කොළඹ 12 අලුත්කඩේ බන්ඩාරනායක මාවතේ මහල් නිවාස සංකීර්ණයක් අසල තිබි නාඳුනන මිනිස් හිස් කොටසක් හමුවුයෙ ඉකුත් පෙබරවාරි මස 7 දින දීය. එම නාදුනන මිනිස් හිස පිළිබදව පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශන මගින් අනාවරණය කරගැනීමට හැකිවුයෙ රණාලේ සමයං කල්ලියේ ගෝලයකු ලෙස හදුනාගත් කැලණිමුල්ල සැළලිහිණි මාවත අංක 227/2 ලිපිනයේ පදිංචි පන්ඩිත ගේ ශාන්ත කුමාර නොහොත් කොස්මල්ලි නමැති පුද්ගලයකුගේ බවයි.
මෙ පිළිබදව පොලිස් විමර්ශන කටයුතු ආරම්භ කල අතර එ මගින් මෙම ඝාතනයට සම්බන්ධ යයි හදුනාගත් තවත් පාතාල කල්ලියක සාමාජිකයන් දෙදෙනකු අතාඅඩන්ගුවට ගැනීමට හැකිවිය.
අත් අඩංගුවට පත් පාතාල සගයන් දෙදෙනා තවත් පුද්ගලයන් දෙදෙනකු සමග කඹුරුපිටිය ගතාර ප්‍රෙදේශයේ නිවසක සිටින බවට ලැබුණ ඔත්තුවක් අනුව පොලිසිය විසින් සිදුකරන ලද මෙහෙයුමකදී කොටුකර ගැනීමට සමත් වී ඇත. පොලිසිය විසින් අල්ලාගනු ලැබූ මෙම පාතාල කල්ලි සගයන් හතරදෙනා දැනට විදේශ රටකට පලාගොස් සැගවී සිටිමින් දකුණු පලාත ප්‍රධාන කොටගෙන පාතාල කන්ඩායම් මෙහෙයවන නම ගිය පාතාල නයකයකු වන මාකදුරෙ මදුෂ් නැමැති පුද්ගලයාගේ සමීපතම ගෝලයන් බවට වඩිදුර කරනලද විමර්ශණ වලදී තහවුරු විය.
මධූෂ් ලක්සිත නොහොත් මාකදුරෙ මදුෂ්ගේ පුංචි අම්මාගේ කඹුරුපිටිය ගතාර ප්‍රදේශයේ නිවසක පුද්ගලයන් හතරදෙනකු සිටින බවට ඔත්තුවක් ලැබෙන්නෙ කඹුරුපිටිය ස්ථානාධ්පති ප්‍රධාන පොලිස් පරික්ෂක ඕ.යු. ජයශාන්ත මහතාටය. මොහොතක් වත් ප්‍රමාද නොවු ස්ථානධිපති වරයා පොලිස් කන්ඩායමක් සමග ගොස් එම නිවස වටලන්නෙ කිසිවකුත් නොසිතු මොහොතකය. කඹුරුපිටිය පොලිසිය විසින් මෙම පාතාලයන් අත් අඩන්ගුවට ගන්නා අවස්ථාඅවේ ඔවුන් මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ධනවත් වියාපරිකයකු ඝාතනය කිරීම සදහා සැළසුම් කර සිටිමින් අති බවත් පොලිසිය පවසයි. නිවස ඉදිරිපිට නවතා තිබු මොටර් රථයක් සහ වියාජ අංක තහඩු දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීමේදී ශාන්ත කුමර නොහොත් කොස් මල්ලි ඝාතනය සහ ඊට අදාළ තොරතුරු රාශියක් අනාවර්ණය කර ගැනීමට හැකි වී ඇති අතර මෙම සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනකු වන කසුන් හෙවත් රාළහමි සහ හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකු වන සම්පත් යන අය කොස් මල්ලි ඝාතනයට කෙලින්ම සම්බන්ධහ බවට තහවුරු කර ගත් පොලිසිය ඒ පිළිබද කොළඹ අපරාධ විමර්ශණ කොට්ඨාශයට දනුම් දි තිබේ. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා ප්‍රධාන පොලිස් කන්ඩායමක් එහි ගොස් පරික්ශණ සිදුකර ඇත.
මේ අතර ඩුබායි රටට පලාගොස් සැගවී සිටින මාකදුරේ මදුෂ්ගේ දකුණු අතමෙන් සිටි පසුගිය පෙබරවාරි 16 වන දින කෙසෙල්වත්ත ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ මොහොමඩ් රිස්වාන් නැමැති වියපාරිකයගේ ඝාතනයට කොස්මල්ලි සම්බන්ධ බවට මාකදුරේ මදුෂ් දැනසිටි අතර කෙසේ හෝ කොස්මල්ලි සොයා මරා දමන ලෙසට මාකදුරේ මදුෂ්ගේ ගෝලයා බව කියන “ලොකු අයියා” යන නමින් හදුන්වන පුද්ගලයකුට මදුෂ් විසින් නියෝග කර අත. ඒ අනුව සිය ගෝලයන් යොදවා ඉතා ශූක්ෂම ලෙස තමන් ලගට ගෙන්වා ගැනීමට සමත් වන ලොකු අය්යා ඔහුගේ ගෝලයන් වන රාලහාමි සහ සම්පත් සම්බන්ධ කර ගනිමින් කොස් මල්ලි සමග මත්පැන් සාදයක් පවත්වා අති අතර මදුෂ්ගේ ප්‍රධාන ගෝලයා වන “ලොකු අයියා” හා ඔහුගේ සගයන් කවුරුන්ද යන වග දැන නොසිටීම හේතුවෙන් කොස් මල්ලි විසින් වෙරිමරගාතේ රිශ්වාන් ඝාතනය පිළිබද සියළු තොරතුරු ඔවුන් ඉදිරියේ වමරා ඇත.
ඒ මොහොතේම ලොකු අයියා කියන පුද්ගලයා විසින් මාකදුරේ මදුෂ් හට දුරකතනයෙන් අමතා ඒ සියලු විස්තර පවසා ඇතැයි පොලිසියට අනාවර්ණය කරගැනීමට හැකිවිය. මාකදුරේ මදුෂ්ගේ උපදෙස් මත ලොකු අයියට අයිති යැයි කියන කෙසෙල් වත්තකට කොස් මල්ලි රැගෙන ගොස් අත්දෙක පිටුපසට කර පොල් ගසක ගැටගසා වෙඩි තබා ඝාතනය කර ඇති බවත් ඝාතනය කිරිමට පෙර මාක්දුරේ මදුෂ් විසින් වයිබර් තාක්ශණය ඔස්සේ කොස් මල්ලි අමතා ඇති බවටද පොලිසියට තොරතුරු සොයා ගැනීමට හැකිවිය.
ඝාතනය කරන ලද කොස් මල්ලිගේ හිස කොටස මොහොමඩ් රිශ්වාන් මරා දැමු අළුත්කඩෙ ප්‍රදේශයට රැගෙන ගොස් දමන ලෙසට මදුෂ් විසින් තම ගෝලයින්ට උපදෙස් දී අති අතර ඒ අනුව සැළසුම් කර කොළඹට එම හිස ගෙනවිත් අළුත්කඩෙ බන්ඩාරනායක මාවතේ මහල් නිවාස සංකීර්ණයක් අසල දමා ගොස් ඇත. ඔහුගේ කඳ කොටස ටයර් දමා පුළුස්සා පාළුවට ගිය මැණික් පතලකට දමා පස් දමා වසා ඇති අතර අත් අඩන්ගුවට පත් රාළහාමි සහ සම්පත් යන අයගේ මගපෙන්වීම මත කොස් මල්ලිගේ සිරුරු කොටස ගොඩගනු ලැබුවෙ අඟුණකොළපැළැස්ස මහෙස්ත්‍රාත් තුසිතා කුමරී මහත්මිය සහ හම්බන්තොට අධිකර්ණ වෛද්‍ය නිළධාරි සිසිර සෙනෙවිරත්න මහතා ඉදිරිපිටය.
කොළඹ අපරාධ විමර්ෂණ කොට්ටාෂයේ අධයක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා, ප්‍රධාන පොලිස් පරික්ෂක නෙවිල් ද සිල්වා අගුණකොළපැලස්ස ස්ථානධිපති පොලිස් පරික්ෂක කිර්ති ගුණවර්ධන සහ කඹුරුපිටිය පොලිස් පරික්ෂක ඩි.යු ජයශාන්ත යන මහත්වරු සිරුර ගොඩගැනිමේ අවස්ථාවට සහභාගි වුහ. කොළඹ අපරාධ විමර්ශණ කොට්ටාශය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
වර්තමානයේ පෙනෙන්නට තිබෙන සිදුවීම් දෙස ඉතා විමසිල්ලෙන් බලනවිට අපට අවබෝධ වන කරුනක් වන්නේ ලංකාවේ සැලසුම් සහගතව ක්‍රියාත්මක වන පාතාල කණ්ඩායම් අතර පවතින එකිනෙකා මරාගැනීමේ ප්‍රවණතාව වැඩිවීමයි. මෙවැනි සිදුවීම් පසුගිය කාල වකවානුවල පැවතියත් විශේෂ කරුනක් වන්නේ මේ වනවිට එහි විශාල වැඩිවීමක් දක්නට ලැබීමයි. මේ වන විට දවසකට හෝ දෙකකට වතාවක් පාතාල කල්ලි අතර ගැටුම් සිදුවන අතර ඒ හේතුවෙන් පුද්ගලයන් එක්කනෙකු හෝ ඊට වැඩි ගණනක් අවම වශයෙන් ඝාතනයට ලක්වෙයි. මෙවැනි ක්‍රියාවන් දිගින් දිගටම පැවතීම අප සමාජයට එතරම් සුබදායී නොවන අතර මෙම සිදුවීම් පාලනය කිරීමට ඉක්මන් පියවර ගැනීම බලධාරීන්ගෙ වගකීමකි.