LTTE සංවිධානයෙහි හිටපු ත්රිකුණාමල දිස්ත්රික්ක දේශපාලනික අංශයේ ප්රධානි එලිලන්ගේ බිරිඳ වන ආනන්දි මෙවර උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් තරඟ කිරීමට නියමිත බව වාර්තාවෙයි.
දෙමළ ජාතික සන්ධානය විසින් අද දින නිකුත්කළ නාම යෝජනා ලැයිස්තුවේදී ආනන්දි එලිලන්ගේ නමද ඇතුලත්වී තිබීමෙන් මෙය තහවුරු වෙයි . ඇය යාපනය දිස්ත්රික්කයෙන් තරඟ වැදීමට නියමිතය.
ඇයගේ සැමියා වන එලිලන් අවසන් යුද සමයේදී ශ්රී ලංකා හමුදාව වෙත භාරවුණි. තමන් ඉදිරියේදීම තම සැමියා හමුදාව වෙත භාරවූ බවත් ඔහුව රැගෙන ගියේ හමුදාව බවත් ආනන්දි විසින් කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදී තිබුණි.
තම සැමියා ජීවතුන් අතර සිටින බව තමන් තවමත් විශ්වාශ කරනබවත්, ඔහුව නිදහස්කළ යුතු බවත් ආනන්දි දිගටම ඉල්ලා සිටී. අතුරුදහන්වූ තම සැමියා හා ඔහු පමණක් නොව යුද්ධයේ අවසන් දින කිහිපයේ අතුරුදහන්වූ පිරිස වහාම නිදහස් කළ යුතු බවත් ඇය දිගින් දිගටම ඉල්ලා සිටින ඉල්ලීමකි.
මේ පිළිබඳව අප හා අදහස් දැක්වූ දෙමළ දේශපාලන විචාරකයකු සඳහන් කර සිටියේ හිටපු LTTE සංවිධානයේ පිරිස් මෙසේ කිනම් හෝ දේශපාලන පක්ෂයකට එක්වීම අගය කළයුතු බවයි.
සටහන: ඩෙස්කා කුඩාවිල