බුදුන්වහන්සේගේ පළමු විසි වසර ශාසන ඉතිහාසයේ නිර්මලම අවදිය ලෙස හඳුන්වනු ලැබේ. එයට හේතුව ලෙස බොහෝ උගතුන් පවසන්නේ බුද්ධත්වය ලබාගත් සිදුහත් තවුසාගේ දහමට හිත ඇදීගිය, එසේම එම නිමල දහමේ ගැඹුරු තැන් ගැන දැනුම් පිපාසයෙන් සිටි බොහෝ දෙනකු, එම දමෙන් සිත සනසාගැනීමට පැවදි වීඇත. එකළ සසුන් ගතවූ එම භික්ෂූන් වහන්සේලාගේ ඒකායන අරමුණ වූයේ සසර දුකින් අතමිඳි නිවන් කරා යන ගනමට අවැසි භාවනානුයෝගී පිළිවෙත අනුගමනය කරමින් ඉතාම නිදහස් ජීවිතයක් ගතකිරීමයි. එබැවින් බුදු සසුනේ පළමු විසිවස නිර්මල කාලයලෙස හැඳින්වේ.
මෙම කාලය තුල අති විශාල වශයෙන් භික්ෂූන්ගේ වැඩිවීමක් සිදු විය. නව දහමට සිත්ගිය බාල මහළු තරුණ බොහෝ දෙනකු සසුන්ගතවූහ. ඔවුන්ට සාමාන්‍ය ජනයාගෙන්ද ඉහල පිළිගැනීමක් ලැබිණි. විශේෂයෙන්ම මේ පිළිගැනීම සහ සත්කාර සම්මාන කිරීම් එන්න එන්නම වැඩිවිය. බුද්ධත්වයෙන් වසර දහ අටක් දහනමයක් ගතවෙද්දී මෙම සත්කාර සම්මාන වලටම ගිජුවූ ඇතමුන්ද සසුගත වී ඇත. එහි ප්‍රතිපලයක් ලෙස බුද්ධත්වයෙන් විසිවන වසරේදී බුදුන්වහන්සේ තම භික්ෂු ශාසනයේ පළමු විනයනීතිය පැනවීමට කටයුතු කර ඇත.
මගේ මතකය නිවැරදි නම් මම කියවා ඇති විනයපිටයයේ පළමු විනය නීතිය පනවා ඇත්තේ සුදින්න නම් භිෂුවක් අරඹයාය. මම ඒ කතාව කියන්නට උත්සාහ නොකරමි. එහෙත් එම භිෂුවගේ ක්‍රියාකලාපයට විරුද්දත්වය ප්රකාෂකරමින් බුදුන් වහන්සේ පළමු විනය නීතිය භික්ෂූන්ට පනවන ලදී.
ඒ අනුව කිසිඳු භික්ෂුවකට මෛතූන සේවනය කළ නොහැකිය. අපේ වචනයෙන් කිව්වොත් කිසිඳු භික්ෂුවකට ලිංගික කටයුතුවලට නියැලිය නොහැකිය. කාන්තාවන් සමඟ ලිංගික එක්වීම තහනම් කරමින් බුදුන්වහන්සේ පැනවූ මෙම නීතිය කෙසේහෝ කඩා බිඳ දැමීමට මාන බලමින් සිටි උදායි නම් භික්ෂුවගේ හාස්‍යජනක ක්‍රියාව සටහන් කළයුතුමයි. විනය නීතියේ සඳහන් වන්නේ කාන්තාවක් සමඟ ලිංගිකව එක්වීම තහනම් බවයි. එහෙත් උදායි හිමියන් කවදත් අමුතු ජාතියේ වැඩ කරමින් මුළු විනය පිටකය පුරාම වාගේ වරින් වර මතුවේ. ඔහුගේ පළමු ක්‍රියාව නම් මියගිය කාන්තාවන්ගේ මළ සිරුර සමඟ ලිංගිකව එකතුවීමයි. එහිදී බුදුන්වහන්සේට දෙවන වරට තම විනය නීතිය වෙනස් කරන්නට සිදුවූහ. එයින්ද නොනැවතුනු උදායි හිමියන් මනුස්ස සිරුරක් වෙනුවට එලිච්චියන්, වෙළඹ, ආදී සතුන් පවා යොදා ගනිමින් තම ලිංගික අවශ්‍යතා ඉටුකර ගැනීමට ඔහු සමත් කම දැක්වීය. ඉන් පසුව බුදුන්වහන්සේට අඩුම වශයෙන් තිරිසන් ගත සතකු මාර්ගයෙන් හෝ ලිංගික ක්‍රියාකාරකම් වල නියැලීම තහනම් කරමින් පළමු වින නිතිය තව තවත් දැඩි කිරීමට එදා සිදු වූහ.
මම පසුගිය දිනෙක වෙනත් රටවල බුදුරුව යොදාගන්නා අයුරු විස්තර කරමින් ලියූ කුඩා ලිපියේද හමුදුරුවරුන්ගේ නොමනාකම් ගැන ලිව්වෙමි. කාන්තාවන් ඇසුරු කර ඔවුන් සමඟ රතීසුව විඳීම විනයානුකූලව භික්ෂුවට තහනම් ය. නමුත් අප්‍රසිද්ද තලයේ එය ජයටම කරගෙන යෑමට අපේ රටේ හාමුදුරුවරු සමත්කම් දක්වති. ඉඳ හිට එකක් දෙකක් මාට්ටුවෙනවා හැරෙන්නට ඉතිරි සියල්ලන්ට එය සාමාන්‍ය දෙයකි. මගේ කියවීම නම් එය අගය කළ යුතුය. බලෙන් තම ලිංගික කටයුතු කරගන්නට සාමණේර හිමිවරුන් යොදාගන්නවාට වඩා එය ඉතාම හොඳ තෝරාගැනීමක් යැයි එම ලිපියේ ලියා තැබුවෙමි.
එහෙත් අද ඔබට මම කියන්නට යන්නේ බුදුන් වහන්සේගේ කාලයේ සිටි සුදින්න හාමුදුරුවන්ටත් , උදායි හාමුදුරුවන්ටත් වඩා නරුම වූ තමන් සමීපයේ සිටින, තම දරුවන්හට මෙන් සලකාවි යැයි දෙමාපියන් සිහින දකින සාමණේර හිමිවරුන් තම අසික්කිත ලිංගික ක්‍රියාකාරකම් වලටයොදාගැනීම ගැන කියන්නටයි.
ඇතුගල්පුරවරයේ ඉතා ප්‍රසිද්ද පිරිවෙන් විහාරස්ථානයක මේ නොමනා වැඩේ සිදුවී ඇත. කුරුණෑගල , රිදීගම කරඳගොල්ලේ නාරද බෞද්ධ මධ්‍යස්ථාන පිරිවෙනහි ප්රධානාචාර්යවරයා හා විහාරාධිපති ලෙස කටයුතු කළ වෑඋඩවිල්ලි හත්පත්තුවේ සංඝ නායක හතරලියැද්දේ නාරද නම් තක්කඩියා මෙලෙස කුඩා සාමණේරවරුන් කිහිපදෙනකුම අපයෝජනයට ලක්කර ඇත.
මෑතක සිට පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමනේරයන් වහන්සේලා පිරිවෙන අතහැර යාමට පටන් ගැනීමත් සමඟ මේ පිළිබඳ පිරිවෙනහි ඉගැන්වීමේ කටයුතු වල නියුතු ස්වාමින් වහන්සෙලා කීප නමක් විසින් කළ සොයා බැලීමකදී විහාරාධිපති හිමියන්ගේ මෙම අපයෝජන ක්‍රියාවලිය හෙළිදරව් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
රාත්‍රී කාලයේදී ලොකු හාමුදුරුවෝ තමන්ට කාමරයට එන ලෙස පවසා ඇදේ දිගාවී “ඇඟ මසාජ් කරන්න” යනුවෙන් පවසන බවත් ඒ අතරතුර නොයෙකුත් නොමානා කටයුතු කරන බවත් අපයෝජනයට ලක් වූ කුඩා සාමනේරයන් වහන්සේලා පොලිසියට පවසා ඇත.
මෙලෙස අදාළ සැකකාර තක්කඩි භික්ෂුව සෑම රාත්‍රියකම කුඩා සාමනේරයන් වහන්සේලා හතරපස් දෙනකු පමණ සමූහ වශයෙන් විටින් විට අපයෝජනය කර ඇති බවයි පසුව හෙළිවන්නේ.
විහාරාධිපති කෲර අන්දමින් සලකමින්, විටින් විට අමානුෂික ලෙස පහර දීමත් සමඟ මෑතකදී පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ කුඩා සාමනේර දෙනමක් පිරිවෙනින් පැන ගොස් සිටියදී සොයා ගෙන ඇති අතර විහාරාධිපති හිමියන් තමන් වහන්සේලාට කාමරයට එන ලෙස කළ නියෝග ප්‍රතික්ශේප කළ නිසා මෙලෙස අමානුෂික ලෙස පහර දෙමින් කෲර අන්දමින් සළකන බව ද උන්වහන්සේලා වැඩිදුරටත් සඳහන් කර ඇත.
අද බුදුහාමුදුරුවෝ වැඩියොත් එක පංසලකවත් ඉන්නේ නෑ කියල දියාකඩුවේ සෝමානන්ද හිමියන්ගේ ලිපියක් රාවයෙන් උපුටාගෙන අපද කළකට පෙර පලකළෙමු. උන්වහන්සේගේ කතාවට තවත් එක් සාක්කියක් අද අපි ඔබට කිව්වෙමු. එහෙත් මේ ලාංකීය භික්ෂු සමාජයේ අපට ආරංචි වුණු තවත් එක් පුවතක් පමණි. මේ සටහන ලියන මොහොතේ ත් ලංකාවේ කොහෝ හෝ විහාරයක සාමණේර හිමිනමක් බලහත්කාරයෙන් අපයෝජනයට ලක්වන බව හිරිකිතෙන් වුවත් පැවසිය යුතුම වේ. මේ තක්කඩි භික්ෂූන්ගේ ළම අපරාධ නතරවන්නේ කවදාද…..?
සටහන: ඩෙස්කා කුඩාවිල