විශේෂාංග

අනගාරික ධර්මපාල ද පීඩිතයෙකි

[පාලු ගෙයි වලං බිඳීම හෙවත් ධර්මපාල මුවහමට තැලීම ගැන තවදුරටත්]

නවීන සිංහල ජාතිකවාදය නිරන්තරයෙන්ම දේශපාලන පාදඩයන් බුද්ධිමය පාදඩයන් හා පාදඩ පංතිය අතරට යද්දී පීඩක මහ ජාතිවාදයක් බවට පත්වන්නේය මේ අනර්ථකාරි වාදය විටින්විට රට තුලින් මතුවෙද්දී ඉතිහාස කූඩැල්ලෝ අනගාරික ධර්මපාලගේ ඇඟට ගොඩවෙති පාලු ගෙයි වලං බිඳිති ධර්මපාල මුවහමට තලන්නට පටන් ගනිති මේ වනාහි පරම මුලාවකි

ලංකා ඉතිහාසයේ හමුවන වැද්දන් නායකත්වය දුන් බලවත්ම දෙවැනි නිදහස් සටන වන්නේ 1818 ඌව වෙල්ලස්ස සටනය [පලමුවැන්න බටහිර ඉන්දියාවෙන් පැමිනි විජය නැමැති කොල්ලකාරයා හා උගේ හමුදාවට විරුද්දව වැද්දන් කල සටනය] මේ සටන 1817 දී පටන්ගන්නේම ඉන්ගිරිසීන් වෙල්ලස්සේ ජීවත්වූ හජ්ජි නම් මුසොල්මානුවෙකුට මඩිගේ මුහන්දිරම් පදවියට පත් කිරීමත් සමඟය උඩරට සටන්වල යෙදුනු ඉන්ගිරිසි හමුදාවලට ආයුධ හා අහාර ගෙනයාමට තවලන් ගොනුන් සැපයීම හරක් මස් සැපයීම හා පරිවර්තකයන් ලෙස කටයුතු කිරීමෙන් ඇතැම් මුසොල්මානුවෝ යටත්විජිතවාදීන්ගේ බලවත් විස්වාසවන්තයන්වී සිටියාහ [1815 දීශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇල්ලීමට මැදමහනුවරට යන කන්ඩායමේ සිටි භාෂා පරිවර්තකායාවුයේ තම්බි මුදියන්සේය ඔහු ජේ අර් ජයවර්ධන්ගේද මුත්තා වීම අමතක නොකරන්න]

ඌවේ සටකරුවන්ගේ මුල්ම යුධ කටයුක්තක්ව් වූයේ මේ ඉන්ගිරිසි ඔත්තුකරුවන්ට හා නියොජිතයන්ට දඬුවම් දීමය නමුත් මේ සිදුවීම් ජාතිවාදි කොලාහල ගනයට නොවැටෙන්නේ මේසේ දඬුවම් ලැබුවන් සමස්ත මුස්ලිම් ප්‍රජාවම නියොජනය නොකල නිසාය ඔවුහු වාසි තකා විදෙශීය හමුදා සමඟ එක්වූ සිංහල හා දෙමල ජාතිකයන්ට දෙවැනි නොවූහ 1915 වෙද්දී ලංකාවේ මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා පැතිරෙද්දී මුස්ලිම් ඉන්දියාවක් හා හින්දු ඉන්දියාවක් සඳහා ලන්ඩනයේ වයිට් හෝල්වල පිඹුරු පත් සැකසෙමින් තිබුනේය බෙදීමට නියමිත ඉන්දියාව පාලනය කිරීමෙදී ඉන්ග්‍රිසීහු මුස්ලිම් හාහින්දු නායකයන් සම්ඟ වෙන්වෙනම ගනුදෙනු කරමින් බෙදා පාලනයේ පහසුව අපුරුවට අත්වින්දාහ ලංකාව පාලනය බලවත් අසීරු දෙයක් නූනත් ඉන්ගිරිසීහු ලංකිකයන් කුල හැටියටත් ආගම් හැටියටත් භාෂා හැටියටහ් ප්‍රදේශ හැටියටත් බෙදා ගනුදෙනු කිරීමට පුරුදු වූහ

අන්ගාරික ධර්මපාල උපදින්නේම මේ ආකාරයට බෙදු රටකය ලමාවියේ ධර්මපාල පාසල් යන්නේ යටත්විජිත උනෙන් පෙළුනු ක්‍රිස්තියානි ගුරුවරුන් ඉගැන්වූ ක්‍රිස්තියානි පාසල්වලටය ඔහු ඒවායෙදී පීඩිත ලමයෙක් බවට පත්වූවාට කිසිම සැකයක් නැත සමරිසියෙකු වූ ඔහු සවකීය ලිංගිකත්වය සොයා ගනිද්දීම වික්ටොරියානු සුචරිතවාදය ලන්ඩනයේදී ඔස්කා වයිල්ඩ් බඳු දැවැන්තයෙක්ට සමරිසියෙකු වූ වරදට බරපතල වැඩ ඇතිව වසර හතරකට හිරගෙට යවා තිබුනේය මේහිදීද ඔහු අතිශය බියට පත් පීඩිතයෙකි

දුරාවේ කුලයට අයත් ඔහුගේ මවු පාර්ශ්වයේ දෙමාපියෝ පටන්ගත් බෞද්ධ විද්‍යාධාර සභාව හා එහි විදුදය පිරිවෙන ගාල්ලේ ගඟබඩ පත්තුවෙන් එන ගොවිකුල සංඝ පරපුරක් පැහැර ගන්නේය එහි නායකායා වූ හා ධර්මපාලගේ ගුරුවරයාවු හික්කඩුවේ සිරි සුමංගල ඉන්ගිරිසින්ට ඔත්තුකරුවෙක් තරමට හිතවත් ගැත්තෙක් බවට පත්වී සිටියේය ධර්මපාල හෙන් රි ඕලකට් ගේ පරම විඥාණය ප්‍රතික්ශේප කර මහා බොධි සංගමය පටන් ගනිද්දී ඔහු අධිරාජ්‍යවාදීන්ගේ මෙන්ම සවදෙශික ධනපති පංතියේද සතුරෙක් හැටියට තනිවී සිටියේය මේ අනුව ඔහු සවකීය ආගමික පිලිගැනීම් අනුවද පීඩිතයෙක් බවට පත්වුනේය

20 සියවසේ මුල පටන් 1933 මරණය සිදුවෙන තෙක්ම ඔහු මෙරටට පැමිනියේ ඉඳහිටය කෙටි නිවාඩුවකටය ඒ පැමිනි සැම විටකම ඩී ආර් විජේවර්ධන්ගේ ලේක් හවුස් පත්තර ඔහු වංචාකරුවෙක් බවට චෝදනා ගෙනාවේය නැඟි එන සිංහල ධනපති පංතිය මේ හුදකලා මිනිසා සතුරෙකු සේ සැලකීම නිසාම ඔහු පීඩිතයෙක් බවට පත්වුනේ ය ඔහු මේ වේදනාව ප්‍රාකශයට පත්කලේ මගේ මළකුනවත් ලංකාවට නොගෙනියන්න යන ඉල්ලිම කරමිනි

ඔහු ධර්මප්‍රචාරය හා අනෙකුත් උවමනාවන් සපුරා ගැනීමට අබිත්තයන් හෝ භික්ෂූන් බඳවා ගනිද්දී ඔවුන්ගේ කුලය නොබැලුවේය නමුත් ඔහු ජීවත්ව සිටිද්දීම මහා බොධි සංගමයේ පැවිදි නායකත්වය පහතරට සියම් නිකායේ[ගොවි කුලයේ] පාලනය නතු වුනේය මේ අර්ථයෙන්ද ඔහු පීඩිතයෙකි

1915 මුස්ලිම් විරෝධී කොලාහලයෙන් පසු ඔහු පස් වසරක් බෙන්ගාලයේ නිවාස අඩස්සියේ තැබීමට ඉන්ගිරිසීහු වග බලා ගත්හ. මේ සිර ජීවිතය තුල ඔහු නොයෙකුත් දුක් ගැහැටයන්ට හා රෝගාබාධයන්ට හසු වුනේය ඒ අර්ථයෙන්ද ඔහු පීඩිතයෙකි

සවකීය ජීවිතයේ අවසාන සමයේ අනගාරික ධර්මපාල සියම් නිකායේ පැවිද්ද ඉල්ලා සිටියත් එය ප්‍රතික්ශේප කෙරුනේය එයට හේතු හැටියට ප්‍රසිද්ධ කෙරුනු කාරනාව වුයේ ඔහුගේ එක් කකුලක උපතින්ම තුබු කොට ගතිය නිසා ‘අංගවිකලයන්’ සසුනට ගැනීමේ බුදුන්ගේ තහනම ධර්මපාල වෙන්වෙන් කඩකිරීමට නොහැකි බවය නමුත් සත්‍ය මීට වඩා කටුකය ඔහුගේ මව දුරාවේ කුලයට අයත්වීම නිසා පරම්පරා හතක් ගොවිකුලයේ සිටි අමිශ්‍ර උදවියට පමනක් හිමි සියම් නිකායික පැවිද්ද අනගාරික ධර්මපාලට අහිමි වුනේය දෙවනුව ඔහුට සියම්නිකායික උපසම්පදාවද අහිමි වුනේය මේ අර්ථයෙන්දයන් අනුව ගත්විටද ඔහු පීඩිතයෙකි

අනගාරික ධර්මපාල නුතන සිංහල ජාතියේ උප්පැන්නයේ නොලියවුනු පියාය නමුත් ඔහු මුලු ජීවිතකාලය පුරාම පීඩිතයෙක් හැටියට දුක් වින්දේය ඔහු බලවත් යටත් විජිත යුගයක සංස්කෘතික දේශපාලන්යේ යෙදුනු බොහෝ සීමාසහිතකම් තිබු ආගමික පුනර්ජීවකයෙකිඔහුගේ සමකාලීන ඉතිහාසය ලියු රිචඩ් ගොම් රිච් හා ගණනාත ඔබෙසේකර බුඩිසම් ට්‍රාන්ස්ෆෝම්ඩ් ලියද්දී මේ කරුනු සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නට නැත විශේෂයෙන්ම ඔහුගෙ ලිංගිකත්වය, කුලය හා ආබාධිත ශරීරය එක්කො ඔවුන් නොදැන සිටින්නට ඇත එසේත් නැතිනම් මඟ හැරෙන්නට ඇත අනගාරික ධර්මපාලගේ දේශපාලනය විභාග කලයුත්තේ පශ්චාත් යටත් විජිතවාදී න්‍යායකින්ය එවිට ඔහු අපට පාලිතයෙක් හෙවත් සබල්ටනය්යෙක් හැටියට පෙනෙන්නේය පාලිතයෙක්ගේ දුබලතා වලට ගරහන්නොත් සිටිද්ද?

නන්දන වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *