” වාම සංගායනාවකට නිමිත්තක් ” කේ.කේ සමන් කුමාරගේ – “මාක්ස් ලයිව් ඉන් ශ්‍රි ලංකා” නවතම කෘතිය.
2018 අප්‍රෙල් 05 බ්‍රහස්පතින්දා සවස 03ට , ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්විනි.
එහිදී ප්‍රවීන ලේඛකයකු හා වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන නන්දන වීරරත්න මහතා විසින් ප්‍රධාන දෙසුම පැවැත්වූ අතර , අහස වීඩියෝව පහතින්.
අනගරික ධර්මපාල, ලෙස්ලි ගුනවර්ධන, පිලිප් ගුනවර්ධන, එන්.එම්. පෙරේරා, සෙලිනා පීරිස්, විවියන් ගුනවර්ධන, රෙජී මෙන්ඩිස්, ලයනල් වෙන්ඩ්, රෝහණ විජේවීර, කීර්ති බාලසූරිය, සුචරිත ගම්ලත්, උමා මහෙශ්වරන්, වී ප්‍රභාකරන්, ලයනල් බෝපගෙ හා මේ කී නොකී සියලු දෙනා මගේ දේශපාලන වැඩිහිටියන්ය. කොටින්ම සමීප දේශපාලන ඥාතීන්ය. ඔවුහු ලංකා ඉතිහාසය තුල තීරණාත්මක දේශපාලනයක යෙදුනාහ. මගේ අරමුණ ඔවුන්ට අවමන් කිරීම නොව අනාගත විප්ලවවාදී නියමුවන්ට පැරණි පරපුරේ අඩුපාඩු පෙන්වා දී ඔවුන් වඩාත් නිවැරදි නායකයන් කරා සාර්ථක දෙශපාලන පෙරලියකට ලංකාව ගෙනයාමය. එයින් තොරව මේ රටට ගැලවීමක් නැත.
නන්දන වීරරත්න