පුවතකට වැඩි යමක්විශේෂාංග

කොරෝනා දේශපාලනය, අපේ අතීතය හා අනාගතය – නන්දන වීරරත්න

ලන්ඩනයේ හැරෝ උපනගරයේ නෝත්වික් පාර්ක් රෝහලේ සේවකයන් සෞඛ්ය ආරක්ෂිත ඇඟළුම් නැති නිසා බ්ලැක් බෑග් හෙවත් අලුත් කුණු මලු පලඳින බව ඒ රටේ පාලක කොන්සවෙටිව් ආංඩුවේ උද්ඝොෂකයා වූ ටෙලිග්රාෆ් පුවත්පත අද වාර්තා කලාය. ඒ හිරුනොබසින අධිරාජ්යයේ හිරු බැස ගොස් සියවසක් නික්මීමට පෙර ජාතික සෞඛ්යයේ ඉරණමය. යුරෝපයේ නිෂ්පාදකයා යන අපරනාමයෙන් හැඳින්වුනු ඉතාලියේ වෙදැදුරන්ගේ ප්රධානම මැසිවිල්ල සුව සේවකයන් සඳහා අත්යාවශ්ය අත්වැසුම්, මුහුණු වැසුම් හා ඇඟළුම් හිඟ කමය. දිගු කාලීන යූරෝපීය කොලනියක් වූ අපේ රටෙන් ඇසෙන්නේත් මේ වර්ගයේ මැසිවිලිය. පෙර සුදානමක් නැතිකම දුප්පත්ම රටක් වූ ලංකාවට ආවේණික ප්රශ්නයක් නොවන බවට මේ උදාහරන දෙක ප්රමානවත්ය.

යුරෝපයට පාලනය කරගත නොහැකි පෘතුවි වසංගත රෝගයක් අපේ අසල්වැසි ඉංදියාට පැමිණීමෙන් ඇතිවිය හැකි ප්රතිවිපාක ගැන සිතන්න. ඉංදියානු ජනගහනය බිලියන 1.4 [දසලක්ෂ 1400] කි. දිල්ලි නගරයේ ජනගහනය පමනක් දසලක්ෂ 18කි. එහි ජනගහන ඝනත්වය වර්ග කිලෝ මීටරයකට 425කි [චීනයේ 145 කි] සමස්ත ඉංදීය ජනගහනයෙන් හතරෙන් තුනක් ජීවත් වන්නේ නාගරික මුඩුක්කු හෝ ග්රාමීය පැල්පත්වලය. මේ ජනගහනයෙන් සියයට 70 කට වැසිකිලි පහසුකම් නැති බව සිහි කිරීමෙන්ම එහි සෞඛ්ය පහසුකම් වල සභාවය ඔබට පහසුවෙන් සිතා ගත හැකිය.
ඉංදියාවට රෝගය පාලනය කිරීමට නොහැකි වුනොත් පුත්තලම් වෙරලේ තිබෙනු ඇත්තේ ඉංදීය රෝහල් අපද්රව්ය නොව කොරෝනා රෝගයෙන් මියගිය අසරණයන්ගේ මළමිනී සමූහයන්ය. මෙබඳු වසංගත තත්වයක් පාලනය කිරීම පහසු නොවේ. එබඳු පාලනයක් වෙනුවෙන් කාලය ද සිටින්නේ අප සමඟ නොවේ. මෙය වර්තමානයට පමනක් පොදු වූ දුර්වලතාවයක් නොවේ. පුරානයේ පටන්ම පැවතෙන්නකි.

සැලසුමක් අනාගත ආයෝජනය අපේ ඉතිහාසයෙන් පටන් ගන්නේ අනුරාධපුර යුගයෙන්ය. අපිට අනුරාධපුර පැරණි නගරයෙන් රජමාළිගයක් හමුනොවන්නේ ඇයි? එහි හමුවෙන එකම කුඩා මාළිගාව පොලොන්නරුව අගනුවර කරගත් පලමුවෙනි විජයබාහු ගේ අනුරධපුර ප්රාදේශීය මාළිගාව පමණි. සියවස් පහලොවකට ආසන්න කාලයක් රටක අගනුවර වූ නගරයක ආගමික ගොඩනැඟිලි පමනක් ඉදිවූයේ ඇයි? රාජ්ය බලය ඉක්මවා ආගමික පූජකයන්ගේ බලය පැතිරීමද ? පොලොන්නරුවේදී ඔබට ආගමික ගොඩනැඟිලි ඉක්මවා ගිය මහා පරාක්රමබාහු මළිගාව හමුවෙයි. බලවත් පරක්රමබාහු කෛරාටික පූජක බලය බිඳීමට ප්රකට ශාසනශෝධනය කල වීරයා බවත් ඔබ අමතක නොකල යුතුය.

පොලොන්නරුවේ පටන් කෝට්ටේ යුගයට එන තෙක් අපට රාජ්ය බලයට මැදිහත්වෙන පූජක බලය හමුනොවෙයි.පසලොස්වැනි සියවසේ කෝට්ටේ යුගයේදී රාජ්යයේ උරුමක්කාරයා පුජක දේශපාලනය ට අනුව තෝරා ගැනීමට දැරෙන වෑයම සංඝරාජ රාහුල වනගත වීමෙන් අවසන් වෙයි. යලිත් එබඳු උත්සායක සටහනක් අපට හමුවෙන්නේ මහනුවර යුගයේ කීර්ති ශ්රි රාජසිංහ රජු නෙරපීමට තුම්පනේ වැලිවිට සරනංකර සංඝරාජ දඬුවම් විඳීමත් සමඟය. වැව් තැනීමට කෙරුණු ආයොජනයන් හැරුණු විට [බොහෝ තන්හි වැව් හා එවායින් අස්වැද්දූ කුඹුරුවල ආධායම හිමි වූයේ පංසල්වලටය.]ආගමික සංස්ථාව ශක්තිමත්ව තිබූ හැම කාලයකම විහාරාරාම, පෙති පිලිම හා චෛත්ය තැනීමට රටේ ධනය හා මිනිස් ශ්රමය ආයෝජනය කෙරුනේය. මෙයින් රටේ ආර්ථික සංවර්ධනය ට සිදුවූ යහපතක් නැත. මහනුවර යුගයේ ආගමික ආයතනය ශක්තිමත් නොවූ බලවත් අධිරාජ්යයන් සමඟ යුද වැදී සිටිද්දීත් වසර 300 පමන නිරූපද්රිතව සිටීමට උඩරට රාජධානියට හැකි වුනේය.

20 වෙනි සියවසේ පටන් යලිත් මේ තත්වය වෙනස් වුනි. දේශපාලන බලයට සමාන්තර ආගමික බලය වැඩුනේය. පශ්චාත් යටත් විජිත යුගයේ මේ තත්වය වඩාත් බලවත් විය. අපේ මුතුන් මිත්තෝ රන් රිදී මුතු මැණික් පළඳිනවාට වඩා කලේ ඒවා නිදන් වස්තු හැටියට ආගමික ගොඩනැඟිලි ඇතුලේ තැන්පත් කිරීමය. දැන් ඒ වෙනුවට අත ඉතිරි සියල්ලම ආගමික ආයතන නඩත්තුවට හා එවායේ නව ඉදිකිරීම් වෙනුවෙන් වැය කෙරෙන්නේය. ලංකාවේ කිසිම බද්දක් නොගෙවන විශාලම ආධායම් ඇති බෞධ ආගමික මධ්යස්ථාන ලැයිස්තුව ගන්න. මහනුවර දළදා මාළිගාව, අනුරධපුර ශ්රි මහා බොධිය, කළුතර බොධිය හා ගලහ රාජොපවනාරාමය ගන්න. මේ ආගමික ආයතනවලට ලැබෙන අති මහත් අධායමට අත්වෙන ඉරණනම දන්නේ එවායේ අරක්ගෙන සිටින දේවාල පුල්ලියන් හා ගණින්නාන්සේලා සමුහයම පමණි. කතොලික හා ක්රිස්තියානි පල්ලිවලට විදේශවලින් ලැබෙන ආධාර පසෙක තබා කොච්චිකඩේ පල්ලිය බඳු තැනකට වාර්ෂිකව ලැබෙන ආධායම හා එයට අත්වෙන ඉරණම ගැන සිතන්න. රටපුරා ඇති මුස්ලිම් පල්ලිවලට ලැබෙන විදේශීය ආධාර පසෙකලා එවාට දේශීයව ලැබෙන ආධායම් ආයෝජනය කෙරෙන ආකාරය ගැන සිතන්න. අනෙකුත් හින්දු දේවාල අමතක කර කතරගම හා රත්නපුර සමන්දේවාලවලට ලැබෙන ආධායම් හා එවාට අත්වෙන ඉරණම ගැන මදක් සිතන්න.

මේ කිසිම ආගමික ආයතනයක් තමන්ගේ දායකකාරකාදීන් හෝ දිළින්දන් වෙනුවෙන් මේ සතයක් වියදම් කරන්නේ නැත. අපේ රටේ දී මේ සියළුම ආගම්වලට අයත් මෝඩ පිංවතුන් විපතක් සිදුවූ සැනෙන් හැරෙන්නේ දේශපාලකයා දෙසටය. ඔහු තක්කඩියෙකු බව සැබෑය. නමුත් ඔහුට බලයට ඒමට ලැබූ සියළු කොමිස් මුදල් හා සෙසු සාපරාධි ආධායම් සුදු අන්තුවෙකු මෙන් යලියලිත් මැතිවරණ වෙනුවෙන් ආයෝජනය කල යුතුය. නමුත් ආගමික පූජකයා මේ කිසිවක් නොකර ආධායම ගෙඩිය පිටින් ගසා කමින් සිටී. රට කොතෙක් විදේශයන්ට ණයවී නඩත්තු කෙරුනත් මේ පූජකයන්ට කම් කිම්?
අනුරාධපුරයුගයේ පටන්ම රටේ සාගත මේනම වසංගත රෝග පැතිරෙද්දීත් මේ සේ රැස්කරගත් ධනය පුජකයාගේ හා ඔහුගේ හතරවරිගේ නඩත්තුවට ආයෝජනය කෙරුනා මිස මහජන සුභ සුද්ධිය වෙනුවෙන් යෙදවූ බවක් ඉතිහාසය වාර්තා නොකරයි. වර්තමානයේදීත් පවතින ආගමික පූජකයන්ගේ බලය නිසා මේ බලයට යත් දේශපාලකයා රටේ මොන තරම් දුෂ්කර තත්වයක් අති වූවත් මේ පුජක මුදලාලි පැලැන්තියට අත නොතබනු අත්තේය. කෙතරම් බලවත් වූවත් එල්ටීටීඊ ය තුවක්කුවේ බලයෙන් උතුර පාලනය කල යුගයේ කතොලික හා ක්රිස්තියානි පල්ලියට අත නොතැබීමට ප්රවේසම් වුනේය. මේ නිසා ආහාර ද මුදල් ද නිතර ගැවසුනේ එම ආගම්වල දේවස්ථානවලය. මිනිස්සු පාරම්පරික හින්දු දෙවිවරුන්ට වඩා බැතිබර වූයේ ක්රිස්තියානි දෙවියන්ටය.

තවත් මාස 12 ක ඉදිරිය ගැන සිතන්නට බැරි මේ මොහොතේ බරපතල ආයෝජනය ඇති සංචාරක හෝටල් නිරෝධායන් මධ්යස්ථාන වෙනුවෙන් ගැනීම වෙනුවට රජය කල යුත්තේ මේ ආගමික ආයතන රජයට පවරාගේඅ ඒවායේ නිරෝධායන පහසුකම් සැලසීමය. අත්රේක ධනය සොයා ආගමික ආයාතනවලට බදු නිලධාරීන් යැවීමය. සංචාරක හොටල්වල නොරෝධායනය කිරීමෙන් තවත් වසර ගනනාවකට මේ රටට සංචාරකය පැමිණීම නවතිනු අත්තේය.

මේවා ඉටු කිරීමට අපොහොසත් වෙන ආන්ඩුවක් වැඩි දවස්ක් නොගොසින් සාගින්නෙන් පෙලෙන මිනිසුන් ආහාර කොල්ල කද්දී වෙඩිතබා මරා දමා මහජන අප්රසාදයට පත්වනු අත්තේය. 14 වෙනි සියවසේ මහාමාරිය රෝගය යුරෝපය පුරා පැටිරෙද්දී එහි පාලක පංතීන්ට අත්වූ ඉරනම නැවත කියවා ගැනීමෙන් මේ පාඩම් නුතන පාලකයන්ට ද ඉගෙනීමට හැකි වන්නේය.

 

නන්දන වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *