ජාතික කොරෝනා දිනපොතක් [ශ්‍රව්‍ය දෘශ්‍ය]හදන්න වුවමනාය කියන යෝජනාව මම මුලින්ම මිත්‍රයන්ට පුත්ගලික යෝජනාවක් හැටියට මැසෙන්ජර් පනිවිඩවලි යැව්ව. එහෙම ලිව්වෙත් පුත්ගලිකව මේ කටයුත්ත කරන්න අමාරුයි, රාජ්‍ය හෝ ඒ හා සමාන විශාල ආයතනයක සහාය නැතුව බැරිබව දැනගෙනයි. නමුත් මම එතැනින් නොනැවති ආන්ඩුවට සම්බන්ධ මිත්‍රයන් ගනනාවකට පුත්ගලිකව කිව්ව මේ ඓතිහාසික වගකීමක් අපි අනාගතයට වාර්තා තැබිය යුතු අතරේම රෝග ව්‍යාප්තිය ගැන මහජනයා දැනුවත් කිරීමටත් මේ දිනපොත උපකාර වෙයි කියල. ලංකාව වගේ රටක නෙවෙයි බටහිරදි වුනත් මේ වගේ මානව වගකීමක් ඉටු කිරීමට අමතක වීම සාමාන්‍ය ත්ත්වයක් බව මගේ බීබීසී ඇත්දැකීම් වලින්ම දන්නව.
අද දවස පටන් ගත්තේ මත්තේගොඩ නිවාස ඇතුලෙ කොරෝනා හැදිල හුදකලාව මැරිල හිටපු ස්ත්‍රියකගේ කතාවෙන්. රෝගය පැතිරීම ගැන කියැවෙන අවම හා උපරිම ප්‍රක්ෂපනයන් ගැන හිතන කොට අපි තාමත් බරපතල තත්වයට කිට්ටුවෙලවත් නෑ. තාම දුෂ්කරම තැනට එන්න කල් තියෙනව. රෝහල් දැඩි සත්කාර ඇඳන් පන්සීයක් විතරක් තිබෙන බව කියවෙන රටක එකවර රෝගීන් දහසක් සිටියත් සිදුවිය හැකි මරණ ප්‍රමානය හිතා ගන්න අමාරුයි.
සති තුනක් තිස්සේ ගෙදරටම කොටුවෙල ඉන්න කොට ඇහෙන්නෙ පාරේ බඩු විකුණන්න යන සංචාරක සිල්ලර වෙලෙන්ඳන්ගේ හඬ. බඩු ගේන වෑන් එකක් වුනොත් තුන් දෙනෙක් ඉන්නව. ත්‍රිරෝදයක් වුනොත් දෙන්නෙක් ඉන්නව. බොහෝ වෙලාවට පැරණි වෙළඳ පොල මිලෙන් දෙගුණයක් ඔවුන් ඉල්ලා හිටියත් කේවල් කරන්න හිතෙන්නේ නෑ. ජීවිත අනතුර හා වෙහෙස ගෙන ජීවත් වීමට ඔවුන් දරණා උත්සාහයට තවත් කීයක් හරි වැඩිපුර දෙන්න පුළුවන්නම් හොඳයි කියලයි මට හිතෙන්නේ.
ඇත්තටම අපි වගේ උදවියට තියෙන ලොකුම ප්‍රශ්ණය ආහාර වත් ජීවිතය කෙසේ හෝ බේරා ගැනීමවත් නෙවෙයි. හුදකලාව නිවසට කොටුවී සිටිද්දී එන මානසික ආතතියෙන් ගැලවීම ක්‍රම සොයා ගැනීමයි. හුඟක් වෙලාවට මේ වෙනුවෙන් හැන්දැවට මධුවිතක් ගැනීම’ දුම් වැටියක් දැවීම තරුණ මිත්‍රයෙක් ගේ උපකාරයෙන් කංසා ටිකක පානය කිරීම වැනි දෙවල් තමයි ඉස්සර මේ වෙනුවෙන් කලේ. දැන් ඒ පහසුකම් කිසිවක් නෑ. ඊයේ දුම් වැටියක් සොයා ගන්න අනුර [මල්වල] ට කතා කරාම රුපියල් අසූව ගානේ දුම්වැටි දහයක් හොයල දුන්න. අමාරුම කොටස මධු විතක් සොයා ගැනීම. සුගත්ට[තිරිමහවිතාන] මේ දුක කීවම වයි බෝතලයක් ගෙදරටම ගෙනත් දුන්න. ඒක අමෘතයක් වගේ දවස් තුනක් තියාගෙන බීව. පස්සේ කතා කල අපේ බන්ඩාරගම ඉන්න ව්‍යාපාරික මිත්‍රයන්ට. ඔවුන්ගෙන් කෙනෙකුට බාර් එකක් හෝ දෙකක් තියෙන වග මතක් වෙල. එහෙන් කිව්ව සුරාබදු එකෙන් ඇවිල්ල බාර් සීල් කරා කියල. මේක හරියට ‘පුක මහල බඩ යන්න බේත් දුන්න’ වගේ වැඩක්. ඊටත් එහාට ගිහිල්ල කිව්වොත් එතන මහල ජයපාල පොවනව වගේ වැඩක්. ඉතින් මම යෝජනා කලා ‘අපි බාර් එක කඩමු. බඩුවලට සල්ලි දෙන්නම්. ඔයා පොලිසියට කියන්න හොරු කඩල කියල’ මිත්‍රය ඒකට එකඟ වුනේ නෑ. මේ කොටසේ අමාරුම දුක විඳින්නේ මංජුල [පතිරාජ] හැබැයි එයා අපි වගේ කෑ නොගහ ‘පැමිණි දුක් පැණි රසයි කියල’ විඳිනව.
කොරෝනා දිනපොත [ජාතික එකක මේ කියන දෙවල් නෙවෙයි ඇතුලත් වෙන්නේ. ජාතික හා ජාත්‍යාන්තර තත්වයන්. ඒව මහජනයාට බලාගන්න සමාජ මධ්‍ය ඇතුලට දාන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන්. හැමදාම වගේ මේ විශ්ව වසංගතයත් පැතිරෙන කොටය්හ් කුමන්ත්‍රණ න්‍යායක් එලියට ඇවිත්. මේ වතාවේ කුමන්ත්‍රන කතාවේ රචකයෝ ජාතික සමාජවාදීන්වත් ජාතික වාදින්වත් නෙවෙයි ලිබරල් කල්ලි. ඔවුන්ට අතීතය ඉගැන්වීමට මැලෙරියාව [1930 -1936] බරවා රෝගය, ඊට පෙර තිබූ පරංගි, ඊටත් පෙර තිබූ වසුරිය වගේ රෝග පැතිරෙන කොට මේ කුමන්ත්‍රන කාරයෝ නොසිටීම වාසනාවක්. සමහර විට පරංගි වගේ රෝගයකට ඒ නම ලැබෙන්න ඇත්තෙ මේ කුමන්ත්‍රණවාදීනේ මුතුන් මිත්ත්න් අතින් වෙන්න ඕන.
අද මේ වෙන කොට ලංකාවේ රෝගීන් ගනන 144ක්. මියගිය ගනන තුනක්. හෙට මේ තත්වය කොහොම වෙනස් වෙයිද?