ඔස්ට්‍රෙලියාවේදී සරනාගතයන් සම්බන්ධ නව නීතියක් අද දින සෙනට් සභාවේදී සම්මතකර තිබේ. නව පිළිවෙත අනුව මුහුදු මගින් එරටට ගොඩබසින ඕනෑම දේශපාලන රැකවරණ පතන්නකු ආගමන කටයුතු සඳහා නාවුරු හෝ පැපුවා නව ගිනි දුපත් වලට පිටත්කර හරිණු ඇත.
මෙතෙක් කල් එම ශාන්තිකර කලාපීය දුපත් වලට දින නියමයක් නොමැතිව පිටුවහල් කර යැවීමට රජයට හැකියාව ලැබුනේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියෙන් දුර බැහැර දුපත් වලට ගොඩ බසින පිරිස් පමණි.
ප්‍රධාන භූමියට ගොඩ බසින දේශපාලන රැකවරණ පතන්නන් හට මෙතෙක් සැලසුනු නීතිමය රැකවරණ අලුත් රෙගුලාසි අනුව අහෝසි වෙයි.
මතබේදයට තුඩු දෙන නව නීතිය පැමිණෙන්නන් වළක්වාලීමේ අරමුණින් ගෙන එන ලද්දක් බව වාර්තා කරුවන් කීවද, එය දේශපාලන රැකවල් සොයා එන්නන් ගේ නෛතික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නක් කරන අතර බෝට්ටු මගින් පැමිණෙන පිරිස් නවත්වා ලීමට සමත් නොවන බවයි ඇතැමුන් පවසන්නේ.
ඉන්දුනීසියාවෙන් හා ශ්‍රී ලංකාවෙන් මුහුදු මගින් ඔස්ට්‍රේලියාව බලා එන්නන්ගේ අඩුවීමක් පෙනෙන්නට නැති අතර මුන්නේස්වරමේ සිට යාත්‍රා කරන්නට සැරසී සිටි ලාංකිකයන් හතලිස් එක දෙනකු පසුගියදා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
කෙසේ නමුත් මෙම නව නීතියට විරුද්ධව ඕස්ට්‍රේලියානු මානව හිමිකම් සංවිධාන කිහිපයක්ම දැනටමත් තම විරෝධය ප්‍රකාශ කර ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.
සටහන : ඩෙස්කා කුඩාවිල
One thought on “ඕස්ට්‍රේලියාවට යන සරණාගතයින්ට අළුත් නීතියක්”
Excellent post however , I was wanting to know if you could write a litte more on this subject? I’d be very grateful if you could elaborate a little bit further. Appreciate it!