මේ රටේ ජඩ මාධ්‍යකරණයේ නියැලෙන නොන්ජල් මිනිසුන්ට මේ මිනිසාගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඉතිරි වී ඇත. මෙවන් මිනිසෙකු සතු අමිල දිවි කුසුම මුදාහලේද පාදඩ මාධ්‍ය කලාවට එරෙහිව මිනිසෙකු ලෙස අයුක්තියට එරෙහිව සටන් කල යුත්තේ කෙසේදායි මතු පරපුරේ මාධවේදීන්ට උස් පණිවිඩයක් ලබා දුන්නේය. මිනීමරු ප්‍රේමදාසගේ මිලේච්ච පාලනය ඉදිරියේ ඔහු සටන් වැදුනේ බුල්ඩෝසර් එන විට තනිවම පාරේ සිටගත් නොසැලෙන මිනිසෙකු ලෙසය. ජීවිතයේ අවසානය දක්වා අයුක්තිය අසාධාරණය ඉදිරියේ ඉන්ද්‍රඛීලයක් සේ සටන් වැදුණු ඔබ, ජීවිතයේ බොහෝ දුර යාමට ඉතිරිව තිබියදී සජිත් ප්‍රේමදාස ගේ පියාගේ කුරිරු උවමනාවෙන් වෙනුවෙන් අපෙන් උදුරා ගනු ලැබිය. මේ දිග හැරෙන්නේ ඔහුගේ අන්දරයයි
1990 පෙබරවාරි 18 වෙනි දින රාති‍්‍රයේ ආර්. ප්‍රේමදාස හා රන්ජන් විජේරත්න යන මිනීමරුවන්ගේ සුවච කීකරු ගහලයින් රැළක් රාජගිරිය කලපලුවාවේ පිහිටි වෛද්‍ය මනොරානී සරවනමුත්තු මහත්මියගේ නිවසට කඩා වැදුනි. එහි සිටි චාම් සරල එමෙන්ම දැඩි අධිෂ්ඨානශීලී තරුණයෙකු පැහැරගෙන ගියහ. ලේ පිපාසිත ගහලයන් ගේ ග්‍රහණයට හසු වුයේ වෛද්‍ය මනෝරාණී සරවනමුත්තු අම්මාගේ පුතු පමණක් නොව මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුල පිරී ඉතිරී ඇති ජඩමාධ්‍යවේදීන් අතරින් බිහි වූ ශ්‍රේෂ්ඨතම ජනතාවාදී මාධ්‍යවෙදියාය. 1958 මාර්තු මස 18 වෙනිදින ඉපිද 1990 පෙබරවාරි 19 වන දින සිය දිවි කුසුම ජනතාව වෙනුවෙන් වාතලයට මුසු කරන විට යාන්තම් ජීවිතයේ වසන්තය පසුකල තරුණයෙකි. මොරටුව කොරල වැල්ලේ මුහුද වෙනදා මෙන්ම වෙරළේ හැපිහැපී බිඳිණ.. සිව්දෙසම ගහලයින් අරක්ගත් ඒ රාති‍්‍රයේ කිසියම් වේලාවක ප‍්‍රාණය නිරුද්ද රිචඩ් ද සොයිසාගේ සිරුර මොරටුව කොරලවැල්ල මුහුදේ තැනෙකට හෙලා තිබිණ. ඒ බව ඉවසාගත නොහැකිව වේදනාපත් කරදිය ජලය වෙරළේ හැපී කෑ ගසා පෙරළි කරන්නට වූ බව නිසැකය. එහෙත් ඒ හඬ ඇසෙන කෙනෙකු ඒ ශාපලත් භීම සමයේ නොවුනි. සියල්ල එජාප මිනීමරු පාලනයට නතු වෙමින් තිබුණි. සියල්ලන්ම ලේ පිපාසිත ගහලයන් හමුවේ පසුබසිමින් සිටියහ. එවන් මොහොතක මනෝරාණී සරවන මුත්තු අම්මා තනිවම තම පුතු සොයා තැන් තැන්වලට ගියාය. පෙබරවාරි 19වැනි දින මොරටුව කොරලවල්ල වෙරළේ තිබී රිචඞ් ද සොයිසා තරුණයාගේ සිරුර ධීවරයින් පිරිසකට හමුවිය. එය කළුබෝවිල රෝහල වෙත ගෙන එන ලදුව මනෝරාණි සරවන මුත්තු අම්මා විසින් හඳුනා ගත්තාය.
ඔහු අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙනි. උපත ලැබුවේ මෙරට වරප්‍රසාධ හිමි පංතිය නියෝජනය කල පවුලකය. එහෙත් ඔහුගේ දේශපාලන දැක්ම ඊට ඉඳුරාම වෙනස් වූ දුක් විඳින ජනයාගේ විමුක්ති මග තෝරාගනු ලැබිය. රිචඩ් ද සොයිසා ක්ෂේත‍්‍ර ගණනාවක අති දක්ෂයෙක් වූයේය. ඉංගී‍්‍රසි භාෂාවෙන් ඉතා ශූර ලෙස කටයුතු කිරීමේ හැකියාව ලබා තිබුණේය. මාධ්‍ය වේදියෙක්, ගුවන් විදුලි නිවේදකයෙක්, රූපවාහිනී නිවේදකයෙක්, වේදිකා නාට්‍ය නළුවෙක් සහ චිත‍්‍රපටි නළුවෙක් වූයේය. මේ හැමටම වඩා අයුක්ති සහගත පාලනයකින් සිහසුන කිලිටි කර තිබු යුගයක උඩුගම්බලා පිහිනමින් සිටි තවත් දසදහස් ගණන් තරුණයන් අතර සුවිශේෂී හැකියාවන් සහිතව නැගී සිටි ශ්‍රේෂ්ඨ මානවවාදියෙකු වූයේය. ඒ සමත්කම් සියල්ල මත තමනට පැවරී තිබූ යුගයේ සුවිශාල කාර්යභාරය රැගෙන විදේශගතවීමට සූදානම්ව සිටියේය. ඒ වන වන ඉතාලිය මුලික කරගෙන පවත්වා ගෙන ගෙන ගිය ඉන්ටර් ප්‍රෙස් පුවත් ආයතනයේ ආසියානු හා අප්‍රිකානු කලාපය බාර නියෝජිත තනතුර සඳහාය. ඔහු රටින් බැහැර වුවහොත් පාලකයන් නොසිතු බොහෝ දේ සිදු වීමට ඉඩ තිබු බව ලේපිපාසිත ගහලයන්ගේ උකුසු ඇස්වලට දැනුනි. රිචඩ් ද සොයිසාගේ කතාව එතනින් නිමාකිරීමට වහ වහා සාකච්චා සිදු විය.
පසු කලෙක ඉන්ටර් ප්‍රෙස් ආයතනයේ ප්‍රධානියෙකු කියාසිටියේ රිචර්ඩ් එම ආයතනය තෝරාගැනීමද විශේෂිත වූ බවයි. එම ආයතනය අනෙකුත් පුවත් ආයතන මෙන් මුදල් පසු පස හඹා යාම වෙනුවට ලොව පුරා සිදුවන මර්ධනකාරී පාලනයන්, අසධාරනයන් පිළිබඳව නිරන්තරයෙන් අවධානය දැක්වූ ආයතනයක් මෙන්ම අනෙකුත් ආයතන හා සසඳා බැලීමේදී ඉතා අවම වේතනයක් හිමි වූ ආයතනයක් වූ නිසාය. රිචර්ඩ් ට අවශ්‍ය වුයේ ලොව කොතැනක හෝ හිඳ අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් වැදීම බව ඔහු පලකල අදහස් වලින් නිගමනය කල හැක.
රිචඩ් ද සොයිසා ගේ මුළු භාවිතයම බලයේ සිටි පාලකයින්ට හැමඅතින්ම භයානක අභියෝගයක්ව පැවතියේය. එක් නිශ්චිත ආසන්න කරුණක් නිසා එජාප මිනීමරු පාලනය ඔහුව හඹා එමින් සිටියේය. “මේ කවුද මොනවද කරන්නේ” යනුවෙන් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරමින් ආර්. ප්‍රේමදාස පාලනය නිර්දය ලෙස විවේචනයට ලක් කලේ රට පුරා මහ මග දස දහස් ගණන් මානවප්‍රේමී තරුණ තරුණියන් දැවී යද්දීය. එය බලලෝභී ලේ පිපාසිත ගහලයින් නොඉවසූ නිර්මාණයක් වූ බව හෙළිවිණි. ශ්‍රී ලංකාවේ එවකට සිදු වූ සියලුම රාජ්‍ය ත්‍රස්තවාදය පිළිබඳව ලෝකය දැනුවත් කරමින් සිටි එකම කශේරුකාවක් හිමි මාධ්‍ය වේදියා වුයේද ඔබය. මෙම ඝාතනය සම්බන්ධයෙන් 1990 අප්‍රේල් 23 ටයිම්ස් සඟරාවේ ලිපියක් පළ වූ අතර රජය එය බෙදාහැරීම සහ අලෙවිය තහනම් කළේය. ටයිම්ස් සඟරාවේ සඳහන් වූයේ ආණ්‌ඩුවේ ඝාතක කල්ලිවල කටයුතු විදහාපාන ප්‍රවෘත්ති ලිවීම මෙන්ම මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් විදේශ සංවිධානවලට තොරතුරු දැන්වූ රිචඩ් ද සොයිසා බලවත් තර්ජනයක්‌ව තිබූ බැවින් මරාදමන්නට ඇති බවය. එනිසා රිචඩ් ද සොයිසා ගේ අවසානය මිනීමරු පාලනය විසින් විසඳමින් සිටියේය. .අවසානයේදී රිචර්ඩ් ද සොයිසා නම් මානව දයාවෙන් පිරිපුන් ආදර්ශමත් සගයා අපෙන් සදහටම උදුරා ගත්තේය.
රිචඩ් ද සොයිසා පැහැරගෙන ගිය ගහලයින් අතර ප‍්‍රමුඛයෙකු වූයේ කොළඹ ප‍්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වරයාව සිටි රොනී ගුණසිංහය. රිචඩ් ඝාතනයේ ප‍්‍රධාන වගඋත්තරකරුවන් වූ රංජන් විජේරත්න සේම රොනී ගුණසිංහත්, රොනීට හා රංජන් ට අණ දුන් කප්පිත්තා වු ආර්. ප්‍රේමදාසද තිරිසන් සතෙකු මිය යන ලෙස මහමග අළු දුහුවිලි බවට පත් වෙමින් මියගියේ බෝම්බ ප්‍රහාරයන්ගෙනි. . අධිකරණයට පමුණුවා සිටි අනෙකුත් චුදිතයන් වූ පොලිස් පරීක්‌ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ, පොලිස් පරීක්‌ෂක එම්.ජී.ජී. දේවසුරේන්ද්‍ර, පොලිස් සැරයන් වෙඩික්‌කාරගේ සරත්චන්ද්‍ර 2005 නොවැම්බර් 09වැනි දින අධිකරණයෙන් නිදහස් ලැබීය.
උපුටාගත්තේ : ප්‍රදීප් පීරිස්ගේ මුහුණුපොතෙන්