මම අද උදේ මං දන්න තුන් දෙනෙකුට කෝල් කළා. ඉතාලියේ ඉන්න යාළුවෙකුට. ලංකාවේ වැලිගම ඉන්න යාළුවෙකුට සහ ඔස්ට්‍රේලියාවේ ඉන්න යාළුවෙකුට. මේ රටවල් තුනම කොරෝනා වෛරස පැතිරීමේ අර්බුදයට මුහුණ දීලා ඉන්නවා. එක එක රටේ තත්ත්වය වෙනස්. ඉතාලිය ඉතාම ඛේදනීය තත්ත්වයක තියෙන්නෙ.
ලංකාවෙ අපිත් ඉතාම භයානක නරක ත්ත්වයක ඉන්නෙ.
ඉස්සෙල්ලම මං ඉතාලියේ ජිවත්වෙන මගේ හිතවතාට කතා කළා. මේ කොරෝනා ව්‍යසනයෙන් ඉතාලියේ මිනිස් ජිවිත දහස් ගණනින් නැතිවෙන බව අපි දන්නවා. ඊයේ දවස තුළ පමණක් ඉතාලියෙන් කොරෝනා නිසා මිය ගිය ගණන 475ක් වුණා. දෙයියනේ අද ඒ ගාණ 627 ක්ලු. මේ වෙනකොට ඉතාලියේ කොරෝනා නිසා මරණ 4032 ක් සිදු වෙලා. මේ විනාසය සිදුවුණේ සති දෙක තුනක් ඇතුළත.
මගේ මිතුරා හොදින් ඉන්නවද දැනගන්නයි මට ඕන වුණේ. ඔහු මට ගොඩක් විස්තර කිව්වා. දැන් සති දෙකක් තිස්සේ නිවස තුළම ඉන්න බවත් අප්‍රේල් 15 දක්වා ආහාර සහ බෙහෙත් ගන්න මිස වෙන කිසිම දේකට එළියට බැසීම තහනම් කර ඇති බවත් කිව්වා. ඔහු වරින් වර හඩා වැටුණා. මිය යන මිනිසුන්ගේ මිනී වළලන්නට කනතුවල ඉඩ නැති බවත්, කිසිදු අවමගුල් චාරිත්‍රයකින් තොරව මිය යන අයගේ සිරුරු වළ දමන්නට සිදු වී ඇති බවත්, මිනිසුන් සිය ඥාතීන්ට සමු දෙන්නට අවස්ථාවක්වත් නැතිව තනිව හුදෙකලාව මිය යන බවත්, මුළු රටම එකම විලාපයක් බවට පත් වී ඇති හැටිත් කියමින් ඔහු කිහිප වරක් හඩා වැටුණා. එය අසා සිටිද්දී මාව වෙවුලුවා.
මට කතා කරගන්නට හැකි වූ විට මා ඇසුවා..
කොහොමද මල්ලී ඉතාලියේ මේක මේ තරං පැතිරුණේ? ඇයි මේ තරං දියුණු සෞඛ්‍ය පහසුකං කියෙන රටක් වෙලත් ඉතාලියේ මිනිස්සු මේ තරං මැරෙන්නෙ? ඇයි ඉතාලියට මේ ප්‍රශ්නෙ බේරගන්න බැරි වුණේ?
ඉතාලිය මේක මුලින් ඒ තරං සීරියස් ගණන් ගත්තෙ නෑ. මුලින්ම කොරෝනා හැදිච්ච කෙනා වාර්තා වුණාට ඒ තරං ලොකුවට ගත්තෙ නෑ. නගර වැහුවෙ නෑ. කිසි ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ. අන්තිමට ඒක එක පාරටම දාහක් විතර වුණා. කොහොම වුණාද කියලා හිතාගන්නවත් බෑ….එතකොට තමයි ඉතා තදබල ක්‍රියා මාර්ග ගන්න පටන් ගත්තෙ. එතකොට අපි පරක්කු වැඩියි.
අනික ඉතාලියේ මිනිස්සුන්ගෙ ගති ස්වභාවය මේ ව්‍යසනය මේ තරං ඔඩු දුවන්න බලපෑවා. ඉතාලි ජාතිකයො හරි සමාජශීලියි. ඔවුන් නිතරම ඉන්නේ රෙස්ටුරන්වල, කැෆේස් වල, පාක් වල…..මිනිස්සු එකිනෙකා එක්කමයි. ඔවුන් ආචාර කරද්දී සිප වැළද ගන්නවා. බදා ගන්නවා. ඔවුන් විනෝදකාමීයි. අනික ඔවුන් මේ වෛරස් ප්‍රශ්නය ගණන් ගත්තේ නැහැ. අපි හරි ශක්තිමත්, අපිට ඕවා හැදෙන්නෑ, අපි ඕවට බය නෑ වගේ මානසික තත්ත්වයකුත් තිබුණා. අනික ආණ්ඩුව සහ වෛද්‍යවරු සමාජයේ ගැවසීම අඩු කරන්න කිව්වාට ඔවුන් එය හරියට පිළිපැද්දේ නැහැ. රැකියා වල නිවාඩු දුන් විට ඇතැම් අය මුහුදු වෙරළේ සැදෑව ගත කරන්න ගියා. එකතු වෙලා සාද පැවැත්වුවා. ඔවුන් රජය ගත් ක්‍රියාමාර්ගවලට අනුකූලව රොක්වීම, එකිනෙකා හමුවීම වැළෑක්වුවේ නෑ. දැන් තමයි ඒකේ ප්‍රති විපාක වලට අපි මූණ දෙන්නෙ. දහස් ගණනින් රෝගය පැතිරෙද්දී, සිය ගණනින් මැරෙද්දී තමයි මිනිස්සු ඇස් ඇරලා බැලුවේ. තමන්ගෙ වගකීම මොකකද් කියලා තේරුං ගත්තෙ. එතකොට අපි ගොඩක් පරක්කුයි.
…………………!!!!
වැලිගම ඉන්න මගේ මිතුරා කතා කළාම ඔහු කිවූ දේ
මල්ලි ඕගොල්ලං පරිස්සමිං ඉන්නවා නේද? ඔහේ මිනිස්සු ගෙවල් ඇතුළට වෙලා ඉන්නවද?
මොන පිස්සුද? මේ මට දැනුත් පේනවා අපේ ගේ ඉස්සරහ පරෙන් එහා පැත්තෙ ග්‍රවුන්ඩ් එකේ කොල්ලො සෙට් වෙලා ක්‍රිකට් ගහනවා. මේ පැත්තෙ කඩවල්වල වැඩිපුරම විකිණෙන්නේ බයිට් පැකට්. බාර්වල සෙනග රොතු පිටින්. අනික මේ පැත්තෙ තියෙන සුද්දො නැවතිලා ඉන්න පොඩි ගෙස්ට් හවුස් වැහුවෙ නෑ. ඒවෑ වැඩකරන අය දිගටම වැඩට යනවා. අනේ මන්දා අක්කේ, මිනිස්සු සෙට්වෙලා පොඩි පොඩි පාටි හැමදාම හවසට…..
අනේ දෙයියනේ……..!!!!!!
………………………………………………
ඔස්ට්‍රේලියාවෙත් කොරෝනා වෛරසය පැතිරෙමින් යනවා. ඒ රටේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගණනාවක්ම අරගෙන ක්‍රියාත්මක කරනවා. රටට ඇතුල් වන සෑම කෙනෙක්ම දවස් 14 ක් ස්වයං නිරෝධායනයකට ලක්වීම, මිනිසුන් එක් රැස් වීම අවම කරන ලෙස ඉල්ලීම, එකිනෙකා අතර අවම වශයෙන් වර්ග මීටරයක පරතරයක් පවත්වා ගැනීම …….ආදී විවිධ උපදෙස් ජනතාවට ලබා දී තියෙනවා. ඒවායින් ඇතැම් ඒවා උපදෙස්. ඇතැම් ඒවා කැඩුවොත් දඩ වදින නියෝග. මගේ මිතුරා කිව්වේ මෙහෙම.
මෙහෙත් ප්‍රශ්නෙ වැඩිවෙමින් යන්නෙ. හැබැයි මිනිස්සු ආණ්ඩුව සහ වෛද්‍යවරු දෙන උපදෙස් ඉතා හොදින් විනයානුකූලව පිළීපදිනවා. එළීයට යන්න එපා කිව්වම යන්නේ නෑ. මිනිස්සු මුණ ගැහෙන අවස්ථා මග හරිනවා. එකිනෙකාට අතට අත දෙන්නේ නෑ. කහින විට කිවිසුම් යන විට ඒ අදාළ පිළීවෙත් අනුගමනය කරනවා. මෙහේ මිනිස්සු බහුතරයක් විනය ගරුකයි. පිස්සු කෙළින්නෙ නෑ. මිනිස්සු දන්නවා මේකේ බරපතලකම. කියන විදියට මිනස්සු වැඩ කරනවා. මොකද මේ මාරාන්තික වෛරසයෙන් තමනුත් බේරිලා අනිත් අයත් බේරගන්නෙ කොහොමද, රට බේරගන්නෙ කොහොමද කියන එක ගැන හැමෝම වගේ දැනුවත්.
මේ රට් බහුතරයක් පුරවැසියො වගකීම් සහගත ශික්ෂණයක් සහිත මිනිස්සු. ඒ නිසා සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලේසියි.
………………………………
ඉතාලිය අපිට කියනවා ඒගොල්ලන්ට වැරදුණු විදිය.
අපි ඉතාම අවාසනාවන්ත විදියට දරුණු ලෙස වරද්දාගනිමින් ඉන්නවා……එහි ප්‍රතිඵලය මිනිස් ජීවිත දහස් ගණනින් වන්දි ගෙවන මහා ඛේදවාචකයක් නොවිය හැකිද??
තව රටක පුරවැසියන්ද රජයද වෛදවරුද එක්ව බුද්ධිමත්ව, විනයගරුකව හැසිරෙමින් තත්ත්වය පාලනය කරගන්නට උත්සහ කරනවා….
අපි දැන් ඉන්නේ කොහෙද?
අපි වහා වහා හැරෙමු…… අපිව බේරාගත හැක්කේ අපිටම පමණයි. දෙවියෙක්ද, ප්‍රාතිහාර්යයන්ද, වෙනත් බලවේගයන්ද කිසිවක් නැති බව ලෝකය ඔප්පු කරමින් සිටිනවා…..අපිව බේරා ගත හැක්කේ අපිටම පමණයි.
උපුටාගත්තේ: නදී කම්මල්වීරගේ මුහුණුපොතෙන්