මේ සටහන ලාංකීය කලාකරුවන් අතර ශ්‍රී ලාංකේය කලා කෙත අස්වද්දවන්නට පෝෂණය කරන්නට සිය පූර්ණ දායකත්වය සපයන වර්තමානිකයින් අතර සිටින තවත් සුවිශේෂී වූ පුද්ගලයකු පිලිබදවයි .
නම කිවු පමණින් කලා ක්ෂේත්‍රයේ ඔහු ඉතා කුලුපග මිත්‍රයා ලෙස තමන්ගේ මතකයට නගා නොගන්න කෙනෙකු නොමැති තරම් ය.
ඒ වෙනකකු නොව අති විශිෂ්ට නිර්මානකරුවකු වන මංජු කාරියවසම්ය.
ශ්‍රී ලාංකේය කලාව වෙනස් ම මානයකට ගෙනයන්නට වෙර දරන කලාකරුවන් අතර මංජු කාරියවසම් යන නම පෙරමුණේ තිබෙන නමකි. ඔහු විශේෂ වන්නේ ඒ නිසාමය . මංජු කාරියවසම් දකින්නෙ අමුතුම සිහිනයක් ය.
රංගධරයකු , තිර පිටපත් රචකයකු , සහ සිනමා අධ්‍යක්ෂ වරයෙකු ලෙසින් සිය ප්‍රතිභාව මේ සෑම අංශයකටම දායකත්වය සැපයීමෙන් ඔප්පු කර ඇත.
විශේෂයෙන්ම ඔහු පුංචි තිරයේ සහ වේදිකාවෙ දක්වා ඇති හැකියාවන් අති විශිෂ්ටය .
1999 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ දී හොදම පිටපත සදහා වූ සම්මානය ඔහු රචනා කල රෝසමල් පාත්තිය අත් පිටපත සදහා හිමිකරගත් ඔහු , ෆින්ලන්ත ජාතික නාට්‍ය අධ්‍යක්ෂ හෙලේනා ලෙන්තිමතීගේ පුන්තීලා නාට්‍යයෙන් සහ රාජ්‍ය නාට්‍ය උලෙළේ දී හොදම නාට්‍ය ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලද චූලා කාරියවසම් ගේ සිරිත් විරිත් නාට්‍යයෙන් රංග ශිල්පියෙක් ලෙස සිය ප්‍රතිභාපූර්ණ දායකත්වය සපයා ඇත.
ඔබ අප කවුරුත් අතර පමනක් නොව සියලුම දෙනා අතර 80 දශකයේ සිට අද දක්වාම අතිශය ජනප්‍රිය නාට්‍යයක් වන සාජන්ට් නල්ලතම්බි නාට්‍ය නිර්මාණ ය කරමින් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් වෙත දායාද කලේ පිටපත් රචනයට සහ අධ්‍යක්ෂණය ට ඔහු සතු සහජ කුසලතාවය විදහා දක්වමිනි.
නුඹ නාඩන් සෙනෙහෙලතා නට්‍යයෙන් සහය අධ්‍යක්ෂ වරයෙකු ලෙස වේදිකාවට පිවිස කදවුරක ජවනිකා නාට්‍ය අධ්‍යක්ෂනය කරමින් සිය නිසග හැකියාවන් වේදිකාවේ දිග හැරි මංජු සිරස රූපවාහිනීයේ විකාශය වූ සොමී රත්නායක අධ්‍යක්ෂණය කල හෙයියම්මාරුව සහ දාසී ටෙලි සිතුවම් සදකිදුරි පිටපත් රචනා කරමින් පුංචි තිරය අතික්‍රමණය කරමින් එමෙන්ම තවත් ටෙලි නාට්‍ය කිපයකම අධ්‍යක්ෂණය කරමින් තම දක්ශතාවයන් සදහාවූ ප්‍රතිභාව විදහා දක්වමින් නිර්මාණ කරනයේ නිම්වලලු පුලුල් තලයකට රැගෙන යාමට සමත් විය.
මංජු වෙනස් මිනිසෙකි. ඔහු ගේ නිර්මාණ මහ ගොඩක් නැත. ඒත් ඔහු කල නිර්මාණ කා අතරත් අතිශය ජනප්‍රියත්වයට පත් විය. ඔහු නිහඬ චරිතයක්ම නොවේ. ඔහු අවශ්‍යම වෙලාවේ බොහෝ නිහතමානීව උපහාස දක්වන්නෙකි.
පරිකල්පනයේදි මංජු වෙනස් වන ආකරය ඔහුගේ අතලොස්සක් වූ නිර්මාණ වලින් දැකගත හැකිය .
අද අපි දකින ගීතවලට ඉදිරිපත් කරන රූප රචනා දෙස බලන විට ඒවායෙ ඇති සාධනීය බව මංජුගේ රූප රචනා දෙස බැලීමෙන් තීරණය කල හැකිය . රූපරචනාව සුවිශේෂී වූ කලාවක් නිර්මානය ක් බව ට රූකාන්ත සහ චන්ද්‍රලේඛා ගයන ” සදරේඛා ” ගිතයට , සුනිල් එදිරිසිංහ ගයන ” මේ කදුලු බින්දුව ” ගීතයට , දීපාල් සිල්වාගේ ” මේ රටේ මිනිස්සු ” යන ගීතයට , වේරලියද්දගේ ” මලක් ලගින් යනෙනු එපා ” යන ගීතයට , සංගීත් විජේසූරිය ගයන “ලමාතැනී” ගීතයට ඔහු කල රූප රචනා හරහා ඔහු විසින් සාධනය කර ඇත. මේ රූප රචනා අතිශය ජනප්‍රිය විය .
ඔහු එක් තැනක සිටි අයෙකු නොවේ. ඔහු නිතර චලනය වූයේ අලුත් අදහස් සමගය. වෙළෙඳ දැන්වීම් සදහා ඔහු දක්වා ඇති දක්ශතාවය එම කාරණය මොනවට පැහැදිලි කරයි.
මංජු කාරියවසම් ,වර්තමානයේ අපට ඇවැසි නූතන රංගනය සහ අධ්‍යක්ෂනය සහ වර්තමානයේ වේදිකා නාට්‍ය යේ පසුබිම ගැන සිතා රචනා කරපු ” ගැහැනු පිරිමි මල් පලතුරු ” වෙනස්ම අත් දැකීමකි.
ගැහැනියක් ගැන සමීක්ෂණ ය සඳහා ගැහැනියක් ම යොදා ගැනීමේ අපහසු තාවය නිසාම කාන්තා සංවිධානයක් මගින් ඒ සඳහා පිරිමියකු වෙස් ගන්වා සමීක්ෂණ ය සදහා සමාජය ට යවයි ….
කාන්තාව ක් සේ වෙස්වලාගත් තරුණයා තම ස්ත්‍රි ස්වරූපය, ස්වභාවය , පෙන්වීමටත් , තම රහස්‍ය බව බොරුව සගවා ගැනීමට නිතරම පපුව සහ උකුල මැනවින් පෙන්වීමට උත්සාහ දරයි.
සැබෑවට ම ගැහැනියක් එයම කරන බවක් ඔහුට දැනේ. ගැහැනියක් ලෙස වෙස් වලාගත්තද ඔහුගේ පිරිමි චින්තනය නිතර ඉස්මතු වන්නට විය. එය ඔහුට වෙනස් කර ගැනිමට අපහසුය.
ඔහු සිය බිරිදගේද යෙහෙලියක් බවට පත්වේ.
වෙස් වලාගත් ඔහුට පෙම්වතකු මුනගැසේ. ගැහැනිය මුහුන පාන තත්වයන් පිලිබදව ඔහු අවබෝධ කරගනී.
අවසානයේ සිය වෙස් වලාගැනීම නවතා තම පෙම්වතා සහ බිරිඳ ඉදිරියේ නියම ස්වරූපයෙන් පෙනී සිටී………
නට්‍යයෙන් ඉස්මතු කෙරෙන සමාජ කාරනා වෙනමම සාකච්ඡා කල යුතුය ……
මන්ජු කාරියවසම් චරිතය තුල සිටින නිර්මාණ ශීලී ප්‍රතිභාපූර්ණ කලාකරුවා මතු කර ගැනීමට යහපත් සමාජයක් පතන ඔබ අප සැමදෙනාටම ඇති අයිතියකි, වග කීමකි. එ මගින් ඔහුගෙන් තවදුරටත් කලා ක්ශේත්‍රයට ලබා ගත හැකි දැනුම් නිර්මාණයන් අති විශාලය……..