පුවතකට වැඩි යමක්විශේෂාංග

ලංකාවෙ හැමෝම ” ඒඩ්ස් ” ගැන දැනුවත් වියයුතුයි

ලංකාවෙ සියළුම අයවළුවන්ට, ” ඒඩ්ස් ” ඇතුළු සියළුම රෝග ගැන කියල දෙන්න ඕනි. රැකියාවටකට යද්දි එම දැනුවත්වීම අනිවාර්ය කළයුතුයි.

මේ මගේ පුද්ගලික අත්දැකීමක්. 

මම 2004 දි රැකියාව කරන්න සයිප්‍රසයට එනවිට මගෙ සර්ගෙ නැන්දා ( සර්ගෙ තාත්තගෙ නංගි ) ඒඩ්ස් රෝගයෙන් වසර 18 ක් පීඩා විඳිමින් හිටියෙ. ඇය සාමාන්‍ය විදිහට එදිනෙදා කටයුතු කලත් ඒ රෝගීන් සඳහා පමණක් වන ලර්ණකා නගරයේ රෝහලට නිතර ගිහින් ප්‍රථිකාර ගත්තා. 

මම ඇයව මුණ ගැහෙන්නෙ 2004 වසරෙ අන්තිම දවස්වල. මෙහෙ සම්ප්‍රදායට යන කාවත් පිළිගන්නෙ සිප ගැනීමකින්. ඇය මාවත් සිපගත්තා. හිතට බයක් ආව. නැහැ කියන්නෑ. ඒත් ජාතික තරුණ සේවා සභාවට පින්සිද්ද වෙන්න තිබුණ වැඩමුළුවලදි විවිධ දැනුවත් වීම් ලබා තිබීම සහ හෙඳ පුහුණුවෙදි ලද අත්දැකීම් එක්ක මං සාමාන්‍ය විදිහට හැසිරුණා. 

ඇය හදාදෙන කෝපි කෝප්පය බොන්න, ඇය පිසින ලද ආහාර කන්න පවා සිදුවුනා. ආයෙ ආයෙත් කියනවා. මුල දවස් ටිකේ හිත බයෙන් ගැහෙන්න ගත්තා.

දැන් වසර 14 ක් සයිප්‍රසයට ඇවිත්. වසරකට හතර පස්වතාවකට වඩා ඇය හමුවෙනව. ඇය උයන පිහන දේ කනවා. හැබැයි හිතේ බයක් නැහැ. 

මට කියන්න ඕනි වුනේ ඒකෙ නෙමෙයි. ඇයට HIV  ආසාදනය ලැබිල තිබුණෙ ඇගෙ සැමියාගෙන්. සැමියා කාලයක් දකුණු අප්‍රිකාවෙ තමන්ගෙම ව්‍යාපාරයක් කරගෙන ගිහින් තිබුණා. සැමියත් ඒඩ්ස් රෝගයෙන් මියගියෙ. සැමියා තම ආදරණීය බිරිඳටත් දායාද කරල තිබුණා HIV  ආසාදනය.

කොහොම වුනත් මේ රටවල ඒ අයත් අනෙක් සාමාන්‍ය මිනිස්සු වගේම ජිවත්වෙනව. ඇය අද තමන්ගෙ දරුවන්ගෙ දරුවනුත් උස් මහත් කරන කෙනෙක්. ඇයට සියළු අයිතිවාසිකම් හිමියි. කොතනකදිවත් ඇයව කොන්වෙන් නෑ. ඒ වගේම ඒඩ්ස් රෝගීන් සඳහා තියෙන රෝහලේදිත් ඔවුන්ට කිසිම වෙනසක් නැහැ.

අර අපේ රටේ වගේ 33 කාමරේද මොකක්ද එකට රහසෙ යන්නවත් ඒ වගේ සීන් නැහැ. 

මේ රටේ පුරවැසියන්ගෙන් 1% කට අඩු ප්‍රමාණයකට ඒඩ්ස් රෝගය ඇති කියල මම පුද්ගලිකව අනුමාන කරනව. මොකද මම ලද විවිධ අත්දැකීම් අනුව. හැබැයි ඒ බොහොමයක් අයගෙ දරුවො පාසැල් යනව. ඒ රෝගීන් පවා සාමාන්‍ය ජීවිත ගතකරනවා. 

එහෙම නම් ඇයි අපේ රටේ මිනිස්සුන්ට එහෙම බැරි ? ඒකට අපි ඔලුව හදන්න ඕනි.

ඉස්සර පිරිමියෙක් ඇදපු සරමක් දියරෙද්දට අඳින්න එපා කියල හදපු බියගුලු අදහස් නැතිකරන්න ඕනි. එහෙමයි කියල මේ මහපාරෙ ලෙවකාගෙන කරගන්න ඕනි හැම එකම කරගන්න දීපන් කියන දේ නෙමෙයි. යම් යම් රෝග හැදෙන්නෙ කොහොමද ? ඒව හැදුනත් ඒ මිනිස්සු සාමාන්‍ය ජනයා අතර සාමාන්‍ය තත්වයට ගැවසෙන්නෙ කොහොමද කියල සියළු පුරවැසියන් ඉගෙන ගන්න ඕනි. 

ඒ වගේම වෙනත් පුද්ගලයෙකුගේ රෝගී තත්වයක් හෝ කටකතාවක් හෝ මත ඔහුට හෝ ඇයට සම්බන්ද පුද්ගලයන්ට බලනොපාන විදිහට සමාජ පිලිගැනීමක් අපි හදන්න ඕනි. ඒක තම තමන් තනියම කරද්දි ඉඹේම සමාජය හැදෙනවා.

සටහන :  දිනිති දීපිකා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *