උතුරු පළාත් සභාවට 13වැනි සංශෝධනය යටතේ ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුයැයි අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
එළඹෙන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත මෙම පළාත් සභා මැතිවරණය 13වැනි සංශෝධනය යටතේ පැවැත්වන බවත් එම පළාතට සියළු බලතල ලබාදිය යුතුවීම තම ස්ථාරය බව හෙතෙම පවසා තිබේ.
කොළඹදී ඊයේ දින පැවැති මාධ්‍ය හමුවකදී උතුරු පළාත් සභා මැතිවරණය සම්බන්‍ධයෙන් අමාත්‍යවරයාගේ ස්ථාවරය ගැන විමසූ අවස්ථාවේදී හෙතෙම මේ බව පවසා තිබේ. මේ අතර 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරණය පැවැත්වීම රජයෙහි ස්ථාවරය බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.