උපුටාගැනීම්විශේෂාංග

පංසල්වලට ලක්ෂ ගණන් දෙන්න කලින් තාත්තට දාහක් දෙන්න.

ඔබට එක දෙයක් කියන්නම්….ඔබගේ අම්මගෙ තාත්තගෙ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්…..අම්මගෙ කට හොඳ නෑ තාත්තගෙ වැඩ හොඳ නෑ….එයාලගෙ වැරදි තියෙන්න පුළුවන්…..හැබැයි ඒ අම්මගෙයි තාත්තගෙයි වැරදි හදන්න යන්න එපා ඔබේ කොටස කරන්න ඔබ ඒ කට්ටිය හදන්න යන්න එපා ..වැරදි වුනත් හරි වුනත් ඒ ඔබේ අම්මයි තාත්තයි ..ඔබ ඔබේ කොටස කරබාන් කරන්න ඒ ඇති….. ඒ ඇති……කරබාන් ඔබේ කොටස කරන්න… හදන්න යන්න එපා..එහෙම නොවුනොත් ඔබටත් ඔය ගින්දර එන දවසක් එනව.. අවසානෙට මෙහෙම මතක තියාගන්න…

ඔබ ..ඔබ..මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සල්ලි වියදම් කරනවනම් දහස් ගණන් ලක්ෂ ගණන් ඔබ බුද්ධ ශාසනය වෙනුවෙන් පන්සල් වෙනුවෙන් දෙන වෙලාවෙ දෙන්ට කලින් අම්මට රුපියල් පන්සියයක් දෙන්ටකො අතට ඒ මූණෙ හිනාව බලන්ට …ඒ අම්මගෙ මූණෙ ඇතිවෙන හිනාවෙ තාත්තගෙ සාක්කුවට රුපියල් දාහක් දාන්ටකො…අතට දෙන්න එපා…තාත්තගෙ සාක්කුවට දාන්න…හරී ආඩම්බරයි එත⁣කොට …අම්මගෙ අතට දෙන්න ඕනි..අම්ම ඕක පොඩි කරගෙන හංගගෙන ..මතකද සල්ලි කීයක් හරි දුන්නම අම්ම හංගගෙන යන්නෙ තාත්තට පෙනෙයි කියල ….කොල්ල රුපියල් පන්සියයක් දුන්න කියල…..හංඟගෙන යන්නෙ මතකද අම්ම….

තාත්තගෙ සාක්කුවට දාන්න…තාත්ත හරී ආඩම්බරයි…..මගේ කොල්ල රුපියල් දාහක් දැම්ම සාක්කුවට කියල තාත්ත සාක්කුව අත ගගා යන්නෙ ..දුව තාත්තගෙ සාක්කුවට රුපියල් දාහක් දැම්මොත් හරි ආඩම්බරේ තාත්තගෙ ..මගේ කෙල්ල රුපියල් දාහක් දුන්න කියල…ඕක හංගගෙන යන්නෙ අම්මට හොරෙන් අම්ම ගයි කියල…ගමේ පන්සලට දාස් ගණන් ලක්ෂ ගනන් දෙන්ට කලින් අම්මට රුපියල් පන්සියයි තාත්තට රුපියල් දාහක් දෙන්ටකො….ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙ මූණෙන් ඒ සතුට බලන්න බෑ…පුළුවන්ද ….කොච්චර දුන්නත් හිනාවෙවී යයිද හාමුදුරුවො නෑ ..නෑ…තාත්තගෙ අම්මගෙ පපුවෙ ඇවිලෙන සතුට ගමේ පන්සලේ හාමුදුරුවොන්ගෙන් දකින්න බෑ…..අනේ පින්සිද්ධවේවා කියයි….අම්මගෙ තාත්තගෙ අතට ලක්ෂ ගණන් ශාසනයට දෙන සල්ලි වලින් කීයක් හරි දෙන්න ඊට වැඩිය පින් සිද්ධ වෙයි….පින් සිද්ධ වෙයි…..

මහා සඟුන් උදෙසා සිවුරු දහස් ගණන් අට පිරිකර පූජා කොරන්ට කලින් අම්මට චීත්ත කෑල්ලක් අරන් දෙන්ට …..තාත්තට මේස් බැණියමක් සරමක් අරන් ඔතන් ගිහින් දෙන්ටකො…..ඒ පින ඊට වැඩියි…..

ගමේ පන්සලේ ශ්‍රමදාන කරනව උදළු ගානව අතු ගානව ..ඒ ශ්‍රමදාන කරන වෙලාවෙ ..අම්ම කාපු පිඟාන හෝදල දීල තියෙනවද…..ජීවිතේ එක සැරයක් හරි……මතක් කරගන්නකො…..තාත්ත ඇඳපු සරමක් බැණියමක් නාන වෙලාවෙ තලල මිරිකල හෝදල දීල තියෙනවද
පන්සලේ ශ්‍රමදාන කරනව⁣ට වැඩිය පින්සිද්ධ වෙනව තාත්ත කාපු පිඟාන හෝදල දෙන එක අම්ම තාත්තගෙ චීත්තයක් සරමක් නාන වෙලාවෙ තලල මිරිකල හෝදල දෙන එක පන්සලේ ශ්‍රමදානෙට වැඩිය පින්සිද්ධ වෙනව…

ඉස්සොරෝම ඒව කරන්ට …..ඉස්සොරෝම ඒව කරන්ට….
අයිතිය:  Lokuliyana Keerthi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *