම බස් එක නතර කරා. පසුපස සිද්ධිය මම දැක්කේ නැහැ. බස් රථයේ සෙනඟ සිටියා. වෙඩි තියලා කියලා කෑ ගැහුවා. මම බස් රථය තුවාලකරු සමඟ හම්බන්තොට මහ රෝහලට පැමිණියා. තුවාලකරු ඒ වනවිටත් මිය ගොස් සිටි බව දැන ගන්න ලැබුණා.”
මේ අතර බස් රථයේ පැමිණි මගියෙක් අප සමඟ කියා සිටියේ “මම කුඩාවැල්ලෙන් බස් රථයට ගොඩවුණා මොණරාගල යන්න. හම්බන්තොට ට ළංවෙනවාත් සමඟම මහා පිපිරීමක් සිදුවුනා. බසය නතර කළාට පස්සේ බස් රථයේ මගීන් බිමට බැස හිස් ලූ අත දුවන්න ගත්තා. මේ අතර සිටි කෙනෙක් මෝටර් රථයක් ඇවිත් අරගෙන ගියා දැක්කා. තුවාලකරු අරගෙන බස් රථය රෝහලට ගියා.”
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් මත, හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී එස්.එස්. අතුල ද සිල්වා මහතාගේ මෙයෙවීමෙන් හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂක ජී.එස්.පී. අබේසිංහ මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ සිදු කෙරේ. වැඩිදුරටත් වාර්ථාවන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් මේ වන විට සිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. එක් එක් කණ්ඩායම් වලට විවිධවූ රාජකාරි පැවරී ඇති අතර මෙම ඝාතනය සඳහා පැමිණි පුද්ගලයින් , ඒ සඳහා භාවිතාකළ වාහන හා අවි ආයුධ සොයාගැනීම මෙම පොලිස් කණ්ඩායම් වල අරමුණු වී ඇත.
ශ්‍රී ලංකා පොලීසියේ අප දන්නා තරමින් දක්ෂ වැඩකරුවන්, නිළධාරීන් සිටිනාබව නොරහසකි. හම්බන්තොට මූලිකකරගත් රාජ්‍යපාලනයක් ගෙනගිය රාජපක්ෂවරුන් තම මව්පියන්ගේ සොහොන් ඉදිකිරීමට රාජ්‍යමුදල් අමු අමුවේ යොදාගෙන ඇති ආකාරය සහ වෙනත් දූෂිත මැති ඇමතිවරුන්ගේද දූෂන අක්‍රමිකතා ලොවට සාක්කි සහිතව පෙන්වීමට සමත් වූ දක්ෂ නිළධාරීන්ගෙන් සමන්විතවන ශ්‍රී ලංකා පොලීසිය මෙම සිදුවීමේදීද ඉතාම සූක්ෂම ලෙස කටයුතු කර ඇති වබ මොනවට පැහැදිළි වෙයි.
ඒ අනුව පසුගිය 28 වනදා වෙද්දි මෙම පොලිස් කණ්ඩායම් වලින් එකකට තම ඉලක්කයන් සපුරා ගැනීමට හැකි විය. ඒ අනුව 28 වනදා දහවල් වෙද්දී මෙම ඝාතනයට සම්බන්ධ සැක කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය හා එය කුලී පදනම මත ලබාගත් පුද්ගලයා අත්තඩංගුවට ගැනීමට එක් පොලිස් කණ්ඩායමක් සමත්වී ඇත. ඒ මේ ඝාතනය ගැන සෙවීමට පත්කළ තංගල්ල කොට්ඨාශය භාර දූෂන මර්ධන ඒකකයේ ශූර නිළධාරීන් පිරිසටය. ඔවුන් සඳහන් කරන්නේ මේ ඝාතනය සඳහා යොදාගෙන ඇති මෝටර් රථය අවිස්සාවේල්ල ප්‍රදේශයේ කාන්තාවකට අයත් එකක් වන අතර ඇය විසින් එය ඇහැලියගොඩ ප්‍රදේශයේ මෝටර් රථ කුලීපදනම මත ලබාදෙන ස්ථානයක් වෙත ලබාදී තිබේ. පසුගිය 24 වනදා මෙම ඝාතනය සිදුකළ පුද්ගලයින් විසින් මෝටර් රථයක් කුලී පදනම මත ලබාගැනීමට ගොස් ඇති අතර නමුත් එම ස්ථානයෙන් වාහන කුලියට දීම සිදුවන්නේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පමණක් බව එහිදී පවසා තිබේ.
මෙම සේයාරුවෙ දැක්වෙන්නෙ එම කාර් රථයයි……..
එයින් තම ඝාතන අරමුණ පසෙකට නොදාගත් මිනීමරුවන් තම මිතුරකු මාර්ගයෙන් මෙම වාහනය පසුගිය 24 වනදා කුලීපදනම මත ලබාගෙන තිබෙන්නේ 26වනදා සවස යළි ගෙනවිත් දෙන පොරොන්දුව මතය. කෙසේ නමුත් පොලීසිය වාහනය කුලීපදනම මත ලබාගත් ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවා වහාම අත්තඩංගුවට ගත් අතර ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්නකිරීම් හමුවේ ඝාතනයට සම්බන්ධ රන්න, වීරකැටිය හා කඩවත යන ප්‍රදේශයන්හි පදින්චි තිදෙනකු ගැන තොරතුරු ලබාගැනීමට පොලිස් කණ්ඩායමට හැකි වී ඇත.
ඒ අනුව ලහි ලහියේ ක්‍රියාත්මක වූ හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී එස්.එස්. අතුල ද සිල්වා මහතා එක් පොලිස් කණ්ඩායමක් ඉතාම ඉක්මනින් තංගල්ලට පිටත් කර යැවූ අතර අප මේ සටහන තබන මොහොත වෙද්දී එම නිළධාරීන් තම රාජකාරිය අකුරටම ඉටු කරමින් රන්න ප්‍රදේශයේදී මෙහි මහමොල කරු හෝ එසේත් නොමැතිනම් මෙම ඝාතනය කළ අපරාධ කරු හෝ විය හැකි රන්න, අඳුපැලෑන පදිංචි සුජී නමැත්තකු අත්තඩංගුවට ගැනීමට සමත් වී ඇත. ඔහු සතුව තිබී ගල්කටස් වර්ගයේ ගිණි අවියක්, බෝර 12 ගිණිඅවි සඳහා යොදාගන්නා පතරොම් කිහිපයක් ද සොයාගැනීමට සමත්වී ඇත. අනෙක් සැකකරුවන් සොයා අත්තඩ්ංගුවට ගැනීමට මේ වන විටත් වීරකැටිය හා කඩවත යන ප්‍රදේශවලට තවත් පොලිස් කණ්ඩායම් දෙකක් පිටත් කර ඇති බවටයි වැඩිදුරටත් වාර්ථාවන්නේ.
අසීමිත බලාපොරොත්තු තබාගෙන බස් රථවල ගමන් ගන්නා මඟීන් යම් පුද්ගලයකුගේ පෞද්ගලික කෝන්තර හෝ අවශ්‍යතා මත සිදුකරණ මෙවන් සිදුවීම් නිසා දැඩි අපහසුතාවයට දිගින් දිගටම මුහුණදෙන බව පෙනෙන්නට තිබේ. මෙවන් ක්‍රියාවලින් සාමාන්‍ය ජනතාවගේ ජීවිත අවදානම් මෙන්ම ඔවුන්ගේ එදිනෙදා ජීවන රටාවටද විශාල බලපෑමක් එල්ල කරයි.
මරණවලින් පාඩම් ඉගෙන නොගන්නා රටක් ලෙස ලෝකයේ කුප්රකටව ඇති, ලංකාවේ ඝාතන සංස්කෘතියේ තවත් එක් ඝාතනයක් පමණක් ලෙස මෙය ඉතිහාසයට එක්වනු නොඅනුමානය. එහෙත් ඉඩම් ආරවුලක් මත දුරදිග ගිය ඝාතන වැලක එකක් වන මෙය යමෙකුගේ මුදල් හෝ යම් කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ ඝාතනයක් දෝයි සැක හිතෙන තරමටම මෙම ඝාතනය ලාංකීය ජන සමාජය පුරා රැව්දෙයි. දේශපාලන පතාලයින්, පාතාල කණ්ඩායම් විශාල ප්‍රමාණයක් අතිෂය සක්‍රීයව පැහැරගැනීම්, කප්පම්ගැනීම් හා මරාදැමීම් සිදු කරණ මේ මොහොතේ මෙය කිනම් පාතලයකින් දුන් වැඩැක් දැයි කීමට තාමත් කල් වැඩිය. එහෙත් කීමට ඇති නීරස සත්‍යනම්, අතලොස්සක් කැපකිරීම් කරන පොලිස් නිළධාරීන්ගේ කැපකිරීම්වලට ඉහළින් සිටිනා අඳබාල දේශපාලනය මෙරටින් තුරන්වනතුරු මෙවන් ඝාතන කිසි දිනක නවතින්නේ නැත.
සටහන : වසන්ත බංඩාර
(ඇතැම් උපුටාගැනීම් හා ඇතැම් සේයාරූ ලංකාදීපයෙන්)