ලංකාවට ධනවාදය [යටත් විජිත ධනවාදය] සම්ප්‍රාත්වීම සාහිත්යමය සනිටුවන් කිරීම මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළියෙන් සිදුකෙරුනා. කලියුගය මේ ධනවාදයේ [පාරිභෝගිකවාදය ?] ලාංකික ස්වර්ණමය යුගය තුල නිරූපනය වුණා. යුගාන්තයේ අපට දී මේ නව ප්‍රභූ පංතියේ හිතුවක්කාර ජීවිතය ප්‍රතිසංස්කරණය ට බල කරන ඔවුන්ගේම දරුපරපුර හමුවෙනවා. දැන් අබුද්දස්ස යුගය. අබුද්දස්ස කියල නම් කෙරුනේ බුදුවරයෙක් හෙවත් පරමාර්ථ සත්‍යක් නැති යුගයක්. [බුද්දස්ස – අබුදස්ස ] මේ වෙනුවෙන් ලියවුනු හොඳ සාහිත්ය නිර්මානයක් අපට නෑ.
මේ අබුද්දස්ස යුගය ගැන ජන ජීවිතය විස්තර කලේ මෙහෙම. ‘අබුද්දස්ස කාලේ ලබු ත් තීත්තලු’,’ අබුද්දස්ස කාලේ මුතු මැණික් යටවී ගොම වැරටි මතු වෙනවා’, අබුද්දස්ස යුගයේ ලබු කබල් උඩ එනවා රන් රිදී ගිලිනෙවා’ වගේ යෙදුම් වලින්. [ගුනදාස අමරසේකර ‘අබුද්දස්ස යුගයක්’ නමින් පොතක් ලීවා මතකයි. අමරසේකරගේ බලවත් රසිකයෙක් වූ මට ඒ පොත ගැන මතකය ඉතිරිවී නෑ. දන්නා කෙනෙක් ලියන්න]
මට හිතෙන්නේ අපි දැන් ඉන්නේ අබුද්දස්ස යුගයේ කෙලවර. අබුද්දාස්ස යුගයේ අපිට අමුතුම වීරයෝ ටිකක ලැබුන. අලුත් විශ්වාසයන් ඇති වුනා. චාර්වාකවාදය හෙවත් ‘යාවජීවං සුඛං ජීවෙත්’ වගේ පාරිභෝගිකවාදයක් අපේ ජීවන දර්ශණය වුනා. සරත්ච්න්ද්‍ර ‘ධර්මිෂ්ට සමාජය’ ලියල ජේ ආර්. ගේ පාදඩ හමුදාවෙන් බෞද්ධ මහා සම්මේලනේ ශාලාව ලඟ කානුවෙ දාල ගුටි ඇනුම් කනකොට අපි පොතට හිනාවෙල ‘හොඳ වැඩේ, ඔය ගුබ්බෑයමට රිංගපු එකට ‘ කියල අහක බලා ගත්ත. නමුත් ඉතිහාසේ සරදම මේ අබුද්දස්ස යුගය ධර්මිෂ්ඨ සමාජයක් හැටියට ජේ. ආර්. සමාජ ගත කිරීමත් සරත්ච්න්ද්‍ර එයට පිලිතුරු ලෙස ධර්මිෂ්ඨ සමාජයක් යනු කුමක් ද යන්න විස්තර කිරීමත් අපි [වම ] එක හෙලා එය ප්‍රතික්ෂප කිරීමයි කියලයි දැන් මට හිතෙන්නේ.
දැන් අපි අබුද්දස්ස යුගයේ කෙලවරට [මෙය බුදුවරයෙක් නැති හෝ බුදුවරයෙක් විශ්වාස නොකිරීම යන සංස්කෘතික ජීවිතයට අදාල ආගමික පරමාර්ථ සත්‍යය මිසක් බෞද්ධ ආගමික වාදයක් නොවේ] ඇවිල්ලයි ඉන්නේ. දැන් අබුද්දස්ස යුගයේ සිටි දේශපාලන වීරයන් ගේ ප්‍රතිරූප සතියෙන් දෙකෙන් කඩා වැටෙනව. ජාතියේ වීරයෝ අතුරුදහන් වෙනව. යුධ වීරයෝ දේශපාලනය කරන්න ගිහින් දනින් වැටෙනව. නියෝ ලිබරල් වීරයෝ ලිබරල් හැව අරිනව. ලිබරල් බැතිමත්තු අසරනව ලිබරල් ම්නතර මතුරනව.
තවත් මාස ගානනාවකින් ජීවත්වීමට වාසනා වරම් හිමිවෙන ජනයාට අලුත් ලෝකයක් දකින්නට ලැබෙවි. ඔවුන් සියළුම දේ අලුතෙන් පටන් ගනිවී. හරියටම අනාගතවංශ දේශනාවේ කල්පාන්ත මේඝහයෙන් පසු එන මුරුගසං වර්ෂාවෙන් පසු, විස්තර කෙරෙන දේ රුපාන්තරනය වී ඒ ජීවත්වෙන වාසනාවන්තයන්ට පෙනෙවි. නමුත් මෙහි භයානකම ජවනිකාව අන් කිසිවක් නොවෙයි ඉංදිය උප මාහද්වීපය මේ වසංගතය පැමිනීමයි. සමහරවිට 12 වෙනි සියවසට පෙර සිදුවූ ආකාරය දස දහස් ගනනක් ඉංදීය සංක්‍රමනිකයන් ගෙන් මේ භූමිය පිරී ඉතිරේවි. වසංගතයෙන් මියයන විනාශකල නොහැකි මළසිරුරු ඉංදීය ගංඟා දිගේ පාවී ඇවිත් අපේ වෙරළවල් වසා ගනිවි. ඒ තමා සිදුවිය හැකි ප්‍රතිවිපාකයේ උපරිමය. ඉන් මෙහා නැවතුනොත් අපි ලබන අවුරුද්දටත් ලාභකාරී නොවී ලියන්නත් යහපත් ලෝකයක් ගැන සැලසුම් තනන්නත්, සංවාද පවත්වන්නත් ඉතිරිවේවි.