අප ජවිපෙන් ඉවත් වන කාල වකවානුව අප නැවත සිහි කර ගත යුතු කාලය නැවත උදා වී ඇතැයි සිතෙන නිසා මේ සටහණ තැබීමට සිතුවෙමි. මෙය කිසිදු න්‍යායික සංවාදයක් නොව අප අත් විඳි අවුරුදු දහතුනක පමණ දේශපාලන ඉතිහාසයේ එකම දේවල් නැවත නැවත සිදුවීමේ ක්‍රියාවලිය නැවත සිහි කිරීමකි.
අප ජවිපෙන් ඉවත් වන විට ප්‍රධාන දේශපාලන සාකච්චාවක් විය. එනම් න්‍යායික සංවාද බොහොමයක් පැවතිය හැකි මුත් එය පුද්ගලික අර්බුද බවට පත් වන කල්හි එතනින් එහාට දේශපාලනයක් රහිත වන බවයි.
පන්සල් මෙන් පක්ෂ අදහස් පමණක් ම විශ්වාස කරමින් සිටි අප ඉන් එපිට ලෝකයක් තිබුණාදැයි කිසි දිනක සිතුවේවත් නැත. එවැනි අළුත් දේශපාලන සාකච්චාවක් ඇරඹෙන ඕනෑම මොහොතක් ජවිපෙ දේශපාලන ආරම්භයේ සිටම හුරු පුරුදු කර තිබුණේ එය ව්‍යාපාරයට හාණිකර සේම එය ව්‍යාපාරය තුල කල්ලි කණ්ඩායම් නිර්මාණය කිරීමත් ව්‍යාපාරය නිදහස් වාදය වෙත ගෙන ඒමත් එය ව්‍යාපාරයට හානියක් නිර්මාණය කරන බවය.
එකී මානසිකත්වයෙන් ම 89 භීෂණයෙන් පසුව පක්ෂය නැවත නිර්මාණය කිරීමේ ඉතිහාසයේත් එවැනිම පක්ෂ ක්‍රියාධරයන් ව්‍යාපාරයට අහිමි කර ගත් ඉතිහාසයක් අප අසා ඇති අතරම අප මුහුණ දුන් දේශපාලන ඉතිහාසය තුලද ජවිපෙ ඛණ්ඩනය සිදු වන මොහොතේ එකී මානසිකත්වය ව්‍යාපාරයේ අතිශය විනාශ කාරී අත්දැකීම් වලට මුහුණ දීමට සිදු විය.
ඉන් පසුව ජවිපෙ දේශපාලන ව්‍යාපාරය ඛණ්ඩනය වී පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය වීමෙන් පසුවද ඇති වූ න්‍යායික සංවාද වල අවසානය දේශපාලන ව්‍යාපාර වලට අත්‍යාවශ්‍ය වසර ගණනක මහපොළොවේ දේශපාලන කිරීමේ අත් දැකීම් සහිත පුර්ණකාලීන දේශපාලන ක්‍රියාධරයන් රැසක් ව්‍යාපාරයට අහිමි වීම හැර අන් කිසිවක් සිදු වුයේ නැත. එයටද සියළු පාර්ශව වල වූ ජවිපෙ දේශපාලන උරුමයේ තම අදහස ට එකඟ නොවන්නේනම් අනෙක් දේශපාලනය කුඩු කර දැමීමේ දේශපාලන සංස්කෘතිය බල නොපෑවේද?
ඒ ගැලවී ගිය ඇතැම් දේශපාලන ක්‍රියාධරයන් ඇතැමෙක් තවමත් දේශපාලන ක්‍රියාවලියක හෝ උත්සහයක සිටින අය සිටින අතරම ඇතැමෙක් දේශපාලනය යන අකුරද එපා වී වෙනත් ජීවිත වලට යොමු වී ඇත.
තමන්ගේ උපාධි පවා දේශපාලනය වෙනුවෙන් මඟහැර තමන්ගේ පුද්ගලික ආර්ථික ජීවිතයකට කිසිවක් හම්බකර නොගත් ඔවුන් පවුල් පිටින් මහපාරට ඇඳ වැටුණා මෙන් ගෙවූ ජීවිතය අප පුද්ගලිකව අත් වින්දේය. දරුවාට කිරි පැකට් එකක් මිල දී ගැනීමට නොහැකිව ඇතැම් සහෝදරයන් ඇත්තටම අපි මොකක්ද කලේ ? අපිට මොකක්ද වුනේ ? යන මානසිකත්වයෙන් ඇතැම් සහෝදරයන් දේශපාලනය යන වචනයද නැවත මතක් නොකරණ තැනට පුදගලිකව ඇද වැටෙනු අපි අත් දැක්කේය,.
ඒ ඇතැම් සහෝදරයෙක් ට අවසන ජීවත් වීම උදෙසා වසර ගණනක් කරමින් සිටි දේශපාලනය ම මාරක්ට් කිරීම හෝ කුමක් හෝ දේශපාලන සම්බඳතාවක් භාවිතා කරමින් වෙබ් අඩවියකට , පුවත්පතකට , අමාත්‍යාංශය කට හෝ පෝස්ටර් ගැසීම දේශපාලන ව්‍යාපෘති ම මුදලට කිරීම හැර ඔවුන්ට වෙනත් තෝරා ගන්නට පාරක් තිබුණේදැයි කිසිවෙක්ට නිශ්චිත කල නොහැක.
ඔවුන්ටද ජවිපෙ මෙන්ම ජවිපෙ දේශපාලන සංස්කෘතිය වසර ගණනක් ජීර්ණය වූ අප සරලව කීවේ අන්න අරුන් අපතයෝ වෙලා.. අන්න අරුන් මු ළඟට ගිහින්.. අන්න අරූ පක්ෂෙන් අයින් වුනේ ඕකට.. න්‍යායික ටෝක්ස් දුන්නේ ඕකට. සරලව විග්රහ කරනු ලැබුවේ එසේය.
එවැනි තත්වයන් හමුවේත් කුමණ දුෂ්කරතා මධ්‍යයේ වුවද දේශපාලන ය හැර අන් කිසිවක් නොකරණ බව අධිටනින් අදද මේ දේශපාලනය වෙනස් කල යුතු බවට සිහිණ දකිමින් ලෝකය වෙනස් කල යුතු බව සිහිණ දකිමින් ජවිපෙ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නොවුණද, ඒ සියළු දේශපාලන ක්‍රියාධරයන් සමඟ මුහු වෙමින් මේ දේශපාලනයේ අළුත් මාවතක් සොයා ගත හැකිදැයි ලෝකය වෙනස් කරන දියුණු දේශපාලන ව්‍යාපාරය නිර්මාණය කල හැකිදැයි සිහිණ දකින ඒ වෙනුවෙන් වෙහෙසෙන ඒ වෙනුවෙන් පුර්ණ කාලීනව ජීවිතය ලබා දී ඇති සහෝදරයන් සහෝදරියන් අප සමඟ ජීවත් වන අතර ඔවුන්ගේ උත්සහයට අපට ඇත්තේ ආදරයකි.
අප බොහෝ දෙනෙක්ට ඇත්තේ එකම සිහිණයක් විය හැක. ඒ වෙනුවෙන් අප තෝරා ගන්නා මාවත ඒ මාවතේ යන අපට පුද්ගලිකව ඉතා නිවැරදි යැයි සිතීම වැරදි වන්නේද නැත. ඒ සේම වසර ගණනක් අප සිටි මාවත් වැරදි බව වැටහෙන විට ඒ වෙනුවෙන් උතුරේ මෙන්ම දකුණේ ජීවිත ලක්ෂ ගණනක් වන්දි ගෙවා ඇත.
ඒ ගිය මාවත් වල වැරදි විසින් ලක්ෂ ගණනක ජීවිත වලට වන්දි ගෙවිය යුතු ඒකාධිපතියන් නිර්මාණය කර ඇත.
ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට තමන්ගේ සාමාජිකත් වයේ බහුතරයේ කැමැත්ත මත තමන් ගමන් කල යුතු දේශපාලන න්‍යායික ස්ථාවර ඇත. එය ව්‍යාපාරය විසින් නිල ලෙස ඉදිරිපත් කර ඇත. ඒ සේම ඇතැම් දේශපාලන සංවාද 1994 සිට තවමත් එක් ස්ථාවරයකට පැමිණිය නොහැකි මතවාදී සංවාද සහිත බොහොමයක්ය. එය හෙට දවසේද සත්‍යවාදී දේශපාලන ක්‍රියාධරයෙක් නම් බොහෝ දේ වෙනස් කර ගනිමින් දේශපාලනය කරනු ඇත.
බොහෝ විසංවාද මැද පොදු අරමුණක් වෙනුවෙන් එක් විය හැකි සීමා වල අරගල කරණු ඇත.
එනිසාම ලෝකය වෙනස් කිරීමේ දේශපාලන ව්‍යාපාරය දිනෙන් දින අළුත් වෙමින් දිනෙන් දින වෙනස් වෙමින් නිර්මාණය වනු ඇත. නිර්මාණය කල යුතුය.
එනිසාම තමන් සිටින මත වාදයට වෙනස් යමක් ආ සැනින් ව්‍යාපාරයට කෙළවීමට භූතයන් පැමිණෙන බව සිතා තොවිල් නටා කරගත් විනාශය අපමණය. එසේම එකවරක් දෙවරක් තෙවරක් වැරදී නැවත නැවත වැරදිය යුතුද නැත.
එකී ගෝත්‍ර සම්ප්‍රදායෙන් වාම දේශපාලනයේ බොහෝ ක්‍රියාධරයන් මේ වන විට අවසන් තිතද තබා ඇත.. දිගින් දිගටම එවැනි පදනම් මතම දේවල් සිදු වේනම්
සහෝදරවරුණි.. මඩ වලෙහි ලගින්න.. කරුණාකොට අපේ අත් අත්හරින්න.