උපුටාගැනීම්පුවතකට වැඩි යමක්විශේෂාංග

ඇයි මිනිස්සුන්ට වඩා බල්ලන්ට අඩු ආයුෂ තියෙන්නේ?

මේකට අවුරුදු 6ක පුංචි ළමයෙක් හරි පුදුම හිතෙන විදිහේ උත්තරයක් දුන්නා.

පශු වෛද්‍යවරයෙක් විදිහට, අවුරුදු 10ක් වයස අයිරිෂ් වුල්ෆ් හවුන්ඩ් වර්ගයේ බල්ලෙක්ට බෙහෙත් කරන්න මට යන්න වුනා. එයාගේ නම ‘බෙල්කර්’. බෙල්කර්ගේ අයිතිකාරයෝ වුනේ රොන්, ඔහුගේ බිරිඳ ලීසා හා ඔවුන්ගේ පුංචි පුතා ශේන්. ඔවුන් බෙල්කර්ට හුඟාක් ආදරය කරපු නිසා ප්‍රාතිහාර්යක් හරි සිදුවෙයි කියලා ලොකු බලාපොරොත්තුවකිනුයි හිටියේ.
මම බෙල්කර්ව හොඳට පරික්ෂා කලාම මට තේරුනා ඔහු පිළිකාවක් නිසා මිය යමින් සිටින බව. මම බෙල්කර්ගේ පවුලේ අයට කිව්වා එයාව ජීවත් කරවන්න අපහසු නිසා දුක් නොවිඳ මිය යා හැකි අනායාස මරණයක් අත්කර දීම හොඳ බව.
අප එය සූදානම් කරන අතරතුර ලීසා හා රොන් මට කිව්වා මේ කරන්න යන දෙය ශේන්ටත් දකින්න හම්බෙනවා නම් හොඳයි කියලා. ඔවුන් හිතුවේ මේ සිදුවීමත් එක්ක ශේන් කුමක් හෝ දෙයක් ජීවිතය ගැන ඉගෙන ගනී කියලා.
ඊළඟ දිනයේ බෙල්කර්ගේ පවුලේ අය ඔහුව වට කර ගනිද්දී මට සුපුරුදු පරිදි හිතට දුකක් හා අපහසුතාවයක් දැනුනා. නමුත් ශේන් හුඟාක් ශාන්ත විදිහට බෙල්කර්ගේ හිස අත ගාමින් ඔහුට අවසන් වතාවට ආදරය දක්වමින් හිටියා.
‘මේ පුංචි ළමයා මේ වෙන්න යන දේ දන්නවද?’ මට එහෙම හිතුනා.
සුලු වෙලාවකින් බෙල්කර් අප අතරින් සමු ගත්තා වුනත් මේ පුංචි පිරිමි ළමයා මේ සිද්ද වුන දෙය සිතින් භාර ගෙන සිටින බව මට පෙනුනා. අපි සියලු දෙනාම එකට එකතු වෙලා ‘ඇයි බල්ලන් මෙච්චර ඉක්මනට අපි අතරින් සමුගනේ’ කියලා කතා කරන්න පුංචි වෙලාවක් ගත්තා.
‘ඒ ඇයි කියලා මම දන්නවා..’ මෙම සංවාදය අසා සිටි පුංචි ශේන් එක් වරම මෙහෙම කිව්වා.
පුදුම හිතෙන විදිහකින් අපි හැමෝම එයා දිහා හැරිලා බැලුවම, එයා කිව්ව වචන වලින් මගේ හිතේ තිබුන බර ගතිය නැති වෙලා ගියා. ඇත්තටම කිව්වොත් එතරම් හිත නිදහස් කරවන සුලු වචන ටිකක් මං කවදාවත් අහලා තිබුනේ නැති තරම්. ඒක මං ජීවත් වෙන විදිහ හා අපි සමහර දේවල් ලබා ගන්න උත්සහ දරණ විදිහ ගැන තියන අදහස් සියල්ල වෙනස් කලා කිව්වොත් මං නිවැරදියි.
“අපි ඉපදිලා ඉන්නේ කොහොමද හොඳින් ජීවත් වෙන්නේ, කොහොමද අනිත් අයට හැම වෙලේම ආදරය කරන්නේ කියලා ඉගෙන ගන්න නේද?” ඔහු දිගටම කතා කලා.
“ඇත්තටම බල්ලෝ ඒක කරනේ කොහොමද කියලා කොහොමත් දන්නවා. ඒ නිසා අපි වගේ ගොඩාක් කල් ජීවත් වෙන්න එයාලට උවමනාවක් නෑ”

සරළව ජීවිතය ගෙවන්න.
කරුණාවන්ත වචනෙන් කතා කරන්න.
හිතේ ගැඹුරින්ම අනිත් අයට සළකන්න, ඒ අයව ආරක්ෂා කරන්න.
පරිත්‍යාගශීලීව ආදරය කරන්න.

මතක තියා ගන්න, බල්ලෙක් ඔයාගේ ගුරුවරයා වුනා නම්, මේ වගේ සරළ ඒත් ජීවිතේට හුඟක් වැදගත් දේවල් එයා ඔයාට උගන්වයි.
* ඔයාගේ සමීපතමයෙක් ගෙදර ආවම ඔවුන් ළඟට දුවලා ගිහින් ඔවුන්ට ආචාර කරන්න.
* හිතේ සන්තෝසෙන් පුංචි රවුමක් ඇවිදලා එන්න අමතක කරන්නේ නැතුව.
* පිරිසිදු හුළඟට මූණ හරවන් එහි ආනන්දය විඳින්න හුරු වෙන්න.
* පුලුවන් වෙලාවට නිදහසේ පුංචි නින්දක් දාන්න.
* නැගිටින කොට ඇඟමැලි කඩලා නැගිටින්න.
* හැමදාම දුවන්න, පනින්න, සෙල්ලම් කරන්න.
* කාගෙන් හරි අවදානයක් හම්බුන වෙලාවට ඒක මඟ හරින්නේ නැතුව ඒ ආදරය විඳින්න.
* ගොරවලා වැඩක් විසඳ ගන්න පුලුවන් වෙලාවට හපලා ප්‍රශ්න වැඩි කර ගන්න යන්න එපා.
* රස්නේ දවසට හොඳ තණකොල පිට්ටනියක හොඳට වැතිරිලා පොඩ්ඩක් ඉන්න අමතක කරන්නත් එපා.
* රස්නේ හුඟාක් වැඩියි නම් වතුර හුඟාක් බීලා හොඳ හෙවනකට වෙලා ඉන්න.
* සතුට වැඩි වුනහම ඇඟම වනලා හොඳට නටන්න.
* පයින් යන දුර ගමනක අව්‍යාජ සන්තෝසය සරළව විඳින්න.
* විශ්වාසවන්ත වෙන්න.
* තමන් නොවන, වෙන කෙනෙක් වගේ වෙන්න උත්සහා කරන්න එපා.
* බොරුවක් වලදාලා තියනවා නම්, ඒක හම්බෙනකන් ඒ වල හාරන්න.
* කවුරු හරි නරක දවසක් නිසා දුක් වෙනවා නම්, නිශ්ෂබ්ද වෙලා එයා ළඟින්ම ඉඳගෙන ඉන්න.

ඒක තමා අපිට හොඳ බල්ලෙක්ගෙන් ඉගෙන ගන්න පුලුවන් සංතෝසයේ රහස.

උපුටා ගැනීම @Simbutu පේජ් එකෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *