උපුටාගැනීම්විශේෂාංග

පස්සර බස් අනතුර, ඩියුටි ෆ්‍රි ප්‍රභූ පංතිය හා රංජාලාගේ පර්මිට්ටුව

පස්සර සිට ඇකිරිය බලා යන ලංගම බස් රථය ඊයේ හවස මඩොල්සීම දී පෙරලුනා.
පාසල් ලමුන් තිදෙනෙකු ඇතුළු රටවැසියන් 12 දෙනෙක් දැනට මියගිහින්. කොඳු, තුනටිය හා අතපය කැඩුණු ගනන 40 ඉක්මවනවා. ඇකිරිය පාර දෙපස හා ඇකිරිය ගමේ වෙසෙන්නේ ලංකාවේ දිළිඳුම ජන කන්ඩායම්. බස් අනතුර පුත්ගලික බියක් ඇති කලේ අපේ දෙවැනි උපන්ගම තරමට පස්සර ජීවිතයට සමීප කල මිතුරන් අතරේ නායකයා වූ තිස්ස අබේකෝන් නිතර මේ බස් කොකාගල පැත්තට යන නිසයි. වාසනාවට තිස්ස මේ බසයට නොගොඩවී සිටියා. නමුත් ඒ වන විටත් අනතුරෙන් මරා දැමුණු මිනිසුන් වෙනුවෙන් අවසාන කටයුතු සුදානම් කරමින් සිටියා.
තිස්ස කී ආකාරයට මේ දිළිඳු කබල් බස්වල සමහරක් අලුත් වැඩියාවන් කෙරෙන්නේ බස් සේවකයන්ගේ අතින්. ඉල්ලුම සැපයුම මත පදනම් වූ ජේ. ආර්. බස් [පුත්ගලික] ලාබ නැති මේ ගම්වලට සේවය කරන්නේ නැ. මේවායේ ජීවත් වෙන සමහර ජන කන්ඩායම් වසර දහස් ගනනක් තිස්සේ මේ ගම්වල ජීවත්වෙන පාරම්පරික ගැමියන්. වෙස්මිනිස්ටර් ප්‍රජාත්තන්ත්‍රවාදය ට උවමනා උන්ගේ ඡන්ද පමනයි.
මේ රටේ ඊනියා මහජන නියෝජිතයන්ද රජයේ නිලධාරී වර්ගයා ද ජනමාධ්‍යකාරයන් ද පොදු ප්‍රවාහන සේවාවන් වල ගමන්බිමන් නොයන නිසා ඒවායේ සැබෑ තත්වය දන්නේ නෑ.
මේ ප්‍රශ්නයේ මූලය සොයන්න අපිට නාගානන්ද කොඩිතුවක්කු කැඳවන්න සිදුවෙනව. ඔහු වරක් රූපවාහිණි වාදයකදි රුපියල් දසලක්ෂයක තෑග්ගක් ඉදිරිපත් කරමින් මෙහෙම අභියෝගයක් කලා.
ලංකාවේ පාරක බදු ගෙවපු සුඛෝපභෝගී ඩීසල් වාහනයක් යනවනම් පෙන්වන්න එයාට රුපියල් දසලක්ශයක තෑග්ග දෙනව කියල. මෙහි අර්ථය වෙන කිසිවක් නෙවෙයි ලංකාවේ ප්‍රභූ පංතිය සැප ගමන් යන්නේ වාහන බදු නොගෙවීමෙන් යන්නයි. මේ ප්‍රභූ පංතිය වාහන බදු කඩුල්ල පනින්නේ දේශපාලකයා, රජයේ නිලධාරියා ලබා ගන්නා බදු නොගෙවිය යුතු වාහන බලපත්‍ර ඔවුන්ගෙන් මිලදී ගැනීමෙන්. නගානන්දම වරක් කිව්ව මේ ක්‍රමයට වරකට රටට අහිමිවෙන වාහන බදු ප්‍රමනය රුපියල් බිලියන 16 ක් කියල.
මේක රටේ ප්‍රභූ පංතිය සංවිධානාත්මකව කරන මංකොල්ලයක්. රටේ ජනයාට යහපත් පොදු ප්‍රවාහනයක් වෙනුවෙන් වැය කරන්න ලැබෙන බදු මුදල් මේ වෙනුවෙන් කොල්ල කෑවිට පස්සර බදුලු බන්ඩාරවෙල කබල් ලංගම බස් පෙරලී රටේ ශ්‍රමිකයන් විනාශ වීම නතර කරන්න අමාරුයි. රටක ඕනැම ප්‍රභූ පංතියක් රටේ ශ්‍රමිකයන් නිරපරාදේ මිය යාමට යාම වලක් වන්නේ එයම රටේ නිෂ්පාදනයට බලපාන නිසයි. නමුත් දුප්පතාගේ වීරයවෙන්නට ගොන් පාට් දමන රංජන් රාමනායක ගේ පටන් සියලු මැති ඇමතිවරු මේ බලපත්‍රය විකුනනවා. රන්ජාත් මේ විදිහට බදු කොල්ලකාපු තවත් එකෙක්. නිදහස් අධ්‍යාපනය ලැබූ රජයේ නිලධාරීන් දොස්තරුන් වගෙම ඉංජිනේරුවන්ද මේ බදු කොල්ලයේ යෙදෙනවා.
පුතුමය මේ කොල්ලය සිදුවන්නේ මහජන නියෝජිතයන් ගේ අනුමැතියෙන් හා උවමනාවට. ඒකයි අපි වෙස්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදයට දේශපාලන හර්නියාවෙන් බැහපු ලබ්බක් කියල කියන්නේ. මේ ලියන දේ ඇකිරියේ රෝබෙරියෙ කොකාගල අසරනයන්ට දකින්න නොලැබෙන බව හොඳටම විශ්වාසයි. නමුත් දැනුවත් කාලකන්ණි ටිකත් මේ දේශපාලන හර්නියා ලබ්බ ඉබේ වැටෙනකල් බලන් ඉන්න රටක මෙහෙම ලියල අපි හිත හදා ගන්නව.

අයිතිය: නන්දන වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *