ආදරණීය මවුවරුනි, සොයුරියනි, මිතුරියනි,
කාන්තාවන්ට වැළදෙන ගැබ් ගෙළ සහ පියයුරු පිළිකා කලින් හදුනාගැනීම සදහා කරන පරීක්ෂණ කල් නොදමා අදම කරවාගන්න!!!!
මේ තැන්වලින් මේ පරීක්ෂණ පහසුවෙන් සහ අඩු මුදලට කර ගත හැකියි.
පවුල් සැලසුම් සංවිධානය (Family Planning Association- FPA), 37/27,බුලර්ස් පටුමග, කොළඹ 07 දුරකතන- 0112555455 පැප් පරීක්ෂණය රුපියල් 1250/- මේ ස්ථානයෙන් සතියේ ඕනෑම දවසක උදේ 9 සිට සවස 3 දක්වා මේ පරීක්ෂණය කරවා ගත හැකියි. බ්‍රහස්පතින්දා දිනවල පියයුරු ස්කෑන් පරීක්ෂණය සිදු කර ගත හැකියි. ස්කෑන් පරීක්ෂණය සදහා යන අය බ්‍රහස්පතින්දා දිනවල උදේ 8. 30 න් පසු ඉහත දුරකතන අංකයට කතා කර කලින් වෙලාවක් වෙන් කර ගත යුතුයි. මේ සදහා වැය වන මුදල රුපියල් 1500.
ඉතා මිත්‍රශීලි සුහද වෛද්‍යවරියන් සහ හෙදියන් සිටින මේ සායනය පිරිසිදු, ප්‍රසන්න ස්ථානයක්.
නාරාහේන්පිට පිහිටා ඇති පිළිකා කලින් හදුනාගැනීමේ ජාතික මධ්‍යස්ථානයෙන්ද පැප් පරීක්ෂණය සහ පියයුරු පරීක්ෂාව නොමිලේ කරවා ගත හැකියි. ලිපිනය- 516, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට දුරකතන – 0113159227 සතියේ දිනවල සදුදා සිට බ්‍රහස්ගතින්දා දක්වා උදේ 9 සිට දහවල් 1 දක්වා මේ සායනය විවෘතව පවති.
මේ පරීක්ෂණ කරගැනීම සදහා ඇති අනෙක් තැන් සහ අදාළ වෙනත් තොරතුරු දන්නා මිතුරන් ඒවා පොදු සමාජයේ දැන ගැනීම උදෙසා share කරන්න.