අත්තඩංගුවට පත්වී සිටින කොටි සාමාජිකයන්ට පොදු සමාව ලබාදිය යුතුයැයි නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුනා අම්මාන් කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.
ගුවන් යානාවලට ප්‍රහාර එල්ලකළ පුද්ගලයන්, හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ලකළ පුද්ගලයන්, ගම්මානවලට ඇතුල්වී ජන ඝාතන කළ පුද්ගලයන් වැනි දරුණු ක්‍රියාවල යෙදුනු 200කට අධික කොටි සාමාජිකයන්ව රඳවා තබා තිබේ.
සුළු අපරාධවලට සම්බන්‍ධ කොටි සාමාජිකයන්ට පමණක් සමාව ලබාදී ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම කළහැකි වුවත් අපරාධවලට සම්බන්න්ධ අයට එසේ කළ නොහැකි වබයි ආණ්ඩුවේ ප්‍රභලයන් විනයාගමූර්ති මුරලිදරන් මහතාට පවසා ඇත්තේ.
එහෙත් අප දන්නා තරමින් මේවනවිට ලංකාවේ බන්ධනාගාර කිහිපයකම එකඳු ඡෝදනාවක් හෝ නොමැති සිය ගණනක් කොටි සැක කරුවන් ලෙස නම්කරමින් සාමාන්‍ය තමිල් තරුණ තරුණියන් එහි ගාල් කර තිබේ. එක්කෝ ඔවුන් ට ඇති ඡෝදනා ඉදිරිපත් කළ යුතුය. නැතහොත් ඔවුන් නිදහස් කළ යුතුය. මේ වනවිට එම සැක කරුවන්ගේ පවුල්වල අනෙක් සාමාජිකයින් හට කොටි ලේබලය අලවමින් ඔවුන්ගේම ගම් දනව්වල කොන්කිරීම හා විවිධ තාඩන පීඩනයන් ට ලක්වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
සටහන : ඩෙස්කා කුඩාවිල